ගෙදර එන්න කලින් විමල් පෙන්වන ජවනිකාවේ සැලැස්ම මෙන්න! (Exclusive)

රාජපක්ෂ රෙජීම පාලන කාලය තුළ මහජන මුදල් රුපියල් කෝටි දහයකට ආසන්න මුදල් අවභාවිතා කරමින් තම පවුලේ අයවලුන්ගේ පරිහරණය සඳහා වාහන සහ විවිධ වරප්‍රසාද ලබාදුන් කුප්‍රකට විමල් වීරවංශට ඊයේත් ඇප නොලැබුණි. මේ හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ වැලිකඩ බන්ධනාගාරයේ සිය සිරමැදිරිය තුළ උපවාසයක් ආරම්භ කර ඇති බවට වාර්තාවේ. මේ වන විට විමල්ව බන්ධනාගාර ගත කොට දින 73ක් වන අතර, අපරාධ නඩු …

Continue Reading

මාතෘභූමිය වෙනුවෙන් උත්කෘෂ්ට මෙහෙවරක නිරත වූවන් ජනපතිගේ සම්මානයට ප්‍රාප්තවෙයි

මාතෘභූමිය වෙනුවෙන් උත්කෘෂ්ට මෙහෙවරක නිරත වූ, විශිෂ්ට ශ‍්‍රී ලාංකිකයන් ජාතික සම්මානයෙන් පුදනු ලබන ‘ජාතික සම්මාන උළෙල 2017’ ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (20) පස්වරුවේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්විණි. මෙහිදී ජාතික සම්මානයෙන්, ජාතියේ සම්භාවනාවට පාත‍්‍ර වූයේ, මාතෘ භූමියේ සාඩම්බර ප්‍රෞඪත්වය ඔසවා තබනු පිණිස මෙන්ම දේශයේ අනභිභවනීය ගෞරවය සහ ප‍්‍රගතිය වෙනුවෙන් කැපවූ සම්භාවනීය ශී‍්‍ර ලාංකිකයින්ය. වසර 12 කට …

Continue Reading

වෛද්‍යවරු පෞද්ගලික වෛද්‍ය සේවාවලිනුත් ඉවත් වීමට සැරසෙයි

සයිටම් ආයතනයට අදාළව අද වන විට මතුව ඇති ව්‍යාකූලතා නිසා මෙරට වෛද්‍ය අධ්‍යාපනයේ ගුණාත්මක භාවය විනාශ වෙමින් පවතින බවත්, මාළඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය උපාධි අලෙවි ආයතනය සම්බන්ධයෙන් රජය තවදුරටත් මුණිවත රකින්නේ නම් අපේ‍්‍රල් මස මුලදී දැඩි වෘත්තීය ක‍්‍රියාමාර්ගයකට එළඹෙන බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පවසයි. කොළඹ අද (20) පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය හරිත අළුත්ගේ …

Continue Reading

බැඳුම්කර කොමිසමෙන් වංචනිකයන්ට බේරෙන්න ඉඩ නැහැ

වත්මන් බැඳුම්කර වංචාව මෙන්ම පසුගිය රජයේ බැඳුම්කර වංචා පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාව හරහා විමර්ශනය කර පිරිසුදු රජයක් ස්ථාපිත කිරීම ජනාධිපතිවරයාගේ අරමුණ බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ඇමැති මහින්ද අමරවීර මහතා පැවැසීය. බැඳුම්කර වංචාව ගැන සෙවීමට ජනාධිපති විසින් පත් කරන ලද කොමිසම එම කටයුතු නිවැරැදිව කරගෙන යන නිසා මේ වංචාවට සම්බන්ධ කිසිවකුට බේරෙන්නට නොහැකි බව තමාට විශ්වාස බවත් ඇමැතිවරයා …

Continue Reading

මාධ්‍යවේදී ඝාතන පිටුපස හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා බවට CIDයෙන් අනාවරණයක්!

සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ, ප්‍රවීණ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කර ඇත්තේ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, මේජර් ජෙනරාල් කපිල හෙන්ද්‍රවිතාරණ යටතේ ක්‍රියාත්මක වූ විශේෂ කණ්ඩායමක් විසින් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (20) අධිකරණයට දැනුම් දී තිබේ. මෙම විශේෂ කණ්ඩායම විසින් ලසන්ත වික්‍රමතුංග ඝාතනය මෙන්ම මාධ්‍යවේදීන් වන උපාලි තෙන්නකෝන්, කීත් නොයාර් යන අයට පහරදීම ආදියද සිදුකර ඇති බවත්, එවක …

Continue Reading

මහජන මුදල් කෝටි ගණනක් පවුල් පාලනයට ගත් විමල් යලි රිමාන්ඩ්

රාජපක්ෂ රෙජීම පාලන කාලය තුළ මහජන මුදල් රුපියල් කෝටි දහයකට අධික මුදල් අවභාවිතා කරමින් තම පවුලේ අයවලුන්ගේ පරිහරණය සඳහා වාහන සහ විවිධ වරප්‍රසාද ලබාදුන් කුප්‍රකට විමල් වීරවංශ ලබන මස 03 වන දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. අද(20) ඔහු කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු අදාළ නියෝගය නිකුත් කර ඇත.

Continue Reading

අමාත්‍යාංශ ලේකම්වරුන් පිරිසක් කූට උපායක!

ළඟදීම විශ්‍රාම යැමට සිටින අමාත්‍යාංශ ලේකම්වරුන් පිරිසක්‌ විසින් රාජ්‍ය සේවකයන්ට 2020 වසරේ වැඩි කළ යුතු වැටුප් කුමන්ත්‍රණකාරී ලෙස කැබිනට්‌ පත්‍රිකාවක්‌ මගින් 2016 සිටම වැඩිකර දීම නිසා වැටුප් ගෙවීමට වැයවන මුදල සියයට හැත්තෑවකින් (70%) පමණ ඉහළ ගොස්‌ ඇත. අදාළ ඉල්ලීම නිසා දැනට ගණනය කර ඇති ආකාරයට රාජ්‍ය සේවා වැටුප් ගෙවීමට ආණ්‌ඩුවට වසරකට රුපියල් මිලියන 17,880 ක අමතර මුදලක්‌ අනිවාර්යයෙන්ම වැය කිරීමට …

Continue Reading

විදේශ විනිමය අර්බුදය තවත් උග්‍ර අතට!

දැනට රට මුහුණදී සිටින විදේශ විනිමය අර්බුදය ඉදිරි කාලය තුළ තවදුරටත් උග්‍ර වනු ඇතැයි මහ බැංකුවේ ආරංචි මාර්ග කියයි. මේ වන විට රට තුළ තිබූ විදේශ ආයෝජන පවා රටින් පිටව ගොස්‌ ඇති බවත් රාජ්‍ය සුරැකුම්පත්වල තිබූ විදේශ ආයෝජන ද සැලකිය යුතු ලෙස පහත වැටී ඇති බවත් වාර්තා වේ. මේ අනුව 2014 වසර අග පැවැති ඇමරිකානු ඩොලර් බිලියන 8.2 ක විදේශ …

Continue Reading

ජාතියේ අනාගතය උදෙසා වනප්‍රතිරෝපණ දැවැන්ත ව්‍යාපෘතියක් බ්ලූමවුන්ටන් අරඹයි!

දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු වන බ්ලූ මවුන්ටන් සමාගම හරිත ලංකාවක් තුල වඩා උසස් ජීවන තත්වයක් උදා කරලීම සඳහා වනප්‍රතිරෝපණ වැඩසටහනක් ක්‍රියාත්මක කොට තිබේ. වනසංරක්ෂණ දෙපාර්තුමේන්තුවත් සමග සිදු කරන මෙම ව්‍යාපෘතිය මගින් විල්පොත අක්කර 125 ක භූමි ප්‍රමාණයක් අවුරුදු 10ක කාලයක් පුරාවට වනප්‍රතිරෝපණය කිරීමට නියමිතයි. මෙම ව්‍යාපෘතිය මගින් ලංකාවේ ජෛව විවිධත්වය සුරැකෙන අතර විල්පොත රක්ෂිතව ආශ්‍රිතව සංචාරක කර්මාන්තය දියුණු වීමද අපේක්ෂා …

Continue Reading

රොක් ඇන්ඩ් රෝල් සංගීතයේ පියා සමුගනියි

රොක් ඇන්ඩ් රෝල් සංගීතයේ පියා ලෙසින් සැලකෙන චක් බෙරි අභාවප්‍රාප්ත වී තිබෙන බව ඇමෙරිකානු මාධ්‍ය වාර්තා කරයි. පසුගිය සිකුරාදා දිනයේදී ඔහු මිය ගොස් ඇති අතර මිය යන විට චක් බෙරි 90 වැනි වියේ පසුවිය. ගායකයෙකු ලෙස මෙන්ම දක්ෂ ගිටාර් වාදකයෙකු හා ගීත රචකයෙකු ලෙසද ඔහු ප්‍රසිද්ධියක් පත්ව සිටියේය.

Continue Reading