විමල්ගේ වීරවංශ පවුලට මහින්ද සැප දී කොටු වෙයි (විශේෂ)

Spread the love

වත්මන් කු.පා.ම. මහින්ද රාජපක්ෂගේ දේශපාලන උපදේශකයා වන පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ විසින් අවභාවිත කරන ලද වාහන සංඛ්‍යාව 58ක් බව මේ වනවිට හෙළි වී ඇතැයි වාර්තා වේ.

මෙයින් වාහන 07ක් ජනාධිපති කාර්යාලය විසින් කුලී පදනම මත ලබා ගෙන ජාතික නිදහස් පෙරමුණට ලබා දී ඇති අතර එම වාහන 07ම ‍විමල් වීරවංස මහතා විසින් පෞද්ගලික පරිහරණයට යොදා ගෙන ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි දැනගන්නට තිබේ. මේ සම්බන්ධව විස්තර තිබූ ලිපි ගොනු දෙකක් ජනාධිපති කාර්යාලයේදී අස්ථානගතව ඇතැයි විමර්ශන කණ්ඩායම් අනාවරණය කරගෙන ඇති බවත් එහි තිබූ එක් ලිපි ගොනුවකින් මේ සම්බන්ධව විස්තර ලබා ගෙන ඇති බවත් වාර්තා වේ.

මේ වාහන 07 සඳහා පමණක් රුපියල් එක්කෝටි පනස් නව ලක්ෂ පනස් එක් දහස් පන්සිය හැට හතරක් (රු15,951,564) රජයේ මුදලින් ගෙවා ඇත. එම වාහන 07 භාවිත කර ඇත්තේ විමල් වීරවංසගේ සමීපතම මිතුරන් විසින් බව මේ වනවිට පරීක්ෂණ කණ්ඩායම් විසින් අනාවරණය කරගෙන ඇති බව ද දැන ගන්නට ඇත. ඒ යටතේ KT-5335 (සරත් වීරවංශ), KO-1375 (ප්‍රියන්ජිත්), PB-0645 (නිමල් ප්‍රේමවංශ), PE-6432(කොඩිතුවක්කු), JP-4312 (ප්‍රියන්ත බෙල්ලන) , KO-9480 ( මොහොමඩ් මුසම්මිල්) , KO-9416 (පද්ම උදයශාන්ත) යන අය විසින් භාවිත කර ඇත.

ඊට අමතරව ඉංජිනේරු සංස්ථාවට කුලී පදනම මත ලබාගත් වාහන 51ක් අවභාවිත කරමින් රජයට රුපියල් මිලියන 41ක අලාභයක් සිදු කර ඇති බවද මේ වනවිට අනාවරණය වී ඇතැයි වාර්තා වේ. එම වාහන 51න් 40ක් ස්ථිර භාවිතයේ යොදවා ගෙන ඇති අතර එම වාහන භාවිත කළ අය විමල් වීරවංස විසින් එවකට දරණු ලැබූ අමාත්‍ය ධුරයට අයත්ව තිබූ කිසිදු ආයතනයකට හෝ සම්බන්ධයක් නොමැති අය බව ද වාර්තා වේ.

ඒ අනුව ප්‍රසන්න සංජිව තෙන්නකෝන් නැමැත්තාට KK-8941 යන රථයත් ඒ. එන්. එස්. මෙන්ඩිස් යන අයට KP-3768 යන රථයත් ලබා දී තිබී ඇති අතර ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමිට වරින් වර වාහන 06ක් සපයා ඇත.

එම වාහන අතර KP-4802, HO-6514, HN-2194, JS-9725, PD-2563, CAC-3327 යන වාහන ඇතුළත් අතර සද්ධාතිස්ස හිමිගේ වාහන සඳහා පමණක් මසකට රුපියල් තිස්අට දහසක් (රු. 38,000) බැගින් සහ රුපියල් හතලිස්පන්දහසක් (රු. 45,000) බැගින් මුදල් ගෙවා ඇත.

මෙම වාහන අතුරින් ප්‍රමාණයක් තම පවුලේ ඥාතීන් වෙත බෙදා දීමටද විමල් වීරවංස විසින් කටයුතු යොදා ඇතැයිද ඒ සම්බන්ධයෙන්ද විමර්ශනවලදී අනාවරණට කරගෙන ඇතැයිද මේ අතර වාර්තාවේ.

මේ වාහන අවභාවිතය නිසා රජයට සිදුව ඇති පාඩුව ලක්ෂ 600කට ආසන්න බවද මේ වනවිට විමර්ශන මගින් අනාවරණය කරගෙන ඇතැයි වාර්තා වේ.

RSL

Related Posts