නාමල්ව යළිත් ඇප මත මුදා හැර දමයි

Spread the love

මුදල් විශුද්ධිකරණ චෝදනාවක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු තිදෙනෙකු ඇප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණ නියෝග කර තිබේ.

මේ සම්බන්ධයෙන් වන නඩුව අද(28) දින කොළඹ මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ මහතා ඉදිරියේ විභාගයට ගත් අතර එහිදී විනිසුරුවරයා රුපියල් ලක්ෂ 10 බැඟින් වූ ශරීර ඇප මත විත්තිකරුවන් මුදා හැරීමට නියෝග කර ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන කාලයේ නීති විරෝධී ආකාරයෙන් උපයා ගත් මුදල් වලින් ගවන් කෝපරේට් නැමති සමාගමක රුපියල් මිලියන 30ක් වටිනා කොටස් මිලදී ගැනීම සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන්ට චෝදනා එල්ල වී තිබේ.

මෙම නඩුව සඳහා සම්බන්ධ තවත් විත්තිකරුවන් දෙදෙනෙකු අද (28) පැමිණ නොසිටි අතර ඔවුන්ගේ නීතීඥවරයා පැවසුයේ ඔවුන් විදේශගත වී ඇති බවය.

මේ අනුව මෙම ඉල්ලීම් අනුව නියෝගය අගෝස්තු මස 31 දින පවත්වන බව අධිකරණය නියම කර ඇත.

RSL

Related Posts