ඉල්ලන සහන දෙන්න මට බලය නෑ – උදය ගම්මන්පිල

Spread the love

බස්නාහිර පළාත් පරිසර අමාත්‍ය උදය ගම්මන්පිල අද අධිකරණයේ පෙනී සිටිමින් කියා සිටියේ, ඉල්ලා සිටින සහන ලබාදීමට තමන්ට නීතිමය බලයක් නොමැති බැවින් වගඋත්තරකාර තත්ත්වයෙන් මුදාහරින ලෙසයි. උදය ගම්මන්පිල මහතා මෙසේ පවසා සිටියේ බස්නාහිර පළාත් නගර වැසි ජලයෙන් යටවීම වැළැක්වීම සඳහා වන ක්‍රියාමාර්ග පිළිබඳව සාමුහික වාර්තාවක් නීතිපති දෙපාර්තමේන්තුව මගින් ඉදිරිපත් කරන්නැයි, කොළඹ මහාධිකරණය ආපදා කළමනාකරණ අමාත්‍යවරයා හා බස්නාහිර පළාත් පරිසර අමාත්‍යවරයා ඇතුළු පිරිසකට අද දැනුම් දීමත් සමඟය.

ආපදා කළමනාකරණ අමාත්‍යවරයා, බස්නාහිර පළාත් පරිසර අමාත්‍යවරයා බස්නාහිර පළාත් පරිසර ආමාත්‍යවරයා, කොළඹ හිටපු නාගරික පරිපාලක ඇතුළු පිරිසක් එහි වගඋත්තරකරුවෝ වුහ.

ඒ, බස්නාහිර පළාත් නගර වැසි ජලයෙන් යටවීම වැළැක්වීමට ඇති බාධා ඉවත් කිරීමට ඇති බාධා ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස බලධාරීන්ට නියෝග කරන්නැයි, ඉල්ලා පරිසර සංවිධානයක් ගොනු කළ පෙත්සමක් යළි සලකා බලමිනි.

පරිසර යුක්ති කේන්ද්‍රය ගොනු කළ මෙම පෙත්සම මහාධිකරණ විනිසුරු ඩබ්ලිව්.පී.එම්. පී වරාවැව මහතා හමුවේ අද සලකා බැලුනි.

ජනවාරි 17 වෙනිදා නඩුව යළි කැඳවීමට නියමිතයි.

RSL

Related Posts