එජාපයට පැන්න ප්‍රබලයෝ පිරිසක් යළි පනින්න සැරසෙති

Spread the love

පසුගිය මහමැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සිට දේශපාලන පිහිට පතා එක්සත් ජාතික පක්ෂය සමඟ සම්බන්ධවී ‘අලියා’ ලකුණින් තරඟ වැඳුණු පිරිසක් යළි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පැනීමේ සූදානමක් පවතින බවට දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ.

ඒ අනුව එක්සත් ජාතික පෙරමුණේ ප්‍රබලයින් සිව් දෙනෙකු ලඟදීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නායකත්වය දරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්වීමට සූදානමක් පවතින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව එක්සත් ජාතික පෙරමුණේ කටයුතු කරන රාජිත සේනාරත්න, අර්ජුන රණතුංග යන ඇමැතිවරුත් එජාපයේ මහරගම සංවිධායක, හිටපු ඇමැති විජේදාස රාජපක්ෂ මහතා ශ්‍රීලනිපයට එක්වීමට කැමැත්ත පළකර ඇති බවත් තවත් එජාපයේ ප්‍රබලයෙකු ස්ථීර ප්‍රකාශයක් සිදු කර නොමැති බවත් වාර්තා වේ.

රාජිත සේනාරත්න, අර්ජුන රණතුංග අමාත්‍යවරුන් සහ විජේදාස රාජපක්ෂ හිටපු අමාත්‍යවරයාද මේ සම්බන්ධව ජනාධිපතිවරයා සමග සාකච්ඡා කර ඇති අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සම්භවයක් ඇති තවත් එක් මන්ත්‍රීවරයකු ජනාධිපතිවරයා එක්වීමට එකඟතාවය පල කර ඇත.

මේ අනුව ඉදිරි දිනවලදී ප්‍රබල දේශපාලන පිල්මාරුවක් සිදුවන බව එම ආරංචි මාර්ග පවසයි.

RSL

Related Posts