සති අන්ත සිනමා පටය – Apollo 18 (2011)
“ නිල වශයෙන් නවතන ලද Apollo 18 මෙහෙයුම 1973 දෙසැම්බර්වල ක්‍රියාත්මක වුවද නැවත කිසිදින පැමිණයේ නැත. ඒ නිසාම ඇමරිකාව ඉන් පසු සඳ ගවේෂණයට සූදානම් වූයේ නැත “ මෙම සිනමා පටයේ කතාව දිවයන්නේ මේ අනුවය. බිහිසුණු ලොම් ඩැහැගැන්වෙන විද්‍යාත්මක ප්‍රබන්ධ ගණයට අයිති වෙන සිනමා පටයකි. Release Date: August 25, 2011 Genre: Horror, Sci-Fi, Thriller Cast: Alexia Rasmussen, Kent Moran, Cybill Shepherd, …
Continue Reading
පුහුණු තරඟයට අදත් වර්ෂාවෙන් බාධා එන ලකුණු
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකා ආරාධිත කණ්ඩායම අතර පැවැත්වෙන තුන්දින පුහුණු ක්‍රිකට් තරගයේ දෙවැනි දිනයටත් වර්ෂාවෙන් බාධා එල්ල වනු ඇති බවට වාර්තා වෙයි. දකුණු අප්‍රිකා බෙනෝනිහිදී තරගය පැවැත්වේ. එරට කාලගුණ ආයතන වෙබ් අඩවියේ දැක්වෙන්නේ එම ප්‍රදේශයේ සෙල්සියස් අංශක 16ක උෂ්ණත්වයක් පවතිනු ඇති බවය. පළමු දිනය වු ඊයේ(09) වර්ෂාව හේතුවෙන් තරඟය නොපැවැත්විණ.
Continue Reading
එජාපය නායකයා 18 වෙනිදා නායකයා තෝරන්න සැරසෙයි
එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය තේරීම සඳහා වන ඡන්ද විමසීම දෙසැම්බර් 18 වනදා දහවල් 12.30 ට පැවැත්වීමට එම පක්ෂය තීරණය කර ඇතැයි වාර්තාවේ. කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයින් මෙන්ම කෘත්‍යාධිකාරී මණ්ඩල නියෝජනය නොකරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද මෙහිදී ජන්ද බලය හිමිවේ. තවද, මේවනවිට කාත්‍යාධිකාරී මණ්ඩලය සඳහා තවත් සාමාජිකයන් 29 දෙනකු පත් කිරීමට නියමිත අතර, එම පත්කිරීම් මේ මස 16 දිනට පෙර සිදු කරන්නට සියලු කණ්ඩායම් …
Continue Reading
ජගත් මානව හිමිකම් දින අද
-
RSL
-
December 10, 2011
-
විදේශීය
-
ජගත් මානව හිමිකම්
-
0 Comments
ජගත් මානව හිමිකම් දිනය අදට යෙදී ඇත. මෙවර එහි මාතෘකාව වී ඇත්තේ සමාජය, මාධ්‍යය හා මානව හිමිකම් යන්නයි. ඒ වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් බෑන් කී මූන් මහතා පවසන්නේ විශ්ව මානව හිමිකම් ප්‍රකාශනයට අනුව මේ වන විට ලෝකය පුරාම ජනතාව සිය අයිතීන්, යුක්තීන් හා ගෞරවය ඉල්ලා සිටීමට පෙලගැසී සිටින බවයි. එමෙන්ම එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා වැඩිදුරටත් දක්වා ඇත්තේ …
Continue Reading
රාජ්‍ය නත්තල් උත්සව සංවිධාන කටයුතු වලින් ඉවත් වීමේ තීරණයක්
මෙවර අනුරාධපුරයේ පැවැත්විමට නියමිත රාජ්‍ය නත්තල් උත්සවයේ සියලු සංවිධාන කටයුතුවලින් ඉවත්වීමට අනුරාධපුර රදගුරු නෝබට් අන්ද්‍රාදි හිමිපාණන් තීරණය කර තිබේ. මොරටුව, රාවතාවත්ත ළමා නිවාසය සම්බන්ධයෙන් ගෙන යන අසත්‍ය ප්‍රචාරවලට විරෝධය පල කිරීම එහි අරමුණ බව උන්වහන්සේ සඳහන් කළේය. මෙවර රාජ්‍ය නත්තල් උත්සවය අනුරාධපුර ශාන්ත ජෝෂප් ආසන දෙව්මැදුරේදී පැවැත්වීමට සැලසුම් කර තිබේ. අනුරාධපුර රදගුරු හිමියන් පැවසුවේ මේ සම්බන්ධයෙන් ක්‍රිස්තියානි කටයුතු දෙපාර්තමේන්තුවට දැනුම්දීමටද …
Continue Reading
දෙසැම්බර් 31 වනවිට 800,000 ක් සංචාරයකයින් – ලක්ෂ්මන් යාපා
දෙසැම්බර් මස 31 වන දින වනවිට සංචාරකයින් 800, 000 සම්පූර්ණ වනු ඇති බවට අපේක්ෂා කරන බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි. පසුගිය මාස 11 ක කාලය තුළ සංචාරකයින්ගේ පැමිණීමේ 22. 2% ක වර්ධනයක් දක්නට ලැබුණු බව ද අද(09) කොළඹ පැවති මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. සංචාරකයින්ගේ පැමිණීමේ ඉලක්කගත කළ 750, 000 නොවැම්බර් …
Continue Reading
ඉල්ලන සහන දෙන්න මට බලය නෑ – උදය ගම්මන්පිල
බස්නාහිර පළාත් පරිසර අමාත්‍ය උදය ගම්මන්පිල අද අධිකරණයේ පෙනී සිටිමින් කියා සිටියේ, ඉල්ලා සිටින සහන ලබාදීමට තමන්ට නීතිමය බලයක් නොමැති බැවින් වගඋත්තරකාර තත්ත්වයෙන් මුදාහරින ලෙසයි. උදය ගම්මන්පිල මහතා මෙසේ පවසා සිටියේ බස්නාහිර පළාත් නගර වැසි ජලයෙන් යටවීම වැළැක්වීම සඳහා වන ක්‍රියාමාර්ග පිළිබඳව සාමුහික වාර්තාවක් නීතිපති දෙපාර්තමේන්තුව මගින් ඉදිරිපත් කරන්නැයි, කොළඹ මහාධිකරණය ආපදා කළමනාකරණ අමාත්‍යවරයා හා බස්නාහිර පළාත් පරිසර අමාත්‍යවරයා ඇතුළු …
Continue Reading
කල්කටාවේ රෝහලක ගින්නකින් මේවන විට 70කට අධික සංඛ්‍යාවක් මරුට
-
RSL
-
December 9, 2011
-
විදේශීය
-
කල්කටා නගරය, ගිනි අනතුරු
-
0 Comments
ඉන්දියාවේ කල්කටා හී පිහිටි රෝහලක ඇති වූ ගින්නෙන් මේ වනවිට ලැබී ඇති තොරතුරු වලට අනුව 73 දෙනෙකු මිය ගිය බව සඳහන් වේ. අද උදෑසන පිපිරීමක් සමග ඇති වූ ගින්නෙන් මහල් පහකින් සමන්විත AMRI නමැති රෝහල තුල ගින්නක් හට ගත් අතර ඒ හේතුවෙන් විශාල පිරිසක් ගොඩනැගිල්ල තුල සිර වූහ. ගින්නත් සමග ඇති වූ අධික දුමාරය මෙසේ රෝගීන් සහ අනෙකුත් පුදගලියින් ඉන් …
Continue Reading
කරු ගැන ජෝන් කල ප්‍රකාශයට විරෝධය පල කරනවා – ඉමිතියාස් බාකීර් මාකර්
විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක ජෝන් අමරතුංග මන්ත්‍රීවරයා විසින් කරූ ජයසුරිය මන්ති‍්‍රවරයා සම්බන්ධයෙන් ඊයේ කරනු ලැබූ ප‍්‍රකාශයට තමා විරෝධය පලකරන බව හිටපු පාර්ලිමේන්තු මන්ති‍්‍ර ඉමිතියාස් බාකිර් මාකර් මහතා පැවසිය. එක්සත් ජාතික පක්ෂ සජිත් කණ්ඩායම විසින් කොළඹදී අද(09) පවත්වන ලද මාධ්‍ය හමුවකදී ඔහු ඒ බව සදහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ බාකිර් මාකර් මහතා පැවසුවේ කරූ ජයසුරිය මන්ති‍්‍රවරයාට පහර ගැසීම සඳහා විපක්ෂයේ ප‍්‍රධාන …
Continue Reading
නාවික හමුදාවේ 61වන සංවත්සරය අදයි
ශ්‍රී ලංකා නාවික හමුදාවේ 61 වන සංවත්සර දිනය අදට යෙදී තිබේ. නාවික හමුදා මාධ්‍යය ප්‍රකාශක කමාන්ඩර් කෝසල වර්ණකුලසූරිය මහතා පැවසූයේ ඒ වෙනුවෙන් ආගමික වැඩසටහන්වලට මුල්තැන දෙමින් විවිධ වැඩසටහන් දිවයින පුරාම සංවිධානය කොට ඇති බවයි. එමෙන්ම යුද්ධය අවසන් කිරීමට ප්‍රබල දායකත්වයක් සැපයූ නාවික හමුදාව දැන් රටේ සංවර්ධන ගමනේ පෙරගමන්කරුවෙකු වී සිටින බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසූවේය.
Continue Reading