කෝප් කමිටුවේ UNP නියෝජිතයන්ගේ අංක පමණක් පිටවුණේ කොහොමද..? අගමැතිටත් ප්‍රශ්නාර්ථයක්!

Spread the love

බැඳුම්කර කොමිසමේ පරීක්ෂණයන්ට අදාළවන පරිදි ඇතැම් දුරකථන සංවාද සහ වාර්තා එළි දැක්වීම පසුගිය දා මහත් ආන්දෝලනාත්මක වීය. මේ හේතුවෙන් මෑතකදී වාත්ම අසීරුතාවට පත් වී සිටියේ සුජීව සේනසිංහ බව ප්‍රකට වීය. මේ සමඟම මේ දුරකථන ඇමතුම් වාර්තා පිටකිරීම සම්බන්ධව පියවර ගැනීම ද ඇතැමුන්ගේ විවේචනය බඳුන්වීය. මේ තත්ත්වය එළිපිට මෙන්ම අභ්‍යන්තරවද සිදුව ඇතැයි වාර්තාවේ.

අගමැති රනිල් සමග එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීන් රටේ වත්මන් තත්ත්වය පිළිබඳව කළ සාකච්ඡාවක දී ද මේ දුරකථන ඇමතුම් කතාව කරළියට පැමිණ ඇති අතර එහිදී අදහස් දක්වා ඇති කිරිඇල්ල අමාත්‍යවරයා, “කෝප් එකේ විසි ගණනක් ඉඳලත් එජාප මන්ත්‍රිවරුන්ගේ දුරකතන ඇමතුම් ගැන විතරක් මාධ්‍යයට එළි කිරීම ගැන වරප්‍රසාද ප්‍රශ්නයක් තියෙනවා” යැයි පවසා ඇති අතර, “ඔව්, කතානායක නීතිපතිගෙන් ඒ ගැන වාර්තාවක් කැඳවාවි. වරප්‍රසාද කමිටුවටත් මේක යාවි. මේවා පළකරපු මාධ්‍යවල ප්‍රධානීන් හා පත්තර කර්තෘලත් කමිටුවට කැඳවන්න වේවි කියලා නීති අංශය මට උපදෙස් දුන්නා. මන්ත්‍රිලා හා සියලු පුරවැසියන්ගේ පෞද්ගලිකත්වය රැකෙන නීති සම්පාදනය කරන්නත් පියවර ගන්නවා” අගමැතිවරයා පවසා ඇත.

RSL

Related Posts