මරාගේ තුණ්ඩු මැරයින් ගැන බුද්ධි අංශ වාර්තාවක්!

Spread the love

mara-superරජය විසින් තාවකාලිකව පැනවූ වැට් බද්දට එරෙහිව විරෝධතා දැක්වීම සඳහා කඩ සාප්පු වැසීමට බලකර කඩසාප්පු හිමියන් වෙත තුන්ඩු බෙදූ කු.පා.ම. මහින්ද රාජපක්ෂ (ම.රා)ගේ මැරයින් පිළිබඳව සියලු තොරතුරු ඇතුළත් වාර්තාවක් රාජ්‍ය බුද්ධි අංශය විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ට ඊයේ (23) බාර දී තිබේ.

රාජ්‍ය බුද්ධි අංශය විසින් බාර දුන් මේ වාර්තාවේ මාතර සහ ගම්පහ ප්‍රදේශවල කඩසාප්පු වැසීමට බල කරමින් තුන්ඩු බෙදූ පුද්ගලයින්ගේ නම් ඡායාරූප සහ තොරතුරු සියල්ලම ඇතුළත් වන අතර තම වෙළඳ සැල්වසා දමා විරෝධතාවයට එක්වන ලෙස මාතර ප්‍රදේශයේ වෙළඳ සැල් හිමියන්ට තර්ජනය කළ දර්ශන ඇතුළත් සී. ඩී. පටයද ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට බාර දුන් වාර්තාව සමඟ අඩංගු වන බව වාර්තාවේ.

කඩ සාප්පු වසන ලෙස තුන්ඩු බෙදූ පුද්ගලයින් සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීම සඳහා අදාළ තොරතුරු අද (24) පොලිසියට බාර දීමට නියමිත බවද වැඩි දුරටත් වාර්තා වේ.

බෙලිඅත්තේ ලොකු මල්ලී නම් මැරයාගේ චරිතයට පණ පෙවූ වත්මන් කු.පා.ම. මහින්ද සහ පසුව ඔහුගේ පැටිකිරිය එළිවෙතැයි බියෙන් ඔහු විසින්ම ඝාතනය කරන ලද ඔහුගේ සඟයා වූ බෙලිඅත්තේ චණ්ඩි මල්ලීගේ බජාරයේ අයවලුන්ද 80 දශකයේදී දකුණේ මෙවැනි ප්‍රචණ්ඩත්වය පැතිරවීම් සිදුකරන ලදුව ඇත. ව්‍යාපාරිකයින්ගෙන් කප්පම් ගැනීම, තුණ්ඩු යවා මුදල් ඉල්ලීම, කඩ වසාදැමීම, පිටින් එන උන් පන්නා දැමීම ආදී පාදඩ මැරයෙකු සතු සියලු හැකියාවන් කු.පා.ම.මහින්ද නොහොත් ම.රා. සතු වන බව ඔහු ගැන දන්නෝ හොඳින්ම දනිති.

RSL

Related Posts