එජාපයේ මැතිවරණ ප්‍රචාරක මාධ්‍ය අංශය ජ.වි.පෙ.ට!

Spread the love

බැඳුම්කර කොමිසමි වාර්තාව එළි දක්වමින් ජනාධිපතිවරයා අපේක්‍ෂා කරන්නේ එක්සත් ජාතික පක්ෂය විනාශ කිරිමට බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා පැවසීය.

ඔහු මේ බව පවසා සිටියේ පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් හැටන් දික්ඔය නගර සභාවට ජනතා විමුක්ති පෙරමුණෙන් තරග කරන අපේක්‍ෂකයන් හදුන්වා දිම සදහා අද (06) හැටන් දික්ඔය නගර සභා ශාලාවේ පැවති රැස්වීමට එක් වෙමිනි.

කෙසේ වෙතත් මෙම ප්‍රකාශයත් සමඟ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රචාරක ලේකම් තනතුර සහ මැතිවරණ ප්‍රචාරක මාධ්‍ය අංශය ජනතා විමුක්ති පෙරමුණට කොන්ත්‍රාත් පදනමින් ලබාදී ඇතැයි යන ප්‍රශ්නාර්ථයක් මතුවේ. මන්ද යත් මෙතෙක් එක්සත් ජාතික පක්ෂයේ කිසිඳු මන්ත්‍රීවරයෙකුවත් නොකළ චෝදනාවක් ජනතා විමුක්ති පෙරමුණ විසින් ජනාධිපතිවරයාට එල්ල කිරීම හේතුවෙනි.

එසේම මෙතෙක් කාලයක් දේශපාලන වේදිකාව තුළ දෝංකාර දුන් තිබූ “රතු අලි” කතාවේ යම් සත්‍යයක් පෙන්නුම් කරන බවද දේශපාලන විචාරකයෝ පවසති.

කෙසේ වෙතත් මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු බිමල් රත්නායක මහතා කියා සිටියේ එම කොමිසම් වාර්තාවේ සදහන් පරිදි එම වංචාව සිදුකළ අයගෙන් මුදල් අය කර ගැනිමට නිති සකස් කර ගැනිමට පාර්ලිමේන්තුවට පනතක් ගෙන එන්නේ නම් එම පතනට සහයෝගය දක්වා ජනතා විමුක්ති පෙරමුණද ජන්දය ලබා දෙන බවයි.

මෙවර පළාත් පාලන මැතිවරණයේදි මහින්ද රාජපක්‍ෂ මහතා වට එක් රැස්වී තරඟ වදින්නේ එතුමා වටා සිටි පැරණීම හොරු කණ්ඩායම බව බිමල් රත්නායක මහතා කියා සිටියේය.

RSL

Related Posts