අද සිට අධිවේගී මාර්ගවලට විශේෂ සහනයක්

Spread the love

සියලු අධිවේගී මාර්ගවල රාත‍්‍රී 09 සිට පාන්දර 05 දක්වා ධාවනය කරන රථවාහන සඳහා නියමිත ගාස්තුවෙන් රුපියල් 50ක මුදලක් අඩුකිරීමට තීරණය කර තිබේ.

ඒ 2017 රජයේ අයවැය යෝජනා ක‍්‍රියාත්මක කරමින් උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශය මගිනි.

මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති නිහාල් සූරියආරච්චි පවසන්නේ 2017.01.01 දින සිට ක‍්‍රියාත්මක වන පරිදි දක්ෂිණ අධිවේගී මාර්ගයේ සහ කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ ධාවනය කරනු ලබන සියලුම රථවාහන වෙනුවෙන් සංශෝධිත ක‍්‍රමයට මුදල් අය කිරීම සිදු කරන බවයි.

මෙය 2017 රජයේ අයවැය යෝජනා ක‍්‍රියාත්මක කරමින් සිදුකරන්නකි.

RSL

Related Posts