එජනිසයෙන් හා පොල් සංවර්ධන ඇමතිගෙන් ජනපතිට සුබපැතුම්

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ 66 වන ජන්ම දිනය හා දෙවන පදවි ප‍්‍රාප්තිය වෙනුවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය සුභාශිංසන පණිවිඩයක් නිකුත් කර ඇත. ‘ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ 66 වන ජන්ම දිනය හා ජනාධිපති දෙවන පදවි ප‍්‍රාප්තිය වෙනුවෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මෙන් ම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ගෞරවණීය උත්තමාචාරය පුදකරමු. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමන් 2005 නොවැම්බර් 17 වැනිදා පැවති මැතිවරණයෙන් සිය …

Continue Reading

සුදුකොඩි නඩුවේ බෙදුණු තීන්දුවකින් හිටපු හමුදාපතිට වසර 3 ක සිර දඬුවම්

සරත් ෆොන්සේකා මහතාට අද වසර තුනක සිර දඩුවම් නියම කෙරුණු සුදු කොඩි නඩුවේ තීන්දුව ත්‍රි පුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ බෙදුණු තීන්දුවක් ලෙස ප්‍රකාශයට පත් කෙරුණි. දීපාලි විජේසුන්දර සහ ඒ. ඉසෙඩ්. රසීන් යන විනිසුරුවරු මෙම දඩුවම නියම කළහ. ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ලේ අනෙක් විනිසුරු ඩබ්ලිව්.එම්.ටි.බි. වරාවැව මහතා මෙම තීරණය සමග එකඟ නොවුණි.වරාවැවගේ විරෝධයට හේතු දැක්වීමට පවා අනෙක් විනිසුරුවෝ දෙදෙනා ඉඩ නොදුන්හ. …

Continue Reading

දැන් මේ රජය හොර කච්චේරියක් වගේ – ආචාර්ය වික්‍රමබාහු

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදහන් කිරීම පිළිබඳව හා ඒ පිලිබඳව විවිධ පුද්ගලයින් හා පාර්ශව දක්වන අදහස් ගැන කරුණු දැක්වීම සඳහා ඊයේ (17) සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය මාධ්‍ය හමුවක් කැඳවා තිබිණ. මෙහිදී අදහස් දැක්වූ ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා, ‘දැන් මේ රජය හොර කච්චේරියක් වගේ. හොරට සහතික හදනව. හොරට මරණ සහතික දෙනව. දැන් හොරට ජීවත්වෙනව කියල සහතිකත් දෙනව. ඔක්කොම රජයට කරන්න පුළුවන්.’අතුරුදහන් කරන …

Continue Reading

ගෝල්ඩන් කී මූල්‍යවංචාවට සම්බන්ධ 5කට රටින් පිරවීම තහනම්

ගෝල්ඩන් කී මුදල් වංචා කිරීම සමිබන්ධයෙන් පවරා ඇති නඩුව අද කොළඹ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාගයට ගත් අවස්ථාවේදී එම නඩුවේ රජයේ සාක්ෂිකරුවන් ලෙස පෙනී සිටින පෙරදී ගෝල්ඩන් කී ආයතනයේ සේවය කල පුද්ගලයින් 5 දෙනෙකුට රටින් පිටවීම තහනමි කරමින් අධිකරණය අද නියෝග කරන ලදී. සාක්ෂිකරුවන් 5 දෙනාගේ විදේශ ගමන් බලපත‍්‍ර අධිකරණය භාරයට ගන්නා ලෙසත්, එමෙන්ම රුපියල් 10,000 ක බැඳුමිකරයකට යටත්ව ඔවුන්ව නිදහස් කෙරිනි. …

Continue Reading

ජනපති ජන්ම දින නිමිත්තෙන් කිරිඅම්මාවරුනට හා පියවරුනට දානමය පිංකමක්

හෙටට (18) යෙදෙන ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ 66 වන ජන්ම දිනය නිමිත්තෙන් කිරිඅම්මාවරුන් දහසක් හා පියවරුන් සියයක් වෙනුවෙන් මහා දානමය පුණ්‍යකර්මයක් අද (17) නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේ දී පැවැත්විණි. එම පිංකමට සහභාගීවීමට එහි සපැමිණි ජනාධිපතිතුමන්ට අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියන් ප්‍රමූඛ මහා සංඝරත්නය පිරිත් සජ්ජායනා කරමින් සෙත් පැතූ අතර එහි පැවැත්වුණු ආගමික වතාවත්වලට ජනාධිපතිතුමා ද එක් විය. අනතුරු ව පැවති මහා දානමය …

Continue Reading

සෙවනගල පවරා ගැනීමට එරෙහිව සෙවනගලින් පෙත්සමක්

නීතිමය ක්‍රියාදාමයකින් තොරව සෙවනගල සීනි කර්මාන්ත ශාලාව පවරා ගැනීම වළක්වාලමින් ඇමති මණ්ඩලයට රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අද අභියාචනාධිකරණයට සීමාසහිත සෙවනගල සීනි සමාගම විසින් පෙත්සමක් ගොනු කෙරිණි. අග්‍රාමාත්‍යවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලය කැබිනට් ලේකම් සුමිත් අබේසිංහ සහ නීතිපතිවරයා මෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබුණි. පෙත්සමේ සඳහන් වන්නේ සෙවනගල කර්මාන්ත ශාලාව අවුරුදු 50 කට රජයෙන් බදුගෙන ඇති බවත්, ඊට අයත් හෙක්ටෙයාර් …

Continue Reading

තැපැල්පති ගෙදර යා යුතුයි- තැපැල් සේවකයෝ

තැපැල් සේවකයින් ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය තෙවන දිනටත් අද ක්‍රියාත්මක වන අතර කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව ඉදිරිපිට තැපැල් සේවකයින් විසින් උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණි. ඔවුන් පවසන්නේ තැපැල්පති සිදු කළ දූෂණ වංචා මේ වන විට එළිවී අවසන් නිසා වරද පිළිගෙන පුටුව අතහැර යන ලෙසට තැපැල්පතිට බල කරන බවයි. තවදුරටත් තැපෑල විනාශ නොකර ගෙදර යන ලෙසත් තම සංගමය තැපෑල විනාශ කිරීමට තැපැල්පතිට කවදාවත් …

Continue Reading

පාඩු ලබන ආයතන රජය පවරා ගැනීමට එරෙහි පෙත්සම් 4 නිශ්ප්‍රභා වෙයි

පාඩු ලබන ව්‍යාපාර රජයට පවරා ගැනීමේ පනතට එරෙහිව ඉදිරිපත් වූ පෙත්සම් 4 ක් විභාගයට නොගෙන ප‍්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (15) තීරණය කළේය. අදාළ පෙත්සම් පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලූ අවස්ථාවේදී විනිසුරු මඩුල්ල ප‍්‍රකාශ කළේ පෙත්සම් විභාගයට ගැනීමට කිසිදු පදනමක් නොමැති බවයි. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නිමල් ගාමිණි අමරතුංගගේ සභාපතීත්වයෙන් යුත් මෙම පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ සෙසු සාමාජිකයන් වශයෙන් එස්.අයි.ඉමාම්, ආර්.කේ.එස්. …

Continue Reading

නැගෙනහිර පළාතේ පාලම් තුනක ප‍්‍රතිසංස්කරණ කටයුතු ඇරඹේ

මඩකලපු දිස්ත‍්‍රික්කයේ මහ ඔය අතුගඟ, මුන්දේනි සහ පුලාවඩි යන පාලම් තුනේ ප‍්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීම ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (15) සිදුවිය. ඒ 5 මාර්ගයේ පිහිටා ඇති පළලින් මීටර් 10.4 ක් සහ දිගින් මීටර් 26ක් වන මහ ඔය අතු ගඟ පාලම ඉදිකිරීම සඳහා වැය කරනු ලබන මුදල රුපියල් මිලියන 154 කි. දිගින් මීටර් 85ක් සහ පළලින් මීටර් …

Continue Reading

එක්නැලිගොඩ ගැන හිටපු නීතිපති කළ ප්‍රකාශය සැකසහිතයි

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ විදේශ රටක දේශපාලන රැකවරණ ලබමින් සිටින බවට තොරතුරු ඇතැයි හිටපු නීතිපති මො‍හාන් පීරිස් කළ ප්‍රකාශය ගැන සිය අවධානය යොමුව ඇතැයි නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පවසයි. එම ව්‍යා‍පාරයේ කැඳවුම්කරු සුනිල් ජයසේකර නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ මොහාන් පීරිස් ජිනිවාහිදී වද හිංසාවට එරෙහි එක්සත් ජාතීන්ගේ කමිටුව ඉදිරියේ ශ්‍රී ලංකා රජය වෙනුවෙන් එම ප්‍රකාශය කර ඇති බවය. හිටපු නීතිපතිවරයා, ප්‍රදීප් එක්නැලිගොඩ ජීවතුන් …

Continue Reading