මහ බැංකුව කොල්ල කෑ එජාපය රේගුව හොරාකන්න ගිය තැත වරදී; රනිල්- මංගල වෘත්තීය සමිති ඉදිරියේ දණ ගසයි

Spread the love

2015 වසරේදී ශ්‍රී ලංකා ඉතිහාසයේ ශ්‍රී ලංකා මහබැංකුව මහදවල් කොල්ල කෑ එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ සහචරයින් විසින් යළි බලය අටවාගත් සැනින් රටේ ඊලඟ ආර්ථික මර්මස්ථානය වූ ශ්‍රී ලංකා රේගුව මහ දවල් හොරාකෑමට ගත් උත්සහය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ බලය නිසාත්, රේගු වෘත්තීය සමිතිවල දැඩි කැපවීම සහ විරෝධත්වය නිසාත් වැලකී ගියේය.

පී.එස්.එම්. චාල්ස් මහත්මිය රේගු අධ්‍යක්‍ෂ ජනරාල් ධුරයෙන් ඉවත් කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ උපදෙස් පරිදි අමාත්‍ය මංගල සමරවීර විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත‍්‍රිකාව ඊයේ(05) දිනයේ යලි ඉවත් කරගෙන තිබේ.

කෙසේ වෙතත් වැඩ වර්ජනයේ නියුතු රේගු වෘත්තීය සමිති සදහන් කරන්නේ චාල්ස් මහත්සිය යලි පත් කිරීම ලිඛිතව දන්වන තෙක් වර්ජනය අඛණ්ඩව සිදු කරන බවයි.

එක්සත් ජාතික පක්ෂය මීලඟ මැතිවරණ සඳහාත් මන්ත්‍රීවරුන් මීලඟ පරපුර සඳහාත් අවශ්‍ය මුදල් සොයාගැනීම සඳහා ආණ්ඩුවේ ආර්ථික මර්මස්ථාන සොයමින් ඒවාට තම බත්බැලයන් රිංගවමින් කොල්ලකෑමට සැලසුම් කරන බවට විපක්ෂ ඇතුළු දූෂණ විරෝධී සිවිල් සංවිධාන චෝදනා කරති.

RSL

Related Posts