ඉරානය සිය න්‍යෂ්ටික වැඩසටහන් වේගවත් කරයි

Spread the love

ඉරානය සිය න්‍යෂ්ටික වැඩසටහන් දැන් වේගවත්කොට ඇති බව යැයි ජාත්‍යන්තර පුවත්සේවා වාර්තා සඳහන් කරයි. එමෙන්ම ඉරානය න්‍යෂ්ටික අවි නිෂ්පාදනය කරගෙන යන බවද එම වාර්තාවේ සඳහන්ව ඇතිබව පැවසේ.

එමෙන්ම ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල්වල අදහසවී ඇත්තේ ඉරානය න්‍යෂ්ටික බෝම්බයක් නිෂ්පාදනය කිරීමේ වෑයමක නිරතව සිටින බවයි. එහෙත් ටෙහෙරාන පාලනය පවසන්නේ තම න්‍යෂ්ටික වැඩපිළිවෙල යොදාගනු ලබන්නේ හුදෙක් බලශක්ති නිෂ්පාදනය සඳහා පමණක්ම බවයි.

කෙසේ වෙතත් අන්තර්ජාතික පරමාණුක බලශක්ති ඒජන්සියේ වාර්තාව යොදාගනිමින් ඇමරිකාව, බ්‍රිතාන්‍යය හා ඊශ්‍රායෙලය එක්ව ඉරානයට පහරදීමේ උත්සාහ ගැනීමේ ඉඩ ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍යය සඳහන් කරන්නේ. එමෙන්ම ඊශ්‍රායෙලය විසින් ඉරානයට සිදුකරන ප්‍රහාරයකදී ඉරාන බෂර් න්‍යෂ්ටික බලාගාරය එහි ප්‍රධාන ඉල්ලකයක් වනු ඇතැයි එම වාර්තා පවසයි.

RSL

Related Posts