වාර්තාව ප්‍රසිද්ධ කරන තුරු ලංකා සංචාරය කල් දමනවා – නවනීතම් පිල්ලේ

Spread the love

උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන පිළිබද කොමිෂන් සභා වාර්තාව ප්‍රසිද්ධ කරන තුරු සිය ශ්‍රි ලංකා සංචාරය කල් දමන බව මානව හිමිකම් පිළිබද එක්සත් ජාතින්ගේ මහ කොමසාරිස් නවනීතම් පිල්ලේ මහත්මිය අවධාරණය කරන්නීය.

ඇය පැවසුවේ, දැනට එම වාර්තාව ජනාධිපතිවරයා භාරයේ තිබෙන බවයි.

නවීපිල්ලේ මහත්මිය ඒ බව පවසා ඇත්තේ ඉනර්සිටි ප්‍රෙස් ප්‍රවෘත්ති සේවය නගන ලද ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි.

එක්සත් ජාතින්ගේ මහ ලේකම්වරයා පත් කළ විද්වත් කමිටු වාර්තාවට මෙන්ම උගත් පාඩම් හා ප්‍රතිසන්ධානය පිළිබඳ වාර්තාවටද තම ප්‍රසාදය පළ කරන බව ඇය ප්‍රකාශ කර තිබේ.

දෙවන ධුර කාලය සදහාත් මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතින්ගේ මහ කොමසාරිස් ධුරයට තරග කිරීමට බලාපොරොත්තු වන්නේ ද යන්න පිළිබදව ඉනර්සිටි ප්‍රෙස් ප්‍රවෘත්ති සේවය ඇගෙන් ප්‍රශ්න කර තිබේ.

ඒ පිළිබද අදහස් දක්වා නොමැති නවි පිල්ලේ ‍මහත්මිය පවසා ඇත්තේ ඒ පිළිබදව තීරණයක් ගැනීමට තවත් මාස 6ක පමණ කාලයක් ඇති බවයි.

RSL

Related Posts