ගෙදර එන්න කලින් විමල් පෙන්වන ජවනිකාවේ සැලැස්ම මෙන්න! (Exclusive)

Spread the love

රාජපක්ෂ රෙජීම පාලන කාලය තුළ මහජන මුදල් රුපියල් කෝටි දහයකට ආසන්න මුදල් අවභාවිතා කරමින් තම පවුලේ අයවලුන්ගේ පරිහරණය සඳහා වාහන සහ විවිධ වරප්‍රසාද ලබාදුන් කුප්‍රකට විමල් වීරවංශට ඊයේත් ඇප නොලැබුණි.

මේ හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ වැලිකඩ බන්ධනාගාරයේ සිය සිරමැදිරිය තුළ උපවාසයක් ආරම්භ කර ඇති බවට වාර්තාවේ. මේ වන විට විමල්ව බන්ධනාගාර ගත කොට දින 73ක් වන අතර, අපරාධ නඩු ගණයට වැටෙන මහජන මුදල් අවභාවිතා කිරීමකදී දින 90ක් යන තුරු ඇප නොදීමට අධිකරණයට බලය ඇතිබව නීතිවේදීන් පවසති.

ඒ අනුව ඉදිරි නඩුවාරයේදී බොහෝ දුරට විමල්ට ඇප ලැබීමට ඉඩකඩ පවතින බවක් පෙනීයයි. එම තත්වය අවබෝධ කරගනිමින් විමල් තම කුප්‍රකට රංගන ජවනිකාවක් ජනතාවට සහ මාධ්‍යයට ගෙන හැර දක්වමින් ඔහු තම බලය සහ ශක්තිය මතින් ඇප ලබාගත් පෙන්වීම සඳහා මෙම ව්‍යාජ උපවාසය අරඹා ඇතිබව පැහැදිලිව පෙන්නුම් කරන දේශපාලන විචාරකයෝ පවසති.

RSL

Related Posts