ටවුන් ප්ලෑනර්ස්ලාගේ අවධානය පිණිසයි!

නගරසභා සහ ප්‍රාදේශීයසභා වල තියෙන බස් නැවතුම්පොළවල් තාම අයත් වන්නේ ඔබේ විෂය පටිපාටියට ය කියා හිතමි. ඒනිසා වාර්ෂිකව ඒවායින් යම් ආදායමක් අදාළ ප්‍රාදේශීය පරිපාලන ආයතනයට උපයා දෙන්නට කටයුතු කරනවා නම් මැනවි. ඔය හැම හංදියක් ගානෙම තියෙන මනස්කාන්ත බස් නැවතුම්වල පිටත බිත්ති හතර වෙළඳ දැන්වීම් ප්‍රචාරණය සඳහා පෞද්ගලික සමාගම් වලට බදු දෙන්න පුළුවන්. ඒ මඟින් වාර්ෂිකව නගර සභාවට/ප්‍රාදේශීය සභාවට කීයක් හෝ …

Continue Reading

වසරක් තුළ රිමාන්ඩ් බන්ධනාගාර ගත කළ මුළු සංඛ්‍යාව 97,179ක්

2013 වර්ෂයේ කාන්තාවන් 767 දෙනෙකුට සිර ඳඩුවම් ලබා දී තිබෙන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ 2013 කාර්ය සාධක වාර්තාවේ සඳහන් වෙයි.එම වාර්තාවේ දැක්වෙන තොරතුරු වලට අනුව සිර දඬුවම නියම වුණු පිරිසෙන් වැඩි සංඛ්‍යාවක් පිරිමි වන අතර එම සංඛ්‍යාව 29,463කි. විවිධ අපරාධ සම්බන්ධයෙන් එම වසර තුළ රිමාන්ඩ් බන්ධනාගාර ගත කළ මුළු සංඛ්‍යාව 97,179ක් වන අතර එම පිරිස අතර පිරිමින් 91,500ක් ද කාන්තාවන් 5,679ක් …

Continue Reading

ජනාධිපති "ග්ලාස්ගෝ" සංචාරය ගැන මත දෙකක්

බ්‍රිතාන්‍යයේ ‘ග්ලාස්ගෝ’ හි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල විසි තුන් වන දා ආරම්භ කෙරුණේ ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ සහභාගිත්වයෙන් තොරවයි. පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක හවුලේ සභාපතිවරයා වන ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නොපැමිණීම ජාත්‍යන්තර අවධානයට ලක් විය. නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා පවසන්නේ ජනාධිපතිවරයා ‘ග්ලාස්ගෝ’ නොපැමිණීමට හේතු වී ඇත්තේ ආරක්ෂක ප්‍රශ්න සහ බ්‍රිතාන්‍ය ජනතාවගේ පහසුව සැලකිල්ලට ගනිමින් බවයි. තව දුරටත් හේතු පැහැදිලි කරමින් …

Continue Reading

ජනපති මහින්ද යළි දිවයිනට

ඉන්දුනීසියානු ජනාධිපති ආචාර්ය සුසිලෝ බැම්බැන් යුධොයොනෝ මහතාගේ විශේෂ ආරාධනයකට අනුව හතර වන බාලි ප‍්‍රජාතන්ත‍්‍රීය සංසදය ඇමතීමට ඉන්දුනීසියාව බලා පිටත් ව ගිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ(10) පස්වරුවේ ආපසු දිවයිනට පැමිණියේ ය. හතර වන බාලි ප‍්‍රජාතන්ත‍්‍රීය සංසදය 2011 දෙසැම්බර් 08 සහ 09 යන දෙදින ඉන්දුනීසියාවේ බාලි දූපතේ නුසා ඩුවාහි පිහිටි බාලි ජාත්‍යන්තර සම්මේලන මධ්‍යස්ථානයේදී පැවැත්විණි. මෙවර හතර වන බාලි ප‍්‍රජාතන්ත‍්‍රීය සංසදයේ …

Continue Reading

මේක ඉවර වෙන්නේ නිව්යෝක්වල එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් – රනිල්

“මේක ඉවර වෙන්නේ, නිව්කෝර්ක්වල එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් කියලා මම මතක් කරන්න කැමතියි“ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ පැවසුවේ ඊයේ(10) සරත් ෆොන්සේකා මහතාගේ මානව හිමිකම් උල්ලංඝනය කිරීමට එරෙහිව එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඉදිරිපත් කිරීමට අත්සන් දස ලක්ෂයක් ලබා ගැනීමේ වැඩසටහන ආරම්භ වූ අවස්ථාවේදීය. එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පළාත් සභා මන්ත්‍රීවරුන් සෙසු පක්ෂ නායකයින් පිරිසක් සහ සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් …

Continue Reading

ඡන්ද දූෂණයට විරුද්ධත්වය පාන්න නිරුවත් වෙයි

මේ කාන්තාවන් තිදෙනා නිරුවත් වී සිටින්නේ  රුසියාවේ පැවති ඡන්ද විමසීමක් දූෂිත නිසා එයට විරෝධය පල කිරීමටය. පසුගිය දෙසැම්බර් 4 වන දින රුසියාවේ පැවති ඡන්ද විමසීම අති දූෂිත යැයි හඬ නගමින් මොස්කව් නගරයේ cristo salvatore දේවස්ථානය ඉදිරිපිට දස දහස් ගණනින් ජනයා දින ගණනක් තිස්සේ උද්ඝෝෂනයක නිරත වෙමින් සිටින බව වාර්තා වේ. මෙයට නායකත්වය දෙමින් සිටින්නේ යුක්රේන් නගරයේ femen නමැති දේශපාලන ව්‍යපාරය …

Continue Reading

වාර්තාව ප්‍රසිද්ධ කරන තුරු ලංකා සංචාරය කල් දමනවා – නවනීතම් පිල්ලේ

උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන පිළිබද කොමිෂන් සභා වාර්තාව ප්‍රසිද්ධ කරන තුරු සිය ශ්‍රි ලංකා සංචාරය කල් දමන බව මානව හිමිකම් පිළිබද එක්සත් ජාතින්ගේ මහ කොමසාරිස් නවනීතම් පිල්ලේ මහත්මිය අවධාරණය කරන්නීය. ඇය පැවසුවේ, දැනට එම වාර්තාව ජනාධිපතිවරයා භාරයේ තිබෙන බවයි. නවීපිල්ලේ මහත්මිය ඒ බව පවසා ඇත්තේ ඉනර්සිටි ප්‍රෙස් ප්‍රවෘත්ති සේවය නගන ලද ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි. එක්සත් ජාතින්ගේ මහ ලේකම්වරයා පත් කළ …

Continue Reading

ජනඅරගල ව්‍යාපාරයේ යාපනය දිස්ත්‍රික් ක්‍රියාකාරීන් දෙදෙනෙකු ඊයේ සිට අතුරුදහන්

ජනඅරගල ව්‍යාපාරයේ යාපනය දිස්ත්‍රික් ක්‍රියාකාරීන් දෙදෙනෙකු ඊයේ සවස සිට අතුරුදහන්ව ඇති බව වාර්තාවේ. මෙලෙස අතුරුදහන්ව ඇත්තේ ජනඅරගල ව්‍යාපාරයේ යාපනය දිස්ත්‍රික් සංවිධායක ලලිත් කුමාර් වීරරාජු මහතා සහ එම ව්‍යාපාරයේ යාපනය දිස්ත්‍රික් සාමාජික කුගන් මුරුගන් මහතාය. ඔවුන් දෙදෙනා ඊයේ දිනයේදී අද දින( 10) යාපනය නගරයේදී පැවැත්වීමට නියමිත ජන අරගල ව්‍යාපාරයේ මාධ්‍ය හමුවක් සංවිධානය කිරීමේ කටයුතුවල නිරතව සිට ඇත. ඊයේ ( 9) සවස …

Continue Reading

“විදුලි ඒකක 90 සහනය 30ට බසී” පුවත ගැන කරුණු පැහැදිලි කිරීමක්

“විදුලි ඒකක 90 සහනය 30ට බසී” යන සිරස්තලය යටතේ ඊයේ (දෙසැම්බර් 09) රිවිර පුවත් පතෙහි පල වූ ප්‍රවෘත්ති වාර්තාව සම්බන්ධයෙනි. එම පුවතෙහි සඳහන් කරුණු සාවද්‍ය බව ඔබ වෙත දන්වා සිටිමු. අප අමාත්‍යාංශය මගින් ඉදිරිපත් කළා යැයි සඳහන් කැබිනට් පත්‍රිකාවක අඩංගු කරුණු උපුටා දැක්වු එම පුවත මගින් විදුලි ගාස්තු නිර්ණය කිරීම පිළිබඳ වැරදි වැටහීමක් මහජනතාව තුළ ඇතිකර ඇත. ශ්‍රී ලංකාවේ ජාතික …

Continue Reading