තැපැල්පති ගෙදර යා යුතුයි- තැපැල් සේවකයෝ

Spread the love

තැපැල් සේවකයින් ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය තෙවන දිනටත් අද ක්‍රියාත්මක වන අතර කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව ඉදිරිපිට තැපැල් සේවකයින් විසින් උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණි. ඔවුන් පවසන්නේ තැපැල්පති සිදු කළ දූෂණ වංචා මේ වන විට එළිවී අවසන් නිසා වරද පිළිගෙන පුටුව අතහැර යන ලෙසට තැපැල්පතිට බල කරන බවයි. තවදුරටත් තැපෑල විනාශ නොකර ගෙදර යන ලෙසත් තම සංගමය තැපෑල විනාශ කිරීමට තැපැල්පතිට කවදාවත් ඉඩ නොතබන බවත් උද්ඝෝෂණකරුවන් පවසයි. දේශපාලන බලපෑම් සිදු කර තැපැල්පති නිදහස් වීමට සූදානම් වුවහොත් ලංකාව පුරා සිටින සියලු තැපැල් සේවකයින් එකතු කර ගෙන විශාල වැඩවර්ජනයක් හා උපවාසයක් සිදු කිරීමට කටයුතු කරන බව උද්ඝෝෂණයට සහභාගී වූ තැපැල් සේවකයින් අවධාරණය කරයි. එම උද්ඝොෂණයට එක්සත් ජාතික තැපැල් සේවක සංගමයේ සභාපති එච්.කේ නිහාල් හා මාධ්‍ය ලේකම් චින්තක බණ්ඩා යන අය සහභාගී විය.

කෙසේ වෙතත් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ ලිපි ලක්ෂ 10ක් පමණ ගොඩගැසී ඇති බවට වාර්තාවේ.

RSL

Related Posts