ටවුන් ප්ලෑනර්ස්ලාගේ අවධානය පිණිසයි!

Spread the love

FB mathraනගරසභා සහ ප්‍රාදේශීයසභා වල තියෙන බස් නැවතුම්පොළවල් තාම අයත් වන්නේ ඔබේ විෂය පටිපාටියට ය කියා හිතමි. ඒනිසා වාර්ෂිකව ඒවායින් යම් ආදායමක් අදාළ ප්‍රාදේශීය පරිපාලන ආයතනයට උපයා දෙන්නට කටයුතු කරනවා නම් මැනවි.

ඔය හැම හංදියක් ගානෙම තියෙන මනස්කාන්ත බස් නැවතුම්වල පිටත බිත්ති හතර වෙළඳ දැන්වීම් ප්‍රචාරණය සඳහා පෞද්ගලික සමාගම් වලට බදු දෙන්න පුළුවන්. ඒ මඟින් වාර්ෂිකව නගර සභාවට/ප්‍රාදේශීය සභාවට කීයක් හෝ හොයා ගන්න පුළුවන්. ඒ එක්කම ඉතිරි ඉඩකඩ පාවිච්චියට අරං ඒ මාර්ගයේ ගමන් ගන්නා බස්රථ වල විස්තරය-ඒවා එන්නේ කීයටද, යන්නේ කොහාටද?, මේ බස් නැවතුම හා තදාසන්න ප්‍රදේශයේ සිතියමක්, ප්‍රදේශයේ පින්තූර කිහිපයක් යොදලා ආකර්ශනීය බව වැඩි කර ගන්න පුළුවන්. දැනටත් බොහෝ තැන්වල ඕක කෙරෙනවා. මම යෝජනා කරන්නේ, මෙහෙම නොකෙරෙන තැන්වලට මේ ක්‍රමය හඳුන්වලා දෙන්න කියලයි.

ඔබේ ප්‍රදේශයේ දේශපාලකයාට හෝ ඔහුගේ පක්ෂයේ හිතවතුන්ට තමන්ගේ මුහුණ බස් නැවතුමේ ප්‍රදර්ශනය කරන්න ඕනා නම්; අර වෙළඳ දැන්වීම් ප්‍රචාරණය සඳහා පෞද්ගලික සමාගම්වලින් අය කරන මුදලම අරං ඒක මන්ත්‍රී තුමාට වාර්ෂිකව බදු දෙන්නත් පුළුවන්.

රටේ ප්‍රාදේශීය පරිපාලන ආයතන බොහොමයක් දුවන්නේ මහභාණ්ඩාගාරෙන් පොම්ප කරන මුදලෙන්. ඒ ගාන සුළුවෙන් හෝ අඩුකරගන්නට ඔබේ යහපත් දායකත්වය දෙන්න.

මේ ගැන ඔබේ ප්‍රදේශයේ සංවර්ධන කමිටුව දැනුවත් කරන්න, කරුණාකරලා !

– නදීෂා චන්ද්‍රසේන

RSL

Related Posts