ආණ්ඩු පෙරළන්නේ හෝ හදන්නේ අංක ගණිතයට හෝ ව්‍යවස්ථාවට අනුකුලව පමණද..?

පාර්ලිමේන්තුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරු සියලු දෙනාත්, පොහොට්ටුවට සහාය දෙන මන්ත්‍රිවරු සියලු දෙනාත් සමඟ ජනතා විමුක්ති පෙරමුණ එකතු වුණත් තියෙන්නෙ මන්ත්‍රි ධුර එකසිය එකයි. ඒ නිසා මොනම හේතුවක් නිසාවත් අංක ගණිතය අනුව නම් මේ ආණ්ඩුව පෙරළීමට හැකියාවක් නැතැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති පිළිබඳ රාජ්‍ය ඇමැති අජිත් පී. පෙරේරා පසුගියදා බණ්ඩාරගමදී පැවසීය. රටේ පවතින වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳ …

Continue Reading

රනිල්ගෙන් මෛත්‍රීට හයිබ්‍රිඩ් ප්‍රහාරයක්! මෛත්‍රී වෙනුවෙන් සෙබළෙක් වත් නැති හැඩ!

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නිරන්තර ප්‍රහාරයට ලක්වන එක්සත් ජාතික පක්ෂය ඊට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ අනුමැතිය යටතේ තීරණයකට පසුගියදා එළඹ ඇතැයි එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග වලින් වාර්තාවේ. එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් දිගින් දිගටම නායක රනිල් වික්‍රමසිංහගෙන් කරන ලද ඉල්ලීමකට අනුව ඔහු මෙම තීන්දුවට පැමිණ තිබේ. එජාප නායක රනිල් වික්‍රමසිංහ හමුවූ එජාපයේ පසුපෙළ සහ ඉදිරි පෙළ මන්ත්‍රීවරුන් පවසා …

Continue Reading

ජනාධිපති හා එජාප ගැටුමට වන්දි ගෙවන්නේ රටේ ජනතාවයි

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට එක්සත් ජාතික පක්ෂය කෙරෙහි දැඩි විරසකයක් සහ විවේචනයක් පැවැතියද වත්මන් ආණ්ඩුව දිගටම ගමන් කරන බවත් ඒ හේතුවෙන් වන්දි ගෙවීමට සිදුවන්නේ මේ රටේ ජනතාවට බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් සඳහන් කළේය. පසුගියදා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැති සේනානායක ගුණ සමරු උළෙලට එක්වෙමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන එක්සත් ජාතික පක්ෂය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශය පිළිබඳ …

Continue Reading

2014 මම එජාපය සමඟ එකතු වුණේ ඩී.එස්.ගේ, ඩඩ්ලිගේ පක්ෂය කියලා හිතාගෙන (වීඩියෝ)

“2014 නොවැම්බර් මාසයේ රාජපක්‍ෂ ආණ්ඩුවෙන් එළියට ඇවිත් පොදු අපේක්‍ෂකයා විදිහට එක්සත් ජාතික පක්‍ෂයත් එක්ක ජනාධිපතිවරණයට සන්ධාන ගත වෙන කොට මං හිතා ගෙන හිටියේ ඩී.එස්. ගේ ඩඩ්ලිගේ පක්‍ෂයට තමයි එකතු වුණේ කියලා. එහෙත් ඩී.එස්.ගේ ඩඩ්ලිගේ එක්සත් ජාතික පක්‍ෂය නොවන බව මට තේරුණේ පසුවයි” ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවැසීය. ඩී.එස්., ඩඩ්ලි, එෆ්.ආර්. සේනානායක වැනි චරිත තුළ දූෂණය, වංචාව, හොරකම සහ නාස්තිය නොතිබුණු …

Continue Reading

තම කීර්ති නාමය කෙළෙසුවා කියා මාධ්‍ය ආයතනවලට එරෙහිව ඇමති සූජීව නඩු දානවලු

දක්ෂ කාර්යශූර තරුණ ඇමැතිවරයකු වූ තමන්ට විදුලි දුම්රිය ව්‍යාපෘතිය අලළා අභූත චෝදනා එල්ල කරමින් මාධ්‍ය හරහා තර්ජනය කළ “සිලෝන් හයි ස්පීඩ්” සාමාජිකයන්ටත්, ඊට දායක වූ මාධ්‍ය ආයතනවලටත් එරෙහිව තමන් වන්දි ඉල්ලා නඩු පවරන බව සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළෙ¼දාම පිළිබඳ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පවසයි. වත්මන් ජනාධිපතිවරයා බලයට ගෙන ඒමට විශාල කැප කිරීමක් කළ තමන් වැනි කාර්යශූර තරුණ දේශපාලනඥයකුගේ …

Continue Reading

මං දන්නේ නෑ; මට තේරෙන්නේ නෑ..

“පක්ෂය විනාශ කරන, ආණ්ඩුව විනාශ කරන, මේ මුළු මතවාදයම විනාශ කරන දෙතුන් දෙනෙක් ආණ්ඩුව තුළ ඉන්නවා. මොවුන් එළියට දැමීම අගමැතිවරයාගේ වගකීමක්. අගමැතිතුමාගේ අනාගතයත්, රටේ අනාගතයත්, රජයේ අනාගතයත්, පක්ෂයේ අනාගතයත් තීන්දු කෙරෙන්නේ අට පාස් නැති, ඡන්ද 05ක් ගත්තේ නැති මේ ඇමැතිවරුන් ඉවත් කරන දිනය අනුව. අට පාස් නැති ඇමැතිවරුන් ආර්ථිකය බලා ගන්න ඉන්නවා. පිටරට ඉඳලා ආපු ආර්ථික උපදේශකයෝ ඉන්නවා. ජනතාවගේ දහදිය …

Continue Reading

ආණ්ඩුවත්, පක්‍ෂයත් වනසන අට පාස් නැති දෙතුන් දෙනා එළියට දමනු..!

පක්ෂය විනාශ කරන, ආණ්ඩුව විනාශ කරන එසේම මේ මුළු මතවාදයම විනාශ කරන දෙතුන් දෙනෙක් ආණ්ඩුව තුළ ඉන්නා බවත් මොවුන් එළියට දැමීම අගමැතිවරයාගේ වගකීම… බවත්, අගමැතිතුමාගේ අනාගතයත්, රටේ අනාගතයත්, රජයේ අනාගතයත්, පක්ෂයේ අනාගතයත් තීන්දු කෙරෙන්නේ මේ අට පාස් නැති, ඡන්ද 05ක් ගත්තේ නැති මේ ඇමැතිවරුන් ඉවත් කරන දිනය අනුව බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි චතුර සේනාරත්න මහතා පැවැසීය. ඒ මහතා මේ අදහස් පළ …

Continue Reading

ජනපති සිරිසේන යළි ජනපති කරන්න එජාපය සාකච්ඡා කළේ නැහැලු

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරි ජනධිපතිවරණයේ පොදු අපේක්ෂකයා ලෙස නම් කිරීම සම්බන්ධයෙන් කිසිඳු සාකච්ජාවක් කර නැතැයි එක්සත් ජාතික පක්ෂය පවසයි. එක්සත් ජාතික පක්ෂය මෙලෙස පවසන්නේ “ජනපති යළිත් පොදු අපේක්ෂකයා කරන්න, ශ්‍රීලනිප-එජාප ඇමති සාකච්ජාවක්” යන්නෙන් අද(07) ඉරිදා ලංකාදීප මුල් පිටුවේ පළවූ පුවත පිළිබඳව ස්ථාවරය පැහැදිලි කරමිනි. මෙම අදාළ පුවත පුවත්පතට සැපයු මාධ්‍යවේදිනියට 16 කණ්ඩායම නියෝජනය කරන ජනපතිට හිතවත්ම මන්ත්‍රීවරයකු විසින් දුන් …

Continue Reading

ජනතාව මත බර පටවා අධීක්ෂණ මන්ත්‍රීවරුන්ගේ සැප තව වැඩි කරයි

රජය ආර්ථික අර්බුදයකට මුහුණදී ඇතැයි පවසමින් දිනපතා ජනතාව මත බදු බර පටවමින්, සීමා පනවමින් සිටින රජය අධීක්ෂණ මන්ත්‍රීවරුන් ලෙස පත් කර ඇති පිරිසට දැනට ලබාදී ඇති දීමනා සහ වරප්‍රසාදවලට අමතරව තවත් විවිධාකාර දීමනා සහ වරප්‍රසාද සංචාර ආදිය ලබාදීමට සැරසෙමින් සිටින බවට වාර්තාවේ. මෙලෙස අධීක්ෂණ මන්ත්‍රිවරුන් ලෙස පත්කර ඇති මන්ත්‍රිවරු පිරිසක්, ඒ සඳහා ලබාදෙන වාහනය සහ රුපියල් දෙලක්ෂයක මුදල ඇතුළු අනෙකුත් …

Continue Reading

ඉදිරි ජනාධිපතිවරණයට එන්නේ මොන සහෝදරයාද..? (වීඩියෝ)

ඉදිරි ජනාධිපතිවරණට ඉදිරිපත්වන්නේ මහින්ද රාජපක්ෂ මහතාගේ කුමන සහෝදරයාද යන්න එක්සත් ජාතික පක්ෂය ප්‍රශ්න කරයි. එම පක්ෂයේ නියෝජිතයින් ඊයේ(13) පෙරවරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ මාධ්‍ය හමුවක් පවත්වමින් මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. මීට පෙර 13+ ලබා දෙන බවට මහින්ද රජපක්ෂ මහතා ඉන්දියායේ හිටපු අග්‍රාමාත්‍යවරයාට පොරෝන්දු වූ බවත් නමුදු ලංකාවට පැමිණ පවසන්නේ වෙනත් කථාවක් බව පාර්ලිමේන්තු මන්‍ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පෙන්වා දෙයි. හිටපු …

Continue Reading