පළාත් සභා මන්ත්‍රීවරු ඇතුළු අපේක්ෂකයින් රැසක් එජාපයෙන් ගැලවී මෛත්‍රී සෙවණට එයි

කොළොන්නාව එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරීන් රැසක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය පල කර තිබේ. පසුගියදා ජනාධිපති නිල නිවසට පැමිණි එක්සත් ජාතික පක්ෂ හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී සුනිල් ලෙස්ලි කුරුවිටආරච්චි මහතා ප්‍රමුඛ 60 දෙනෙකුට ආසන්න පිරිසක් මෙලෙස සහය පල කර ඇත. එහිදී අදහස් දක්වමින් ඔවුන් පවසා ඇත්තේ ජනාධිපතිවරයා විසින් ගෙනයනු ලබන වැඩපිළිවෙළට සහ ඉදිරි පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට සිය …

Continue Reading

එජාපය බැඳුම්කරයට බිය වී මාධ්‍ය වාරණයකට මැකෝගේ පිහිට පතයි

මහ බැංකු බැඳුම්කර වාර්තාව නිකුත් කිරීමෙන් තම පක්‍ෂයට අගතියක්‌ සිදුවන නිසා ඒ පිළිබඳ දිගින් දිගට කරන ප්‍රචාර නවත්වන්නැයි එජාපයේ සාමාජිකයන් පිරිසක්‌ මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක්‌ කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි. පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ප්‍රකාශයට පත් කර තිබියදී මෙවැනි දෙයක්‌ සිදුවීමෙන් තම පක්‍ෂයට අගතියක්‌ සිදුවනවා සේම තවත් පක්‍ෂ කිහිපයකට ඉන් වාසි අත්වන බවද එජාපය දැනුම්දී ඇතැයි වාර්තා වෙයි. මෙම …

Continue Reading

ශ්‍රීලනිපයට ගහන්න එජාප මන්ත්‍රීවරුන් සැරසෙයි

වත්මන් ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරු කිහිපදෙනකු පසුගිය ආණ්ඩුව සමයේදී කළ මූල්‍ය අක්‍රමිකතා පිළිබඳව මේ මොහොතේදී ජනතාවට හෙළි කරන ලෙස එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කිරීමට නියමිතය. බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් මේ වන විට එක්සත් ජාතික පක්ෂයට චෝදනා එල්ලවී තිබිමත් සම්මුතිවාදී ආණ්ඩුවේ සාමූහිකත්වය බිඳ දමමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරු ප්‍රකාශ නිකුත් කිරීමත් …

Continue Reading

එජාපයේ මැතිවරණ ප්‍රචාරක මාධ්‍ය අංශය ජ.වි.පෙ.ට!

බැඳුම්කර කොමිසමි වාර්තාව එළි දක්වමින් ජනාධිපතිවරයා අපේක්‍ෂා කරන්නේ එක්සත් ජාතික පක්ෂය විනාශ කිරිමට බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා පැවසීය. ඔහු මේ බව පවසා සිටියේ පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් හැටන් දික්ඔය නගර සභාවට ජනතා විමුක්ති පෙරමුණෙන් තරග කරන අපේක්‍ෂකයන් හදුන්වා දිම සදහා අද (06) හැටන් දික්ඔය නගර සභා ශාලාවේ පැවති රැස්වීමට එක් වෙමිනි. කෙසේ වෙතත් මෙම ප්‍රකාශයත් …

Continue Reading

කෝප් කමිටුවේ UNP නියෝජිතයන්ගේ අංක පමණක් පිටවුණේ කොහොමද..? අගමැතිටත් ප්‍රශ්නාර්ථයක්!

බැඳුම්කර කොමිසමේ පරීක්ෂණයන්ට අදාළවන පරිදි ඇතැම් දුරකථන සංවාද සහ වාර්තා එළි දැක්වීම පසුගිය දා මහත් ආන්දෝලනාත්මක වීය. මේ හේතුවෙන් මෑතකදී වාත්ම අසීරුතාවට පත් වී සිටියේ සුජීව සේනසිංහ බව ප්‍රකට වීය. මේ සමඟම මේ දුරකථන ඇමතුම් වාර්තා පිටකිරීම සම්බන්ධව පියවර ගැනීම ද ඇතැමුන්ගේ විවේචනය බඳුන්වීය. මේ තත්ත්වය එළිපිට මෙන්ම අභ්‍යන්තරවද සිදුව ඇතැයි වාර්තාවේ. අගමැති රනිල් සමග එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීන් රටේ …

Continue Reading

ඒකාබද්ධයේ බහුතරය රාජපක්ෂ රෙජීමයෙන් ගැලවෙයි; එජාපයේ ඩීල් කොට උඩ (Exclusive)

මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ රාජපක්ෂවරුන්ට යටත් කොට පවත්වාගෙන ගිය ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබලයින් ප්‍රමුඛ බොහෝ මන්ත්‍රීවරුන් සංඛ්‍යාවක් මේ වන විට රාජපක්ෂ රෙජීමයෙන් ගැල වී තම සැබෑ දේශපාලන අරමුණ වෙනුවෙන් තම මව් දේශපාලන පක්ෂය වෙත පැමිණීමට තීරණය කොට ඇතැයි ඉතා විශ්වාසන්ත කටයුතු අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් ‘රීඩ් ශ්‍රී ලංකා’ වෙත වාර්තාවේ. ඒකාබද්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කල්ලිය ප්‍රමුඛ අනෙකත් ප්‍රගතිශීලි දේශපාලන පක්ෂවල විශාල මන්ත්‍රීවරුන් …

Continue Reading

ජනපති විවේචනය කළ එජාප මන්ත්‍රීන්ට අගමැතිගෙන් ප්‍රහාරයක්!

දේශපාලනයේ දී වගකීමෙන් ක්‍රියා කරන ලෙසත්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාව විවේචනය නොකරන ලෙසත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායමට ඊයේ (27) දැඩි ලෙස අවවාද කර ඇත. සම්මුතිවාදී ජාතික රජයේ පවතින එකඟතාවයන්ට හානිවන අයුරින් ප්‍රසිද්ධ ප්‍රකාශ නිකුත් නොකරන ලෙසද අගමැති වික්‍රමසිංහ මහතා මන්ත්‍රීවරුන්ට දැනුම්දී තිබේ. අගමැති වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ (27) සවස පැවැති …

Continue Reading

එජාප මන්ත්‍රීවරු ජනපති ගැන දැඩි කළකිරීමක..

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සම්බන්ධයෙන් තමන් දැඩි කළකිරීමකින් පසුවන බව රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පවසයි. ඇතැම් පිරිස්වල උවමනාවට එක්සත් ජාතික පක්ෂයේ තරුණ දේශපාලනය විනාශ කිරීමට ජනාධිපතිවරයා පංගු කාරයෙක් නොවිය යුතු බවද ඒ මහතා කියයි. පිටකෝට්ටේ පිහිටි සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී පසුගියදා(21) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කීය. “මම ඇත්තටම ජනාධිපතිතුමන් ගැන ඉන්නේ විශාල කළකිරීමක. …

Continue Reading

එජාපයට පැන්න ප්‍රබලයෝ පිරිසක් යළි පනින්න සැරසෙති

පසුගිය මහමැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සිට දේශපාලන පිහිට පතා එක්සත් ජාතික පක්ෂය සමඟ සම්බන්ධවී ‘අලියා’ ලකුණින් තරඟ වැඳුණු පිරිසක් යළි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පැනීමේ සූදානමක් පවතින බවට දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ. ඒ අනුව එක්සත් ජාතික පෙරමුණේ ප්‍රබලයින් සිව් දෙනෙකු ලඟදීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නායකත්වය දරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්වීමට සූදානමක් …

Continue Reading

මම දේශපාලනයට ආවේ පාර්ලිමේන්තු යන්න නොවෙයි; රාජපක්ෂ රෙජීමය අවසන් කරන්නයි- ෆීල්ඩ් මාෂල්

මම දේශපාලනයට ආවේ පාර්ලිමේන්තු යන්න නොවෙයි, මට අවශ්‍ය වුණේ රට පුරා ගොස්‌ මහින්ද රාජපක්‍ෂ ප්‍රමුඛ දූෂිත මිනීමරු රාජපක්ෂ රෙජීමයට එරෙහි මතයක්‌ ගොඩනඟන්න යැයි ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ප්‍රකාශ කළේය. ඒ මහතා එසේ සඳහන් කළේ පෙරේදා (14 වැනිදා) කිරිබත්ගොඩ තැඹිලිගස්‌මුල්ල ප්‍රදේශයේ පැවැති එක්‌සත් ජාතික පක්‍ෂ 13 වැනි ශාඛා සමිතිය පිහිටුවීමේ අවස්‌ථාවට එක්‌වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ සරත් ෆොන්සේකා මහතා – …

Continue Reading