වසරක් තුළ රිමාන්ඩ් බන්ධනාගාර ගත කළ මුළු සංඛ්‍යාව 97,179ක්

Spread the love

ja2013 වර්ෂයේ කාන්තාවන් 767 දෙනෙකුට සිර ඳඩුවම් ලබා දී තිබෙන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ 2013 කාර්ය සාධක වාර්තාවේ සඳහන් වෙයි.එම වාර්තාවේ දැක්වෙන තොරතුරු වලට අනුව සිර දඬුවම නියම වුණු පිරිසෙන් වැඩි සංඛ්‍යාවක් පිරිමි වන අතර එම සංඛ්‍යාව 29,463කි.
විවිධ අපරාධ සම්බන්ධයෙන් එම වසර තුළ රිමාන්ඩ් බන්ධනාගාර ගත කළ මුළු සංඛ්‍යාව 97,179ක් වන අතර එම පිරිස අතර පිරිමින් 91,500ක් ද කාන්තාවන් 5,679ක් ද වේ.
මේ අතර බන්ධනාගාර සාමාන්‍ය සමාව යටතේ ගිය වසරේ සිරකරුවන් 7,937 දෙනෙක් නිදහස් කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.සිරකරුවන් 1,270 දෙනෙකු නිදහස් දිනය වෙනුවෙන් විශේෂ රාජ්‍ය සමාව යටතේ නිදහස් කර ඇතැයි බන්ධනාගාර කාර්යසාධක වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

RSL

Related Posts