2018 පොඳු රඳ මඬුලු ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වය ඕස්ට්‍රේලියාවේ “ගෝල්ඩ් කෝස්ට්” වලට

Spread the love

ඕස්ට්‍රේලියාවේගෝල්ඩ් කොස්ට් නගරය, ශ්‍රී ලංකාවේ හම්බන්තොට නගරය පරදා 2018 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වය දිනා ගත්තේය.ඒ අද අලුයම බටහිර කොදෙව් දූපත්හි ශාන්ත කිට්ස් දිවයිනේ පැවති තීරණාත්මක ඡන්ද විමසීමේදීය.

රටවල් 71ක නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් පැවති මෙම ඡන්ද විමසීමේදි ඔස්ට්‍රේලියාව ලබාගත් ඡන්ද සංඛ්‍යාව 43කි.ශ්‍රී ලංකාවේ හම්බන්තොට නගරය ලබා ගත්තේ ඡන්ද 27ක් පමණි.

2018 පොදු රාජ්‍යය මණ්ඩලීය ක්‍රීඩා උළෙල පැවැත්වීම සඳහා වන ඡන්ද විමසීම ශාන්ත කිට්ස් හා නේවිස් දූපත්හීදී පැවති අතර ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ, පා.ම නාමල් රාජපක්ෂ, මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, ජාතික ඔලිම්පික් කමිටු සභාපති හේමසිරි ප්‍රනාන්දු, හිටපු සුපිරි දඟපන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්, හිටපු සුපිිරි පිතිකරු අරවින්ද ද සිල්වා, හිටපු කෙටිදුර ධාවනශූරී ශ්‍රියානි කුලවංශ මහත්ම මහත්මීන් ඇතුළු 150 කට අධික පිරිසක් මෙහි සත්කාරකත්වය ලබාගැනීම වෙනුවෙන් ශාන්ත කිට්ස් හා නේවිස් දූපත් වෙත ගොස් සිටියහ.

RSL

Related Posts