බරපතළ මත්ද්‍රව්‍ය වරදකරුවන්ට ඉදිරි මාස දෙක තුළ මරණ දඬුවම ස්ථීරයි

Spread the love

බරපතළ මත්ද්‍රව්‍ය වරදකරුවන්ට එරෙහිව මරණ දඬුවම කි‍්‍රයාත්මක කිරීම ඉදිරි මාස දෙක ඇතුළත අනිවාර්යයෙන්ම සිදු කරන බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන පාර්ලිමේන්තුවේදී ඊයේ (06) සඳහන් කළේය. 

කුමන ආකාරයේ බාධා එල්ල වුවත් තමන් එම තීරණය ආපස්සට ගන්නේ නැති බවත් එම වැරදිකරුවන්ට මරණීය දණ්ඩනය මෙතෙක් කි‍්‍රයාත්මක වීම ප‍්‍රමාද වීමට නොයෙක් හේතු බලපෑ බවත් ජනාධිපතිවරයා කීය.

බරපතළ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය ක‍්‍රියාත්මක කිරීමට අවශ්‍ය අයගේ නාම ලේඛනය තමන් ඉල්ලා සිටි විට එය ලැබුණේ ප‍්‍රමාද වී බවත් වසර 1 1/2 කට පසුව ලැබුණු එම ලේඛනයේද යම් යම් අඩුපාඩු ඇති බවත් ජනාධිපතිවරයා පැවසීය.

කෙසේ වෙතත් බරපතළ ආකාරයට රටත්, ජාතියත් විනාශ කරන නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව සිංගප්පූරුව, ඉන්දියාව වැනි රටවල මරණ දඬුවම කි‍්‍රයාත්මක කරන බවත් ජනාධිපතිවරයා කීය.

මරණීය දණ්ඩනය ලබා දීම සඳහා ලැබුණු ලැයිස්තුවේ මුලින්ම සිටින්නේ පකිස්තානු ජාතිකයකු බවත් පිටරැටියෙකුට එරෙහිව එම නීතිය ක‍්‍රියාත්මක කිරීමට තමන්ගේ එතරම් කැමැත්තක් නැති බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

සමාජය නීති ගරුක සහ විනයගරුක කිරීම සඳහා මෙම නීතිය ක‍්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය බවද ජනාධිපතිවරයා කීය.

RSL

Related Posts