ශිෂ්‍යභාවය අහෝසිකිරීම බොරු චෝදනා මත සිදුවූවක් – අන්තරය
සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ සහ බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ සිසුන් 36 දෙනෙකුගේ පසුගිය දින කීපයේදි අසාධාරණ ලෙස ශිෂ්‍යභාවය අහෝසි කර ඇති බවටත්,අධ්‍යාපනය පුද්ගලීකරණයට එරෙහිව සටන්වදින ශිෂ්‍යධරයින් ගණනාවකගේ අධ්‍යාපනය කඩාකප්පල්කර ඇති බවටත් අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය එම කුමන්ත්‍රණය තරයේ හෙලා දකින බව නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර සිටී. අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය විසින් නිකුත් කල එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සදහන් වේ. …
Continue Reading
අනුමැතිය නොලත් පෞද්ගලික ස්වයංක්‍රීය ශාඛා හුවමාරු භාවිතය නීති විරෝධියි
-
RSL
-
November 23, 2011
-
Uncategorized
-
0 Comments
විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මඟින් අනුමත නොකළ පෞද්ගලික ස්වයංක්‍රීය ශාඛා හුවමාරු ( PABX) භාවිතය නීති විරෝධී වන බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පවසා ඇත. ඒ මහතා තවදුරටත් පැවසුවේ, ඇතැම් පාරිභෝගිකයින් ජංගම දූරකතන සිම් භාවිත පෞද්ගලික ස්වයංක්‍රීය ශාඛා හුවමාරු (PABX) උපකරණ භාවිතා කරන බවට මේ වන විට කොමිෂන් සභාවට …
Continue Reading
ත‍්‍රස්තවාදීන් අද අපට පහර දෙන්නේ මානව හිමිකම්වලට මුවාවෙමින් – ජනපති
-
RSL
-
November 23, 2011
-
Uncategorized
-
0 Comments
එදා ත‍්‍රස්තවාදීන් අපට පහර දුන්නේ සිවිල් ජනතාව අතර සිට බවත්, අද පහර දෙන්නේ ජනතාවගේ මානව හිමිකම්වලට මුවා වී බවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. ජනාධිපතිතුමා මෙසේ පැවසූවේ ඊයේ (22) පස්වරුවේ අරලිය ගහ මන්දිරයේ පැවැති කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ උපාධි ප‍්‍රදානෝත්සවය අමතමිනි. ත‍්‍රස්තවාදය පරාජය කොට වසර 02ක් ගත වුවත් තවමත් අපේ මව්බිමේ ජාතික ආරක්‍ෂාවට තිබෙන අභියෝගවල නිමාවක් නැති බව පැවසූ ජනාධිපතිතුමා, එදා …
Continue Reading
බණ්ඩාරනායක මහතා ශ්‍රි.ලං.නි. ප.යට කළ සේවය සදාතනිකයි – ඇමති මෛත්‍රිපාල
-
RSL
-
November 22, 2011
-
Uncategorized
-
0 Comments
එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මැතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් කළ මෙහෙවර කිසිදා අමතක කළ නොහැකි බවත්, පක්ෂය අගයන සැමරුම් උත්සව එතුමාට උපහාරයක් බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්, සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ජන්ම දිනය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 60 වන සංවත්සරය වෙනුවෙන් ඊයේ (20) පස්වරුවේ උඩුනුවර, ඩී.බී. විජේතුංග ජාතික …
Continue Reading
රජයේ සේවකයින්ට 10%ක් පඩි වැඩිවෙයි – අයවැයේ සහන
-
RSL
-
November 22, 2011
-
Uncategorized
-
0 Comments
රජයේ සේවකයින්ට 10%ක පඩි වැඩිවීමක් ඇතුළු ව සහන රැසක් 2012 අය-වැය යෝජනා මඟින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අද (21) විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවරට කියැවීමේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය. අපේ රජයේ 7 වැනි අය-වැය ලේඛනය ඉදිරිපත් කිරීමට ලැබීම සතුටක් බවත් මේ අවස්ථාවේ දී ඔබතුමා මූලාසනයේ සිටීමත් මට ප්‍රබෝධයක් බවත් ජනාධිපතිතුමා අය-වැය කතාව ආරම්භ කරමින් කතානායක චමල් රාජපක්ෂ මහතාගේ අමතා ප්‍රකාශ …
Continue Reading
2012 අය-වැය ඉදිරිපත් කිරීමට සුදානම්
-
RSL
-
November 21, 2011
-
Uncategorized
-
0 Comments
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දෙවනවර ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු ඉදිරිපත් කෙරෙන දෙවන අය-වැය ලේඛනය අද (21) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. පාර්ලිමේන්තුව අද පස්වරු 1.50ට රැස්‍වන අතර මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිතුමා අද පස්වරු 1.55ට අය-වැය කතාව ආරම්භ කරනු ඇත. අය-වැය දිනය වශයෙන් සාමාන්‍යයෙන් හඳුන්වනු ලබන, එසේ නැත්නම් විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවන දිනයේ දී සමාජයේ සියලුම අංශ අය-වැය …
Continue Reading
රටක නීතිය දේශපාලනය කරනවා නම් අපි යුක්තිය සොයාගෙන කොහේ යන්නද? – මාඳුළුවාවේ සෝභිත හිමි.
-
RSL
-
November 20, 2011
-
Uncategorized
-
0 Comments
රටක නීතිය දේශපාලනය කරනවා නම් අපිට යුක්තිය සොයා ගෙන කොහාටද යන්න තියෙන්නේ දැයි ඊයේ පස්වරුවේ කොළඹ පැවති සම්මන්ත්‍රණයක් අමතමින් පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියෝ පැවසුහ. පුරවැසි අයිතිය සහ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා නීතිඥයෝ යන සංවිධාන දෙකෙහි මූලිකත්වයෙන් එම සම්මන්ත්‍රණය පැවැත්විය. රටක නීතිය දේශපාලනය කරනවා නම් අපිට යුක්තිය සොයා ගෙන කොහාටද යන්න තියෙන්නේ මීනිමැරුම් නඩුවක් විභාග වෙමින් යද්දි ඒ නඩුව ඉල්ලා අස් කර ගන්නවා. ඒවාගේම ස්ත්‍රී දූෂණ …
Continue Reading
සියලුම ඒකාධිපති නායකයින්ට අත්වෙන්නේ එක ඉරණමයි – සුජීව සේනසිංහ
-
RSL
-
November 19, 2011
-
Uncategorized
-
0 Comments
සරත් ෆොන්සේකාට තුන් අවුරුදු සිරදඬුවමක් නියමවීමෙන් අනතුරුව ඊයේ(18) සවස සරත් ෆොන්සේකා මහතා බැලීමට වැලිකඩ බන්ධනාගාරය වෙත ගිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අර්ජුන රණතුංග, සුජීව සේනසිංහ සහ ටිරාන් අලස් යන මහත්වරුන් ඇතුළු පිරිසක් මාධ්‍යට අදහස් පළ කළහ. එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සුජීව සේනසිංහ මහතා මෙලෙස අදහස් පළ කළේය. “මේ රට බේරලා දුන්නු වාසනාවට එතුමාට ලැබෙන තෑග්ග තමයි මේක කියලා එතුමා හිනාවෙලා …
Continue Reading
රනිල් වැඩ කරන්නේ ආණ්ඩුවට අවශ්‍ය විදියට – එක්සත් භික්ෂු පෙරමුණ
-
RSL
-
November 19, 2011
-
Uncategorized
-
0 Comments
රනිල් වැඩ කරන්නේ ආණ්ඩුවට අවශ්‍ය විදියට බවත්, මේ වන විට එක්සත් භික්ෂු පෙරමුණද විසුරුවීමට කටයුතු යොදා ඇති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂය දිනවීමට කිසිම දෙයක් නොකරන බව ඊයේ (18) පුස්තකාල ප්‍රලේඛනයේ පැවති මාධ්‍ය හමුවකට එක්වූ එක්සත් භික්ෂු පෙරමුණ කියා සිටියේය. රනිල් වික්‍රමසිංහ යනු 1994 සිට මේ දක්වා 22 වතාවක් පැරදුණ නායකයෙක් බව ඔවුන් අවධාරණය කරයි. හාමුදුරුවරුන්ගේ …
Continue Reading
වර්ජනය නිසා ලිපි ලක්ෂ 16 ක් ගොඩගැහිලා
-
RSL
-
November 19, 2011
-
Uncategorized
-
0 Comments
වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ පමණක් ලිපි ලක්ෂ 16 ක් ගොඩගැසී ඇති බව තැපැල් වෘත්තීය සමිති පවසයි. තැපැල් වෘත්තීය සමිති එකමුතුවේ මාධ්‍ය ප්‍රකාශක කේ.එම්. චින්තක බණ්ඩාර මහතා කියා සිටින්නේ තැපැල්පතිවරයා ඉවත් කරන ලෙස බලධාරින්ගෙන් තමන් කළ ඉල්ලීමට මෙතෙක් යහපත් ප්‍රතිචාරයක් ලැබී නොමැති බවය. දැනට දින 6 ක සිට ක්‍රියාත්මක මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් ප්‍රාදේශීය තැපැල් සේවා ද …
Continue Reading