බැඳුම්කර කොමිසමෙන් වංචනිකයන්ට බේරෙන්න ඉඩ නැහැ

Spread the love

වත්මන් බැඳුම්කර වංචාව මෙන්ම පසුගිය රජයේ බැඳුම්කර වංචා පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාව හරහා විමර්ශනය කර පිරිසුදු රජයක් ස්ථාපිත කිරීම ජනාධිපතිවරයාගේ අරමුණ බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ඇමැති මහින්ද අමරවීර මහතා පැවැසීය.

බැඳුම්කර වංචාව ගැන සෙවීමට ජනාධිපති විසින් පත් කරන ලද කොමිසම එම කටයුතු නිවැරැදිව කරගෙන යන නිසා මේ වංචාවට සම්බන්ධ කිසිවකුට බේරෙන්නට නොහැකි බව තමාට විශ්වාස බවත් ඇමැතිවරයා පවසයි.

පසුගිය රජය සමයේත් බැඳුම්කර වංචා සිදුව තිබෙන බවට චෝදනා එල්ල වී තිබීම සම්බන්ධයෙනුත් මේ ජනාධිපති කොමිසම මඟින් විමර්ශන කරන බව කී අමරවීර මහතා මහජන මුදල් වංචා කළ කිසිදු අයකුට ගැලවී යන්න ඉඩ තබන්නේ නැතැයිද මහජනතාවට අහිමි කළ එම මුදල් නැවතත් ලබාගැනීමට කටයුතු කරනවා මෙන්ම ඒවාට සම්බන්ධ සියලු දෙනාට නීතිය අනුව දඬුවම් ලබාදීමට පියවර ගන්නවායිද අවධාරණය කෙළේය.

මොන පැත්තක හිටියත් මහජන මුදල් ගසාකන සොරකම් කරන දේශපාලනඥයන් මෙන්ම නිලධාරීන් ඉන්නවා නම් ඒ අය කිසිසේත්ම ජනාධිපතිවරයා විසින් ආරක්‍ෂා නොකරන නිසා අමාත්‍ය මණ්ඩල සංශෝධනයෙන් රටට කිසිදු වැරැද්දක් ජනාධිපතිවරයා විසින් සිදු නොකරනු ලබන බැවින් ජනතාවටත් හිතකර විදියට එම කටයුතු සිදුවනු ඇති බවද ධීවර ඇමැතිවරයා විශ්වාසය පළ කෙළේය.

RSL

Related Posts