විදේශ විනිමය අර්බුදය තවත් උග්‍ර අතට!

Spread the love

දැනට රට මුහුණදී සිටින විදේශ විනිමය අර්බුදය ඉදිරි කාලය තුළ තවදුරටත් උග්‍ර වනු ඇතැයි මහ බැංකුවේ ආරංචි මාර්ග කියයි.

මේ වන විට රට තුළ තිබූ විදේශ ආයෝජන පවා රටින් පිටව ගොස්‌ ඇති බවත් රාජ්‍ය සුරැකුම්පත්වල තිබූ විදේශ ආයෝජන ද සැලකිය යුතු ලෙස පහත වැටී ඇති බවත් වාර්තා වේ.

මේ අනුව 2014 වසර අග පැවැති ඇමරිකානු ඩොලර් බිලියන 8.2 ක විදේශ සංචිත ය මේ වන විට ඇමෙරිකානු ඩොලර් මිලියන 5.4 ක්‌ පමණ දක්‌වා සැලකිය යුතු ලෙස අඩු වී තිබේ.

ආර්ථිකයේ පවතින වර්තමාන තත්ත්වය මත මෙම වසර (2017) තුළ තවදුරටත් විදේශ සංචිත මට්‌ටම මත පීඩනයක්‌ ඇතිවනු ඇතැයි අපේක්‍ෂා කෙරේ.

ඇමෙරිකා එක්‌සත් ජනපදයේදී පොලී අනුපාත ඉහළ යැමට ඇති හැකියාව සමඟ රාජ්‍ය සුරැකුම්පත්වල විදෙස්‌ ආයෝජන ද තවදුරටත් රටින් පිටව ගලා යැමට ඉඩ ඇතැයි මහ බැංකුවේ එම ආරංචි මාර්ග තවදුරටත් කියයි.

ශ්‍රී ලංකාවේ විදේශ විනිමය වෙළෙඳපොළේ දැනට ඇමෙරිකානු ඩොලර් බිලියනයක පමණක්‌ හිඟයක්‌ ඇති අතර මේ හිඟය විනිමය අනුපාතය අවප්‍රමාණයවිම (රුපියල පිරිහීම) කෙරෙහි තියුණු පීඩනයක්‌ ඇතිකරමින් තිබෙන බවද වාර්තා වේ.

රුපියල රැක ගැනීම සඳහා මහ බැංකුවට විදේශ විනිමය සැපයීමක්‌ කළ යුතු වන්නේ රටේ විදේශ සංචිත කැපකිරීමෙනි. එහෙත් විදේශ සංචිත මට්‌ටමද මේ වනවිට සැළකිය යුතු ලෙස පහළ වැටී ඇත.

-දිවයින-

RSL

Related Posts