බලාගෙනයි! ඖෂධ 23ක් මතට විකුණන ජාවාරමක්!

දරුණු ගණයේ රෝග වැළඳී ඇති රෝගීන්ට ලබාදෙන සුවිශේෂී ඖෂධ වර්ග 23ක් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මත්පෙති වශයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම් හරහා අලෙවිකරන බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය සහ ‍ඖෂධ නියාමන අධිකාරිය මඟින් හෙළිකරගෙන තිබේ. ‍ මෙම ජාවාරම ජාත්‍යන්තරය හා සම්බන්ධ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ජාලයක් ලෙස ක්‍රියාත්මක වන බවද හඳුනාගෙන තිබේ. එම ජාවාරම කළ පුද්ගලයන් ගණනාවක් ද අත්අඩංගුවට ගෙන ඇත. මේ හේතුව නිසා මෙම …

Continue Reading

රනිල්ගෙන් මහින්දට වෙලාවක්‌

තමා ස්‌විට්‌සර්ලන්තයේ සංචාරයක නිරතවන බැවින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාට ආණ්‌ඩුව පෙරළීමට උත්සාහ කළ හැකි යෑයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (02 දා) කියා සිටියේය. ඊයේ පෙරවරුවේ අරලියගහ මැඳුරේදී මහා සංඝරත්නයේ ආශීර්වාද මධ්‍යයේ නව වසරේ වැඩ අරඹමින් අගමැතිවරයා රාජ්‍ය ආයතන ප්‍රධානීන් ඇතුළු පිරිසක්‌ හමුවූ අතර 2017 වසරේ ආණ්‌ඩුව පෙරළන බවට හිටපු ජනාධිපතිවරයා කර තිබූ ප්‍රකාශය පිළිබඳව මාධ්‍ය විමසද්දී අගමැතිවරයා ඉහත …

Continue Reading

25,000 දඩයට පොලිසිය සූදානම්!

රථ වාහන වැරදි කිහිපයකට අදාළව අයවැයෙන් යෝජිත රුපියල් විසිපන්දහසේ දඩය ක‍්‍රියාත්මක කිරීම කඩිනමින් සිදු කිරීමට අපේක්ෂා කරන බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා නව වසර වෙනුවෙන් රාජකාරී ආරම්භ කිරීමේ අවස්ථාවට ඊයේ (02) එක්වෙමින් පැවසීය. ඔහු සඳහන් කළේ යෝජිත රුපියල් විසිපන්දහසේ දඩය සම්බන්ධයෙන් මේ වනවිට සිදු කරන සාකච්ඡා අවසන් වීමෙන් පසුව තරාතිරම නොබලා එය ක‍්‍රියාත්මක කරන බවත් එම දඩ මුදල් ක්‍රමවේදය අත්‍යාවශ්‍ය …

Continue Reading

විමල්ගේ වීරවංශ පවුලට මහින්ද සැප දී කොටු වෙයි (විශේෂ)

වත්මන් කු.පා.ම. මහින්ද රාජපක්ෂගේ දේශපාලන උපදේශකයා වන පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ විසින් අවභාවිත කරන ලද වාහන සංඛ්‍යාව 58ක් බව මේ වනවිට හෙළි වී ඇතැයි වාර්තා වේ. මෙයින් වාහන 07ක් ජනාධිපති කාර්යාලය විසින් කුලී පදනම මත ලබා ගෙන ජාතික නිදහස් පෙරමුණට ලබා දී ඇති අතර එම වාහන 07ම ‍විමල් වීරවංස මහතා විසින් පෞද්ගලික පරිහරණයට යොදා ගෙන ඇති බවට තොරතුරු අනාවරණය වී …

Continue Reading

පාර්ලිමේන්තුවේ 92% ක් O/L අසමත්!

රට පාලනය කරන දේශපාලනඥයන් උගතුන් බුද්ධිමතුන් විය යුතු වුවත් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව දැනට නියෝජනය කරන පිරිසෙන් 92% ක් පමණ සාමාන්‍යපෙළ විභාගයවත් සමත්ව නැතැයි සියම් මහා නිකායේ රංගිරි දඹුලු පර්ශ්වයේ මහා සංඝනායක ආචාර්ය ඉනාමලුවේ ශ්‍රී සුමංගල හිමියෝ පැවසූහ. මාධ්‍යවේදීන් පිරිසක් ඊයේ (01දා) මහා නායක හිමියන් බැහැදැකීමට ගිය අවස්ථාවේදී අදහස් දක්වමින් උන්වහන්සේ එසේ පවසා සිටියහ. එසේම උගත් කමක් නොමැති පිරිසකගෙන් නියමාකාර සංවර්ධනයක් …

Continue Reading

රට පුරා ලොතරැයි හිඟයක්!

ලොතරැයි ටිකට්‌පතක මිල රුපියල් දහයකින් වැඩි කළැයි විරෝධය පළ කරමින් ලොතරැයි අලෙවි නියෝජිතයෝ ඊයේ (01 දා) ලොතරැයි විකිණීම වර්ජනය කළහ. රුපියල් 20 ට තිබූ ලොතරැයි පතක මිල රු. 30 දක්‌වා වැඩිකර ඇතැයි ඔවුහු පවසති. මේ හේතුවෙන් ලොතරැයි අලෙවි කුටි සියල්ල වසා දමා ඇතැයි සමස්‌ත ලංකා ලොතරැයි අලෙවි නියෝජිතයන්ගේ සංගමයේ සභාපති ක්‍රිෂාන්ත මාරඹගේ මහතා පැවසීය. ලොතරැයි පතක මිල රු. 30 දක්‌වා …

Continue Reading

ජනපතිගේ ප්‍රාර්ථනාව අද ජාතිය හමුවට..

තිරසර යුගයක්! තේමාකොටගත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සමාජ, ආර්ථික හා පරිසර හිතකාමී රටක් බිහිකිරීමේ ප්‍රාර්ථනාව අද (02) උදේ 9.30ට කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපතිතුමා විසින් ජාතිය හමුවේ ප්‍රකාශයට පත්කැරේ. ජනාධිපතිතුමාගේ ප්‍රාර්ථනාව මුල්කොට ගනිමින් වසර 2030දී සමාජ, ආර්ථික හා පාරිසරික තිරසර බව ඇතිකරවන ජාතික ප්‍රතිපත්ති මාලාව සකස් කිරීමේ වගකීම විශේෂඥ විද්වත් මඬුල්ල වෙත භාරදෙන බව ජනාධිපති ලේකම් පී. බී. අබේකෝන් මහතා …

Continue Reading

අද සිට අධිවේගී මාර්ගවලට විශේෂ සහනයක්

සියලු අධිවේගී මාර්ගවල රාත‍්‍රී 09 සිට පාන්දර 05 දක්වා ධාවනය කරන රථවාහන සඳහා නියමිත ගාස්තුවෙන් රුපියල් 50ක මුදලක් අඩුකිරීමට තීරණය කර තිබේ. ඒ 2017 රජයේ අයවැය යෝජනා ක‍්‍රියාත්මක කරමින් උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශය මගිනි. මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති නිහාල් සූරියආරච්චි පවසන්නේ 2017.01.01 දින සිට ක‍්‍රියාත්මක වන පරිදි දක්ෂිණ අධිවේගී මාර්ගයේ සහ කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ ධාවනය කරනු ලබන සියලුම …

Continue Reading

රන්ජන් මාදිවෙලදී වෙඩි තබයි; අගමැති මැදිහත් වී නවතයි!

සමාජ සවිබල ගැන්වීමේ සහ සුබසාධන නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා මාදිවෙල මන්ත්‍රී නිල නිවාස භූමියේ වෙඩි තැබීමට පුහුණුවීම් සිදු කරන බවට මන්ත්‍රීවරුන් කළ පැමිණිල්ලකට අනුව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊයේ (23 දා) එම ක්‍රියාව නතර කරවන ලදී. පාර්ලිමේන්තුවේ කටයුතු ඊයේ න්‍යාය පත්‍රයට අනුව සිදු කෙරෙමින් තිබියදී ස්‌ථාවර නියෝග යටතේ ප්‍රකාශයක්‌ කිරීමට විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතාට මුලසුන …

Continue Reading

මරාගේ තුණ්ඩු මැරයින් ගැන බුද්ධි අංශ වාර්තාවක්!

රජය විසින් තාවකාලිකව පැනවූ වැට් බද්දට එරෙහිව විරෝධතා දැක්වීම සඳහා කඩ සාප්පු වැසීමට බලකර කඩසාප්පු හිමියන් වෙත තුන්ඩු බෙදූ කු.පා.ම. මහින්ද රාජපක්ෂ (ම.රා)ගේ මැරයින් පිළිබඳව සියලු තොරතුරු ඇතුළත් වාර්තාවක් රාජ්‍ය බුද්ධි අංශය විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ට ඊයේ (23) බාර දී තිබේ. රාජ්‍ය බුද්ධි අංශය විසින් බාර දුන් මේ වාර්තාවේ මාතර සහ ගම්පහ ප්‍රදේශවල කඩසාප්පු වැසීමට …

Continue Reading