උමාඔයෙන් ලැබී ඇත්තේ කොමිස් පමණයි; ඇස්තමේන්තුවෙන් පමණක් ඩොලර් මිලියන 248 ක් ගිලලා

උමා ඔය කඳුකරයේ හදවත සිදුරු කළේ කොමිස් උදෙසා මිස “සංවර්ධනයේ නාමයෙන්“ නොවන බවත්, බහු විනාශකාරී උමා ඔය ව්‍යාපෘතියේ ඇස්තමේන්තුව මාස 6 ක් තුළ ඩොලර් මිලියන 248 කින් වැඩි කළ දේශපාලනඥයින් හා නිලධාරීන් උමා ඔය විනාශයට වග කිව යුතු බව කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රජිත් කීර්ති තෙන්නකෝන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි. එම නිවේදනයේ මෙසේද සඳහන්ය. උමා ඔය සංවර්ධන ව්‍යාපෘතිය සඳහා …

Continue Reading

උදයංග අල්ලන්න ජාත්‍යන්තර පොලිස් සහාය ඉල්ලයි

ජාත්‍යන්තර වරෙන්තු නිකුත් කර ඇති උදයංග වීරතුංග අත් අඩංගුවට ගැනීමට මූල්‍ය අපරාධ කොට්ඨාසය ජාත්‍යන්තර පොලීසියේ සහාය ඉල්ලා තිබේ. මිග් යානා ගනුදෙනුව ඇතුළු බරපතළ මූල්‍ය වංචා සම්බන්ධයෙන් මූල්‍ය අජරාධ කොට්ඨාසය‍ට අවශ්‍යව සිටින උදයංග වීරතුංග එම පරීක්ෂණවලට පෙනී නොසිට මෙරටින් පලා ගොස් සැඟවී ඇති බව මූල්‍ය අපරාධ කොට්ඨාසය කියා සිටියි. ඔහු සැඟවී ඇතැයි සැක කෙරෙන ස්ථාන කිහිපයක්ම මේ වන විට ජාත්‍යන්තර පොලීසිය …

Continue Reading

දින 3 ක් පුරා ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය අවසන්

තැපැල් සේවකයන් දින 3 ක් පුරා ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය අවසන් කර තිබේ. ඓතිහාසික වටිනාකමක් සහිත තැපැල් කාර්යාල හෝටල් ව්‍යාපෘතියකට ලබාදීම සහ පරිපාලන ගැටලුවලට විසඳුම් ලබා නොදීමට විරෝධය පල කරමින් තැපැල් සේවකයින් අඛණ්ඩ වර්ජනයක් ආරම්භ කළේ 26 වනදා මධ්‍යම රාත්‍රියේ සිටයි. තම ගැටළුවලට සාධනීය විසඳුම් ලබාදෙන බවට පොරොන්දුවීම නිසා දින තුනක් තිස්සේ අඛණ්ඩව පවත්වාගෙන ආ තැපැල් වර්ජනය අත්හිටුවන බව ඒකාබද්ධ …

Continue Reading

ඇමති රාජිත ජනපතිට අපහාස කරලා.. (Video)

පසුගියදා පැවති වෛද්‍ය වැඩ වර්ජනය සාකච්ඡා මාර්ගයෙන් විසඳාගෙන එය නිමාකරලීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී සිදුකළ සාකච්ඡාව ‘හොර සාකච්ඡාවක්’ යැ’යි සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න සිදුකළ ප්‍රකාශය මඟින් ඔහු ජනාධිපතිවරයාට අපහාස කොට ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙයි. ජනාධිපතිවරයා විසින් ලබාදුන් වේලාව මත ඔහු හමුවී ප්‍රශ්නය සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීම සඳහා ගිය රජයේ වෛද්‍ය නිලධාරීන් …

Continue Reading

කෝටි ගණන් වංචා කළ අය විරෝධතා හමුවේ නිහඬයි – ජනපති

වැරදි දේශපාලන තීන්දු ගනිමින් කෝටි ගණන් මුදල් වංචා කළ පිරිස අද පැනනැගී ඇති ජනතා විරෝධතා හමුවේ නිහඩ පිළිවෙතක් අනුගමනය කළ ද වැරදි ඇස්තමේන්තු සකස් කරමින් ව්‍යාපෘතියේ මූල්‍ය වංචා සිදු කළ අය පිළිබඳ වෙනම පරීක්ෂණයක් සිදු කිරීමට තමා ඉදිරියේදී අපේක්ෂා කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. නුවරඑළිය ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක්වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම අදහස් පළ කළේය. උමා …

Continue Reading

උමා ඔය විනාශයට එරෙහිව විරෝධතා (Video)

උමා ඔය ව්‍යාපෘතියේ විනාශයට විරුද්ධව බණ්‌ඩාරවෙල නගරයේ අති විශාල ජනකායකගේ සහභාගිත්වයෙන් ඊයේ (28 දා) දැවැන්ත විරෝධතාවක්‌ පැවැත්විණි. උමා ඔය ජල ව්‍යාපෘතියේ විනාශයට විරුද්ධ ජනතා ව්‍යාපාරය විසින් සංවිධානය කරන ලද මෙම විරෝධතාව සඳහා බණ්‌ඩාරවෙල අවට ගම්මාන රැසක ජනතාව එක්‌රැස්‌ වී සිටියහ. මෙම විරෝධතා ව්‍යාපාරයේ අවස්‌ථාවක්‌ ඡායාරූපයේ දැක්‌වේ. මේ නිසා නගරයේ සියලු කඩ සාප්පු වසා තිබුණු අතර, බස්‌ රථ හා සියලු වාහන …

Continue Reading

බැඳුම්කර ගනුදෙනුවේ පාඩුව ඉලක්කම්වලින් ලියන්න පුළුල් තිරයත් මදි -CB පරිගණක අංශයේ අධ්‍යක්‍ෂ

තමා කොමිසම හමුවේ පෙන්වා දුන්නේ අර්ජුන් මහේන්ද්‍රන් පාලනය යටතේ ඔහුගේ බෑනාගේ සමාගමත් සමඟ සිදුකළ ගනුදෙනු කිහිපයකින් සිදුවූ ක්ෂණික අලාභය පමණක් බවත් එකී ගනුදෙනුවලින් දිගින් දිගටම වසර 30ක් පුරා සිදුවන අලාභය ගණනය කළා නම් ඒ ඉලක්කම් ගණන ලියන්නට පුළුල් තිරයද ඉඩ මදි වනු ඇති බවත් පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ නීතිඥවරයා නැඟූ හරස් ප්‍රශ්නවලට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ පරිගණක අංශයේ අතිරේක …

Continue Reading

සයිටම් වෙනුවෙන් පෙනී ඉන්නේ ප්‍රතිපත්තියක් නැති, එක පක්ෂෙක අවුරුදු 5ක් වත් ඉන්න බැරි අපතයෝ ටිකක් – නලින් ජයතිස්ස (Video)

වෛද්‍ය පීඨ සිසුන්ගේ දෙමාපියන් සංවිධානය කර තිබූ සයිටම් විරෝධී පා ගමන සඳහා එක් වෙමින් නලීන් ජයතිස්ස මහතා මේ බව පවසා සිටියේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් ජයතිස්ස මහතා මෙසේ පැවසීය. එස්.බී දිසානායක, රාජිත සේනාරත්න, ලක්ෂ්මන් කිරිඇල්ල යන අය එහෙමයි එම ප්‍රතිපත්තියක, එක පක්ෂයක එක දිගට අවුරුදු 5ක් නොසිටි අය. අපි ආණ්ඩුවට මතක් කරනවා උගතුන්, බුද්ධිමතුන් පාරේ නවත්වපු කිසිම …

Continue Reading

එජාප පක්ෂ අභ්‍යන්තරයේ ප්‍රශ්නයක්! පසුපෙළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 30 ක් හදිසියේම අගමැති හමුවෙයි..

එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 30 දෙනෙකු හදිසියේ එක්සත් ජාතික පක්ෂ නායක සහ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවී ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරයි. මෙහිදී එම මන්ත්‍රීවරුන් ජනපදනමක් නොමැති ජාතික ලැයිස්තුවෙන් පත්කරන ලද ඇමතිවරුන්ගේ ක්‍රියාකලාපය හේතුවෙන් පක්ෂයට සිදුව ඇති අගතිය සහ ජනපදනමට සිදුව ඇති හානිය පිළිබඳව කරුණු ඉදිරිපත් කොට ඇත. පසුගිය කාලසීමාව තුළ ජනපදනමක් ඇති ඇමතිවරුන්ගේ …

Continue Reading

නාමල්ව යළිත් ඇප මත මුදා හැර දමයි

මුදල් විශුද්ධිකරණ චෝදනාවක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු තිදෙනෙකු ඇප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණ නියෝග කර තිබේ. මේ සම්බන්ධයෙන් වන නඩුව අද(28) දින කොළඹ මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ මහතා ඉදිරියේ විභාගයට ගත් අතර එහිදී විනිසුරුවරයා රුපියල් ලක්ෂ 10 බැඟින් වූ ශරීර ඇප මත විත්තිකරුවන් මුදා හැරීමට නියෝග කර ඇත. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන කාලයේ නීති විරෝධී ආකාරයෙන් …

Continue Reading