ලිංගික අල්ලස් ගන්නා විශ්වවිද්‍යාල ආචාරියෝ!
කොළඹ විශ්ව විද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ ජනමාධ්‍ය අංශයේ අංශාධිපති ප්‍රදීප් නිශාන්ත නමැත්තාට එරෙහිව, නොනිසි ලිංගික බලපෑම් කිරීමේ චෝදනාවක් එල්ල වී ඇති බව දැනගන්නට ඇත. මේ හේතුවෙන් මොහුගේ අංශාධිපති ධුරය තාවකාලිකව තහනම් කර ඇත. ලංකාවේ සියලු ක්ෂේත්‍රයන්ට නොදෙවෙනි ලෙස විශ්ව විද්‍යාල පද්ධතිය අතිශය ජරාජීර්ණ වී තිබේ. මේ කලාතුරකින් එළියට ආ සිදුවීමක් වුවත් විශ්වවිද්‍යාලයන් තුළ නම් මේවා හැමෝම දන්නා ප්‍රසිද්ධ රහස් ය. “ආධුනික …
Continue Reading
නාමල්ගේ හිතවතියට අත පිරෙන්න ගෙවලා!
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ රැකියාවක නියුතු ව සිටි නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ හිතවතියක් පසුගිය පාලන කාලයේ දී ජනාධිපති ලේකම් කාර්යාලයට අනුයුක්ත කර රුපියල් ලක්ෂ 15ක දීමනාවක් ලබා දී ඇති බව වාර්තා වෙයි. මෙසේ දීමනාවක් ගෙවන ලෙස එවක ජනපති ලේකම් ලලිත් වීරතුංග විසින් මේ දීමනාව අනුමත කරමින් යවන ලද ලිපියක් සොයා ගෙන අැති අතර නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ වුවමනාව මත මේ දීමනාව වසර …
Continue Reading
පාතාලය නීත්‍යානුකූලව මර්ධනය කරන්න – ජනපති
”අපරාධකරුවන්ට සමාජයේ යහපැවැත්ම සඳහා අවහිර කරන්න අපි රජයක් වශයෙන් ඉඩ තබන්නේ නැහැ කියන ඒක පැහැදිලිව ප්‍රකාශ කරන්න ඕනි” යනුවෙන් මෛත්‍රිපාල සිරිසේන ජනපතිවරයා පැවසුවේ නාරාහේන්පිට අභයාරාමයේ දී පැවති උත්සව සභාවක් අමතමිනු යි. පාතාලය නීත්‍යානුකූල ව මර්ධනය කරනවා යන්න කී විට නීත්‍යානුකූල නොවන මර්ධනත් තිබෙනවා ද යන්න ප්‍රශ්නයක් ලෙස එයි. ඔව් එහෙම ඒවා ඇත. පසුගිය රජය සමයේ පාතාලය මර්ධනය කරනු ලැබුවේ පාතාල …
Continue Reading
හර්ෂගේ හදිසිය!
හර්ෂ ද සිල්වා යනු ආර්ථික විශේෂඥයෙක් යැ යි හඳුන්වනවා අසන්නට ලැබේ. හර්ෂලා විපක්ෂයේ ඉන්නා කාලයේ හිටියේ පුදුමාකාර ආර්ථික ඇම්මකිනි. ඇමති පට්ටමක් හම්බු වී ආණ්ඩු පක්ෂයට වූ දා සිට නැතිව තිබුණු හර්ෂගේ සද්දය ඇසුණේ ඊයේ ය. ලෝක බැංකු ප්ලග් ගැන විමල් වීරවංශලාට කෝචොක් කරපු හර්ෂලාට ආර්ථිකයට මේං කියා කිසි ම දෙයක් කොරන්නට නොහැකි වූ අතර ඉතිහාසයේ අඩුම මිලට ලෝක වෙළඳපලේ තෙල් …
Continue Reading
රිය අනතුර ගැන පාඨලීගෙන් ප්‍රශ්න කරයි?
පසුගිය දා රාජගිරිය සරණ මාවත අසල දී, 24 හැවිරිදි තරුණයෙකුට බරපතල තුවාල සිදු වුණු රිය අනතුර සම්බන්ධයෙන් ඇමැති පාඨලී චම්පික රණවකගෙන් ප්‍රශ්න කිරීමේ සූදානමක් ඇති බව වාර්තා වෙයි. එම අවස්ථාවේ රථය පදවාගෙන ආවේ අමාත්‍යවරයා ම ය යනුවෙන් නැගෙන චෝදනාව නිසා මෙලෙස ප්‍රශ්න කරන්නට යන බව සැලයි. සාමාන්‍යයෙන් මෙරට පවතින කුප්‍රකට සම්ප්‍රදායක් වන්නේ, යම් වරදක් සිදු කළ තැනැත්තා වෙනුවට වෙන අයෙකු …
Continue Reading
යකාගෙ හැටියට විමානෙ!
කුලියාපිටියේ සිද්ධිය ගැන අප මුලින් ම ලියා තැබුවෙමු. විලාසිතාවට දේවල් ලියන්නට අපට වුවමනාවක් ඇත්තේ නැත. ඒත් අකිල විරාජ් කාරියවසම් නමැති සමකාලීන දේශපාලනඥයා ගැන යමක් ලියා තැබිය යුතු ය. රටක අධ්‍යාපන විෂය භාර ඇමැතිවරුන් අතර මෙතරම් මරි මෝඩ අදහස් පළ කිරීමක් කළ ඇමැතියෙක් සිටියා නම් ඒ අකිල පමණක් විය යුතු ය. ඒඩ්ස් නම් රෝගය බෝවන ආකාර ගැන බොහෝ කතා කර ඇති …
Continue Reading
ලැසිල් ඉවත් කළේ බැසිල් නිසා ද? ඇමැති බානකගේ බලපෑමකට ද?
බරපතළ දූෂණ සහ වංචා සෙවීම පිළිබඳ ජනාධිපති කොමිසමේ ලේකම්වරයා ඉවත් කිරීම සම්බන්ධයෙන් මතයන් දෙකක් පැතිර යමින් තිබේ. බේරුම්කරණ මධ්‍යස්ථානයක් වෙනුවෙන් මිලියන ගණනක් ගසා කෑවෙකු සහ රටේ සහල් අතිරික්තයක් තිබිය දී පිටරටින් සහල මෙට්‍රික් ටොන් දහස් ගණනක් ගෙන් වූ අයෙකු මේ සඳහා මැදිහත්ව ඇත්තේ ඔවුනට එරෙහිව ඉදිරිපත් වූ පැමිණිලි විභාග කිරීමට කිරීමට සූදානම් වූ නිසා ඔවුන්ගේ බලපෑම මත කොමිසමේ ලේකම් ලැසිල් …
Continue Reading
ඇමැති දුමින්ද සබීතාගේ සැමියාට කරුණාව පායි!
සිනමා නිළි සබීතා පෙරේරාගේ සැමියාට අයත් රාජගිරියේ ගොඩනැගිල්ලක් කෘෂිකර්ම අමාත්‍යංශය පවත්වාගෙන යෑම සඳහා මසකට රුපියල් ලක්ෂ 210ක කුළියට ලබා ගෙන ඇති බව වාර්තා වෙයි. මාධ්‍ය මගින් මෙම කරුණ මතු කරනු ලැබුව ද කැබිනට් අනුමැතිය ඒ වෙත ලැබී ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි. පළමුව මෙම මුදලට මේ ගොඩනැගිල්ල කුළියට ලබා ගැනීමට කැබිනට් මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කළේ කෘෂිකර්ම ඇමැතිවරයා වන අතර …
Continue Reading
ඩයිනෝසරයෝ තව ම ජීවතුන් අතර ද?
ඩයිනසෝරයන් මුළුමනින් ම මිහිතලයෙන් වඳවී යන ලද බවට සැලකෙන්නේ අදින් වසර මිලියන හැට හයකට පෙර යි. අභ්‍යාකාශය ගෙන ආ විනාශයක්, එනම් ධූමකේතුවක් හෝ උල්කාපාතයක් පෘථිවිය සමග ගැටීම නිසා ඇතිවූ ව්‍යසනකාරී දේශගුණික ආපදා මාලාව මේ දැවන්තයින්ගේ සමුගැන්මට වගකියන්නට ඇති බව ප්‍රචලිත මතය යි. එදා ඩයිනසෝරයන්ට මරු කැඳවමින් පෘථිවියට වූ තුවාලය යැයි සැලකෙන ආවාටයක් මෙක්සිකෝවේ “චීක්සලූබ්” හි තිබෙනවා. පරමාණු බෝම්බ ලක්‍ෂගණනක ප්‍රබලතාවක් …
Continue Reading
මහනුවර ත්‍රිත්ව/ කුරුණෑගල සහිරා විද්‍යාලයන්ට ප්‍රණාමය පළ කරමු!
පසුගිය දිනවල ලංකාව පුරා පමණක් නොව, ලෝකය පුරාමත් කුප්‍රකටව මෙරටට අපකීර්තියක් ගෙන ආ සිදුවීමක් වූයේ කුලියාපිටිය ප්‍රදේශයේ කුඩා දරුවෙකුට වුණු අසාධාරණය යි. අපිදු පෙර අප අඩවියේ ම සටහන් කළ පරිදි, ශිෂ්ටාචාරකරණය නොවූ අධ්‍යාපන බලධාරීන් පිරිසක් සහ කුලියාපිටිය ප්‍රදේශයේ නූගත් දෙමව්පියන් රොත්තක් විසින් ඒඩ්ස් රෝගය ඇතැයි ප්‍රචාරය කරමින් දරුවෙක්ට ඉගනගන්නට ප්‍රදේශයේ කිසිදු පාසලක් අහිමි කරනු ලැබූහ. බලධාරීන් කරන ලද ඉල්ලීම්, පැහැදිලි …
Continue Reading