පාතාල නායක මධුෂ්ව ගේන්න ගිවිසුම් අවශ්‍ය නැහැ; ඒත් පාතාලයා සමඟ ජාවාරම්කළ දේශපාලුවෝ නැති ගිවිසුම් හදමින් කල්මරන්න දඟලති

Spread the love

මෙරට අපරාධකරුවෙකු විදෙස් රටකදී අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඔහු මෙරටට ගෙන්වාගැනීමේ ක්‍රමවේදයන් පිළිබඳ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ නීති අධ්‍යන අංශ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නීතිඥ රාජා ගුණරත්න “දෙරණ” නාලිකාව කළ විමසීමකදී පවසා ඇත.

එහිදී ඔහු පවසා ඇත්තේ අපරාධකරුවන් ගෙන්වා ගැනීම සඳහා පනවා ඇති නව නිති රීති අනුව දෙරට අතර කිසිදු ගිවිසුමක් අවශ්‍ය නොවන බවයි.

යම් කිසි විදේශීකයෙක් මෙරටට පැමිණ අපරාධයක් සිදුකර කළේ නම් එම අපරාධකරු ඔහුගේ රටට යැවිමට කටයුතු කළ යුතු අතර ලංකාවේ පුද්ගලයෙන් වෙනත් රටකදි එවැන්නක් සිදු කර ඇත්නම් අනිවාර්යයෙන් එම සැකකරුන් මෙරටට එවිය යුතු බවත් විවෘත විශ්වවිද්‍යාලයේ නීති අධ්‍යන අංශ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නීතිඥ රාජා ගුණරත්න පැහැදිලි කර ඇත.

එහෙත් මේ වන පාතාල නායක මාකඳුරේ මධුෂ් සමඟ ජාවාරම් සිදුකරමින් ගනුදෙනු පවත්වාගෙන ගිය ඇතැම් දේශපාලඥයින් ඔහුව මෙම උඟුලින් බේරා තම ජාමේ බේරාගැනීමේ දැඩි උත්සහයක නිරත වන බවට වාර්තාවේ. මේ අතර එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ මාතර දිස්ත්‍රික්කය නියෝජනය කරන, ප්‍රසිද්ධ මත්ද්‍රව්‍ය ලෝලීයෙකු වූ ප්‍රබල ඇමතිවරයෙක් වන බවටද වාර්තාවේ.

කෙසේ වෙතත් මෙම මෙහෙයුම පොලිස් විශේෂ කාර්යය බලකායේ ප‍්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් යටතේ සිදුකිරීමට නියෝග ලබාදුන් ජනාධිපතිවරයා පාතාල නායකයෙකු මෙන්ම ප්‍රබලම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වූ මාකඳුරේ මධුෂ්ට එරෙහිව ගත හැකි උපරිම නීතිමය ක්‍රියාමාර්ග සමඟින් මරණ දඬුවම අනිවාර්යය ලෙස ලබාදීමට අවශ්‍ය කටයුතු සැලසුම් කොට ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ.

RSL

Related Posts