අරින්න ගොස් ඇරගත් මංගලගේ නිරුවත් ඡවනිකාව

Spread the love

එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් රටේ ආර්ථික මර්මස්ථානයක් වූ ශ්‍රී ලංකා රේගුවට එහි විශිෂ්ට සේවාවක් සිදුකළ රාජ්‍ය නිලධාරිනියක වන පී.එස්.එම්. චාල්ස් මහත්මිය රේගු අධ්‍යක්‍ෂ ජනරාල් ධුරයෙන් ඉවත් කොට තම ඉත්තෙකු ඊට පත්කිරීමට ගත් උත්සහය ජනාධිපතිවරයාගේ සහ රේගු වෘත්තීය සමිතිවල මැදිහත්වීම මත වැළකී ගිය පසු කරකියා ගතදෙයක් නොහැකිව අතරමං වූ මංගල තම විලි වසා ගැනීම සඳහා නිරුවතේ ඡවනිකාවක් ඊයේ(06) මාධ්‍ය හමුවේ රඟදැක්වීය.

2015 වසරේදී ශ්‍රී ලංකා ඉතිහාසයේ ශ්‍රී ලංකා මහබැංකුව මහදවල් කොල්ල කෑ එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් යළි බලය අටවාගත් සැනින් රටේ ඊලඟ ආර්ථික මර්මස්ථානය වූ ශ්‍රී ලංකා රේගුව මහ දවල් හොරාකෑමට ගත් උත්සහය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ බලය නිසාත්, රේගු වෘත්තීය සමිතිවල දැඩි කැපවීම සහ විරෝධත්වය නිසාත් වැලකී ගියේය.

තමා රේගු අධ්‍යක්ෂ ජනරාල්වරිය සමඟ ගැටුමක් නොමැති බව පෙන්වීම සඳහාත් නිරුවතේ විලි වසා ගැනීම සඳහාත් පී.එස්.එම්. චාල්ස් මහත්මිය සමඟ එකට සිට මාධ්‍ය හමුවක් පවත්වමින් මංගල ගත් උත්සහයෙන් ඔහු තවත් නිරුවත් වූයේ ඔහුගේම ප්‍රකාශ තුළිනි.

මෙහිදී අදහස් දක්වමින් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර පැවසූවේ රේගුව මෙහෙයවන්නේ මේ රටේ සිටින එක්තරා ව්‍යාපාරික මාෆියාවක් විසින් බවත් එම ව්‍යාපාරික මාෆියාවට අතහිත දෙන යම් යම් නිලධාරීන් එහි සිටීමට හැකියාවක් ඇති බවත්ය.

එසේම පසුගිය රජය විසින් 2012 දී මෙම ජාවාරම හඳුන්වා දුන් බවත්, පසුගිය රජයේ සිටි ඉහළම පුද්ගලයින් මෙම ජාවාරමේ නිරත වූ බවත්, වත්මන් ආණ්ඩුවේ අයත් මේ ජාවාරමට එකතු වී ඇති බවත්ය.

මෙහිදී මාධ්‍යවේදීන් පෙරලා කළ ප්‍රශ්න කිරීම් හමුවේ, එජාප අමාත්‍ය කුප්‍රකට මලික් සමරවික්‍රමගේ නම ආරක්ෂා කරමින් යන එනමං නැති වූ මංගල පැවසූවේ මෙම ජාවාරමට සම්බන්ධ ආණ්ඩුවේ ඇමතිවරුන් ගැන පරීක්ෂණ නොකර දැන්ම කිව නොහැකි බවයි.

එසේම මෙම ජාවාරම් වලට අමතරව වත්මන් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව යටතේ සිදු වූ දැවැන්ත ජාවාරම් සම්බන්ධයෙන් කළ ප්‍රශ්න කිරීමේදී ඔහු පවසා ඇත්තේ, ඒවා විමර්ශනය කිරීම සඳහා තමා කොමිටියක් පත් කරන බවයි.

ඡායාරූප අනුග්‍රහය: ෂෙහාන් ගුණසේකර

RSL

Related Posts