අපි වැඩ කරන්නේ ධර්මයට, ඔවුන් බෙර ගහන්නේ දේශපාලනයට
මට කොපමණ දොස් කීවත් මා කියන්නේ සිංහල බෞද්ධයන් අතරින් වැඩ කරන අය බෙර ගහන්නේවත්, බෙර ගහන අය වැඩ කරන්නෙත් නෑ. සමහරු බුද්ධ ධර්මයටත් ඉහළින් ගොස් සිංහල බෞද්ධයන් ලියාපදිංචි කරනවා. බෞද්ධයෝ කවුද? බෞද්ධ නොවන අය කවුද කියා ලියාපදිංචි කරන්නේ ඒ අය යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පැවැසීය. අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ කොළොන්නාව, සේදවත්ත වෙහෙරගොඩැල්ල විහාරස්ථානයේ ඉදිකළ රන් වැට සසුනට පූජා කිරීමේ …
Continue Reading
මම පක්ෂයේ නායකත්වයට ආවේ පක්ෂයේ හැම එකාම බෝම්බයෙන් ගිය නිසා (වීඩියෝ)
යුද්ධයෙන් වැඩිම හානි සිදුවුණේ උතුරට බවත්, එල්ටීටීයෙන් මගේ එක්සත් ජාතික පක්ෂයේ අපේ නායකයෙක්, ජනාධිපතිවරයෙක්, මහලේකම්වරයෙක්, ජනාධිපති අපේක්ෂකයෙක් මැරුණා. ලලිත් ඇතුලත්මුදලි මැරුණා. මම පක්ෂයේ නායකත්වයට ආවේ පක්ෂයේ හැම එකාම බෝම්බයෙන් ගිය නිසා යැයි එක්සත් ජාතික පක්ෂයේ විසිපස් වසරක අඛණ්ඩ අසහාය නායකත්වය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඊයේ(15) කිලිනොච්චියේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති සංවර්ධන සමාලෝචන රැස්වීම අමතමින් පැවසීය. පළාත් සභාවන් සතු බලතල භාවිත කරමින් …
Continue Reading
දුරකථනය සහ පරිගණකය අධ්‍යාපනය ලැබීමේ මෙවලම් කරගත යුතුයි
විසි එක්වන සියවසට ගැලපෙන අධ්‍යාපන රටාවක් නිර්මාණය කිරීමේ දී විද්‍යා හා තාක්ෂණික අංශය කෙරෙහි වැඩි අවධානයක් යොමුකරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි. අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ජංගම දුරකථනය, පරිගණකය යනාදිය අධ්‍යාපනය ලැබීමේ ආයුධ බවට පත් කර ගත යුතු බවයි. හොරණ දොඩංගොඩ සීලරතන මහා විද්‍යාලයේ ගොඩනැඟිලි සංකීර්ණයක් විවෘත කිරීම වෙනුවෙන් අද(11) පැවති උත්සවයකදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මේ සම්බන්ධයෙන් අදහස් පළ කළේය. එසේම …
Continue Reading
මහ බැංකුව කොල්ල කෑ එජාපය රේගුව හොරාකන්න ගිය තැත වරදී; රනිල්- මංගල වෘත්තීය සමිති ඉදිරියේ දණ ගසයි
2015 වසරේදී ශ්‍රී ලංකා ඉතිහාසයේ ශ්‍රී ලංකා මහබැංකුව මහදවල් කොල්ල කෑ එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ සහචරයින් විසින් යළි බලය අටවාගත් සැනින් රටේ ඊලඟ ආර්ථික මර්මස්ථානය වූ ශ්‍රී ලංකා රේගුව මහ දවල් හොරාකෑමට ගත් උත්සහය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ බලය නිසාත්, රේගු වෘත්තීය සමිතිවල දැඩි කැපවීම සහ විරෝධත්වය නිසාත් වැලකී ගියේය. පී.එස්.එම්. චාල්ස් මහත්මිය රේගු අධ්‍යක්‍ෂ ජනරාල් ධුරයෙන් …
Continue Reading
වසර පන්සීයකට පසු පළමු වරට රට සහලින් ස්වයංපෝෂිත කළේ අපියි
රට වී වගාවෙන් ස්වයංපෝෂිත කරන්නට 1965දී ඩඩ්ලි සේනානායක අගමැතිතුමා වගා සංග්‍රාමය පටන් ගත් බවත්, වසර 500කට පසු 2003 වසරේදී රට සහලින් ස්වයංපෝෂිත කළේ අප රජයෙන් බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පසුගියදා නිකවැරටියේ ඉඩම් ඔප්පු ලබාදීමේ උත්සවයකට එක්වෙමින් පැවසීය. එහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙසේද පැවැසීය. මේ ඉඩම් ලබාදීම ඉතා වැදගත් කාරණයක් සේ සැලකිය හැකියි. මේ ඉඩම්ලාභීන් නිසා මේ රටේ ආර්ථිකය දියුණු වුණා. …
Continue Reading
නව ව්‍යවස්ථාව හරහා සිදුවන්නේ සියලු ජාතීන්ට අනර්ථයක් වන රනිල් හා සුමන්තිරන් අතර ගිවිසුම ක්‍රියාත්මක වීමයි
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා සිදුවන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හා සුමන්තිරන් මන්ත්‍රීවරයා අතර ඇති ගිවිසුමක් ක්‍රියාත්මක වීමක් පමණක් බවත්, ඉන් රටේ සියලු ජාතීන් රවටමින් ඔවුන්ට අනර්ථයක් වීම පමණක් බවත් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසයි. විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ(22) කොල්ලුපිටිය ජුම්මා මුස්ලිම් පල්ලියේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යෙව්දීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමිනි. සර්ව ආගමික නායකයින්, දේශපාලනඥයින්, රාජ්‍ය සේවකයින් ඇතුළු …
Continue Reading
අගමැති රනිල්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයට එරෙහි පෙත්සම අධිකරණය හමුවේ කැඳවයි
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනු කර ඇති පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ලබන 31 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය. කොළඹ නාගරික මන්ත්‍රීනි ශර්මිලා ගෝනවල විසින් අදාළ පෙත්සම ඉදිරිපත් කර තිබුණි. එම පෙත්සම ඊයේ(22) අභියාචනාධිකරණ විනිසුරු අර්ජුන ඔබේසේකර ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී විනිසුරුවරයා නියෝග කර සිටියේ අදාළ පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා …
Continue Reading
ව්‍යවස්ථාවක් තියා කෙටුම්පතක්වත් නෑ..
ව්‍යවස්ථාවක් තියා ව්‍යවස්ථා කෙටුම්පතක්වත් සකස් කොට නොමැති අවස්ථාවක ඇතැමුන් රට බෙදනවා, රට කැඩෙනවා කියා කෑගසනවා යැයි අගමැති රනිල් වික‍්‍රමසිංහ පෙරේදා (19) ගාල්ල යක්කලමුල්ලේදී පැවසීය. යක්කලමුල්ල කරාගොඩ ශී‍්‍ර පූර්වාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකළ, දෙමහල් භික්ෂු නේවාසිකාගාරය, දහම්පාසල් ගොඩනැගිල්ල, හා දානශාලාව සග සතුකොට පූජා කිරීමේ අවස්ථාවට එක්වෙමින් හෙතෙම බව සඳහන් කළේය. අගමැතිවරයා එහිදී මෙසේද කීවේය. “අද උදෑසන මම පුවත්පත්වල දැක්කා මල්වත්තේ මහනාහිමියන් ව්‍යවස්ථාව …
Continue Reading
අපේක්ෂකයින් වැඩි වන තරමට රනිල්ට ජනාධිපතිවරණය ජය ගන්න පහසුයි
ඉදිරි ජනාධිපතිවරණයේදී අපේක්‍ෂකයන් වැඩි වන තරමට එක්සත් ජාතික පක්‍ෂයට ජයග්‍රහණය කිරීම ඉතා පහසු බව සංචාරක සංවර්ධන, වනජීවී හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග පවසයි. එක්සත් ජාතික පක්‍ෂයෙන් ඉදිරි ජනාධිපති අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් කරන්නේ පක්‍ෂයේ ආරංචි මාර්ගවලට අනුව වත්මන් නායක රනිල් වික්‍රමසිංහ මහතාම බව අමාත්‍යවරයා අවධාරණය කළේය. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඔවුන්ගේ අපේක්‍ෂකයා ලෙස වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාත්, මහින්ද …
Continue Reading
ගැටුම් නිරාකරණයට අගමැති රනිල් ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශකගේ සහය පතා රහස් හමුවක
එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ විශේෂ ආරාධනයකට අනුව ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක නීතිඥ ශිරාල් ලක්තිලක අතර රහස් හමුවක් පසුගියදා පවත්වා ඇතැයි එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ පුවත් වෙබ් අඩවියක් වාර්තා කර ඇත. විවිධ කුමන්ත්‍රණ ඔස්සේ අග්‍රාමාත්‍යධුරය යළි ලබාගත්ද ආණ්ඩුව පත්වාගෙන යෑමේ නොහැකි තත්වයකට මේ වන විට රනිල් වික්‍රමසිංහ මුහුණදී ඇති අතර ජනාධිපතිවරයා සමඟ තිබෙන ගැටුම් නිරාකරණය කරගනිමින් ඉතිරිව ඇති කාලයේදී …
Continue Reading