එජාපය නායකයා 18 වෙනිදා නායකයා තෝරන්න සැරසෙයි

Spread the love

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය තේරීම සඳහා වන ඡන්ද විමසීම දෙසැම්බර් 18 වනදා දහවල් 12.30 ට පැවැත්වීමට එම පක්ෂය තීරණය කර ඇතැයි වාර්තාවේ.

කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයින් මෙන්ම කෘත්‍යාධිකාරී මණ්ඩල නියෝජනය නොකරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද මෙහිදී ජන්ද බලය හිමිවේ.

තවද, මේවනවිට කාත්‍යාධිකාරී මණ්ඩලය සඳහා තවත් සාමාජිකයන් 29 දෙනකු පත් කිරීමට නියමිත අතර, එම පත්කිරීම් මේ මස 16 දිනට පෙර සිදු කරන්නට සියලු කණ්ඩායම් එකඟතාවකට පැමිණ තිබේ.

මෙවර පාර්ලිමේන්තු වාරය මේ මස 21 දිනෙන් අවසන් වන බැවින් ඊට පෙර පක්ෂයේ නායකත්ව අර්බුදයට ස්ථිර විසඳුමක් ලබාගත යුතුය යන්න පක්ෂයේ බහුතරයකගේ මතය වී ඇති අතර ඊට රනිල් කරු දෙපාර්ශ්වය ද එකඟතාව දක්වා ඇතැයි දැනගන්නට තිබේ.

ඒ අනුව, ජන්දය පැවැත්විය යුතු ආකාරය තීන්දු කිරීම සදහා, එම පක්ෂයේ උපදේශක කමිටුව සදුදා (12) රැස්වීමට නියමිතය.

RSL

Related Posts