වෛද්‍යවරු පෞද්ගලික වෛද්‍ය සේවාවලිනුත් ඉවත් වීමට සැරසෙයි

Spread the love

සයිටම් ආයතනයට අදාළව අද වන විට මතුව ඇති ව්‍යාකූලතා නිසා මෙරට වෛද්‍ය අධ්‍යාපනයේ ගුණාත්මක භාවය විනාශ වෙමින් පවතින බවත්, මාළඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය උපාධි අලෙවි ආයතනය සම්බන්ධයෙන් රජය තවදුරටත් මුණිවත රකින්නේ නම් අපේ‍්‍රල් මස මුලදී දැඩි වෘත්තීය ක‍්‍රියාමාර්ගයකට එළඹෙන බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පවසයි.

කොළඹ අද (20) පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය හරිත අළුත්ගේ සඳහන් කළේ ඇතැම්විට රජයේ රෝහල්වල කටයුතුවලින් පමණක් නොව පෞද්ගලික වෛද්‍ය සේවාවලින්ද ඉවත් වීමට වෛද්‍යවරුන් තීරණය කරන බවයි.

සයිටම් පෞද්ගලික වෛද්‍ය උපාධි අලෙවි ආයතනයේ ඉගෙනුම ලබන තුන්වන ශිෂ්‍ය කණ්ඩායමටද විභාග පැවැත්වීමට එහි පාලනාධිකාරිය සූදානම් වෙමින් ඇතැයි මෙහිදී ප‍්‍රකාශ කෙරිණ.

සුරක්ෂිත සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ගැනීමට රෝගියෙකුට ඇති අයිතිය අහිමි වන බවත්, එය රැකගැනීම සඳහා මේ වන විට වෛද්‍යවරුන්ට, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට මෙන්ම විශ්වවිද්‍යාල සිසුන්ට උද්ඝෝෂණය කිරීමට සිදුව ඇති බව එම සංගමය පෙන්වා දෙයි.

මෙම මාධය හමුවට සහභාගී වූ රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා සඳහන් කළේ වෛද්‍ය සභාව තර්ජනයකට ලක්ව ඇති බවයි.

Loading...

RSL

Related Posts