
ATM යන්ත්‍ර හරහා වංචා සහගත ආකාරයෙන් මුදල් ලබා ගැනීමේ සිද්ධි කිහිපයක් වාර්තා වී ඇතැයි LankaClear ආයතනය පවසයි. කෙසේ වෙතත් LankaClear ආයතනය මෙහිදී අවධාරණය කර සිටින්නේ තම අනුබද්ධිත ආයතනයක් වන LankaPay ගෙවුම් ජාලය හරහා ක්‍රියාත්මක වන ATM යන්ත්‍රවල ආරක්ෂාව තහවුරු කර ඇති බවයි.
මෙහිදී LankaClear ආයතනය වැඩිදුරටත් පවසන පරිදි ATM යන්ත්‍ර හරහා මුදල් ලබා ගැනීමේ දී ඒවායේ සැකකටයුතු උපකරණ සවි කර තිබේදැයි පරීක්ෂාකාරී වන ලෙසයි. එසේම එවැනි සැක කටයුතු උපකරණයක් පිළිබඳ දැනුවත් වී නම් වහාම අදාළ බැංකුවේ ආරක්ෂක අංශය හෝ පොලීසිය වෙත දැනුම් දෙන ලෙස LankaClear අවධාරණය කර සිටී.
එසේම සිය බැංකු ගනුදෙනු පිළිබඳ දැනුවත් කෙරෙන කෙටි පණිවුඩ සේවා (SMS alert) සක්‍රීය කර ගන්නා මෙන් ද LankaPay සියලුම බැංකු ගනුදෙනුකරුවන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.