“එජාප-දෙමළ සන්ධාන” ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙයි; ශ්‍රීලනිපයෙන් පැන්න අවස්ථාවාදීන්ට යන එනමන් නැතිවෙයි

“එජාප-දෙමළ සන්ධාන” නව රජයේ කැබිනට් මණ්ඩලයේ දිවුරුම් දීම අද (20) සිදුවිය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති මෙම දිවුරුම් දීම ජනාධිපතිවරයාගේ නිල කාමරයේදී වෙන් වෙන් වශයෙන් සිදුවීම සුවිශේෂී එකක් වෙයි. එසේම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රතිඥා දුන් ආකාරයකටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසිඳු මන්ත්‍රීවරයෙකුට අමාත්‍යධුර ලබානොදීම සුවිශේෂීය. “එජාප-දෙමළ සන්ධාන” නව රජයේ දිවුරුම් දුන් සියලු අමාත්‍යවරුන්ගේ විස්තර පහතින් දැක්වෙයි. …

Continue Reading

මහින්ද විපක්ෂ නායක ධුරයට; දෙපිට කාට්ටු දෙමළ සන්ධානය වෙට්ටු දමයි

2015 වසරේ සිට පාර්ලිමේන්තුවේ සැබෑ විපක්ෂ නායකත්වයේ භූමිකාවට පණ පෙවූ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ අද(18) නිල වශයෙන් විපක්ෂ නායකයා ලෙස පත් කරන බව කථානායක කරූ ජයසූරිය නිවේදනය කර තිබේ. එමෙන්ම විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධූරය සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර පත් කරන බවද කථානායකවරයා දැනුම්දුන්නේය. කෙසේ වෙතත් මෙතෙක් කල් නාමික විපක්ෂයක් ලෙස කටයුතු කළ දෙමළ ජාතික සන්ධානය …

Continue Reading

ශ්‍රීලනිපය, “එජාපෙ-TNA” ආණ්ඩුවට සහය නොදීමට තීරණය කරයි; අවස්ථාවාදීන් පිරිසක් රිංගන්න හදයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය “එක්සත් ජාතික පෙරමුණ සහ දෙමළ ජාතික සන්ධාන” ආණ්ඩුවට සහය නොදැක්වීමට තීරණය කර ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ නායක ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ(17) පස්වරුවේ පැවති සාකච්චාවකදී මෙම තීරණය ගෙන ඇත. ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 21 දෙනාම සාකච්ඡාවේදී මෙම තීරණයට එකග වී තිබේ. මේ අතර වාර්තා වන්නේ ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරුන් තුන් හතර දෙනෙකු ඇමතිකම් …

Continue Reading

ආර්.සම්බන්දන්ට විපක්ෂනායක ධුරය අහිමිවෙයි!

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහට අග්‍රාමාත්‍ය ධුරය ලබාදීමට දෙමළ ජාතික සන්ධානය සහාය පළ කිරීමත් සමඟ එම සන්ධානයේ නායක ආර් සම්බන්දන්ට තව දුරටත් විපක්ෂ නායක ධුරය දැරිය නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පවසයි. කොළඹ අද(12) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධූරය සඳහා පාර්ලිමේන්තුව තුළ විශ්වාසය පළ කරන මොහොතේදී එක් පසකින් ඔහු …

Continue Reading

කරූගේ පාර්ලිමේන්තුවේ එ.ජා.පෙ. රැස්වී රනිල් අගමැති කළ අද පිටපත ජනපතිට යවයි

එක්සත් ජාතික පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී කථානායක කරූ ජයසුරියගේ ප්‍රධානත්වයෙන් අද(12) රැස්වූණු එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධ නිල සහ නිලනොවන පක්ෂ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ යළි අගමැති කළ යුතු බවට යෝජනාවක් එම පාර්ලිමේන්තුවේ සම්මත කර එය ජනාධිපතිවරයා වෙත යවා ඇත. අදාළ යෝජනාව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර ඒ පිලිබද …

Continue Reading

එජාපෙ ආණ්ඩුවක් පිහිටුවන්න සියල්ල සූදානම්! ඇමතිකම් පිළිබඳවත් සාකච්ඡා..

දෙමළ ජාතික සන්ධානය විසින් එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවක් පිහිටුවීමට අවශ්‍ය සහය ලබාදෙන බවට ඊයේ(29) ජනාධිපතිවරයා වෙත ලිඛිතවම දන්වා තිබූ අතර ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අද(30) දෙපාර්ශවයම කැඳවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තීරණය කර ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග වාර්තා කරයි. ඒ අනුව නව එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවක් පිහිටුවීමට අවශ්‍ය කටයුතු එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ඊයේ(29) රාත්‍රියේ සිටම සිදුවන …

Continue Reading

එජාපෙ ආණ්ඩුවක් වෙනුවෙන් සහය දක්වන බව දෙමළ ජාතික සන්ධානය ජනපතිට ලිඛිතවම කියයි

එක්සත් ජාතික පෙරමුණ නායකත්වය දක්වන ආණ්ඩුවකට සහය දක්වන බව දෙමළ ජාතික සන්ධානය ප්‍රකාශ කර තිබේ. ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් එම සන්ධානය මේ බව දැනුම්දී ඇති බව සඳහන්ය. එම ලිපිය මඟින් දෙමළ ජාතික සන්ධානය දැනුම්දී ඇත්තේ වත්මන් අග්‍රාමාත්‍යවරයාට එරෙහි ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තු බහුතරයකින් සම්මත වී ඇති බැවින් මෙම තීරණයට එළඹ ඇති බවයි. පාර්ලිමේන්තුව තුළ එක්සත් ජාතික පෙරමුණට බහුතර …

Continue Reading

කරූගේ ප්‍රධානත්වයෙන් රැස්වුණු පාර්ලිමේන්තුව ඒකාබද්ධ විපක්ෂයට පමණක් සීමාවෙයි!

එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කරූ ජයසුරියගේ ප්‍රධානත්වයෙන් රැස්වුණු ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රධාන නිල නොලත් පක්ෂය වන එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම සහ එම පෙරමුණේම නව ශාඛ්‍යා සමිතියක් බවට පත්ව ඇති ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් අද(27) පාර්ලිමේන්තුවේදී රැස්වී කතා කිහිපයක් පවත්වා පාලු ගෙයි වලං බිඳීම අවසන් කර ඇත. ඒකාබද්ධ විපක්ෂයේ නිල විපක්ෂය වන දෙමළ ජාතික සන්ධානයද එහි නොනිල නායක සුමන්තිරන්ගේ නායකත්වයෙන් …

Continue Reading

මහමැතිවරණයට එජාපෙය “හංසයා” ප්‍රමුඛ පුළුල් සන්ධානයකින්..!

ජනාධිපතිවරයා විසින් හදිසියේ කැඳවන ලද මහමැතිවරණයට මුහුණදීම සඳහා එක්සත් ජාතික පෙරමුණ පුළුල් සන්ධානයක් ගොඩනැඟීමට කටයුතු කරමින් සිටින බවට අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ. එක්සත් ජාතික පක්ෂය සමඟ දැනට සන්ධාන ගත වී සිටින දේශපාලන පක්ෂ හැරුනු කොට ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය යන ප්‍රධාන සුළු පක්ෂ සමඟින් එක්ව මෙම නව සන්ධානය ගොඩනැඟීම සඳහා වන මූලික සාකච්ඡා මේ වන සිදුවෙමින් …

Continue Reading

රටේ ස්ථාවරත්වය වෙනුවෙන් ජනාධිපතිවරයා ගන්නා ඕනෑම ක්‍රියාමාර්ගයකට අවශ්‍ය පූර්ණ සහය ලබාදෙනවා

අනෙකුත් සියලු දේශපාලන පක්ෂවල සහයෝගය ඇතිව රටේ දේශපාලන තත්ත්වය ස්ථාවර කිරීම සඳහා ජනාධිපතිවරයා ඉදිරියේදී ගන්නා ඕනෑම පියවරකට දෙමළ ජාතික සන්ධානය පූර්ණ සහයෝගය දෙන බවද දෙමළ ජාතික සන්ධානය අද(07) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමඟ පැවති සාකච්ඡාවෙන් අනතුරුව දෙමළ ජාතික සන්ධානය නිකුත් කළ නිවේදනයේ මේ බව දැක්වේ. එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ. “දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්පන්දන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන …

Continue Reading