ස්වර්ණවාහිනී! හිඟාකන්න.. ඒක නම්බුයි!!!

ශ්‍රී ලංකාවේ කිසිදු වගකිව යුතු විද්‍යුත් මාධ්‍යයක් නොමැති බව අපි වගකීමෙන් කියන්නෙමු. වෙළඳ දැන්වීම් හිඟා කෑමට වඩා වෙන යමක් ඔවුන්ට ඇත්තේ නැත. අලුත් සංකල්ප නිර්මාණය කරන්නට සමත් හිස් ඇති මිනිසුන් නැති බැවින් හිස් මිනිසුන්ගේ හිස් සංකල්පවලට වැඩ කරන මේ හිඟන නාලිකා කටයුතු කරන්නේ පුදුම අත්තනෝමතික ආකාරයෙනි. එදිරිසිංහලාට අයත් ස්වර්ණවාහිනිය ද කැමරා ඔසවාගත් ගොබ්බයන් ලවා කලෙක සිට පාරේ කරන නෙයියාඩගමක් ඇත. …

Continue Reading

සතිඅග සළරුව – Trumbo (2015)

විශ්වාස කරන්න ඕනෑ මොනවාද, කියන්න ඕනෑ මොනවාද, ලියන්න ඕනෑ මොනවා දැ යි ඔහුට කියන්න එන්න කාටවත් බැහැ. ඔහු ඩෝල්ටන් ට්‍රම්බෝ. ඩෝල්ටන් ට්‍රම්බෝ යනු හොලිවුඩයේ එදා මෙදා තුර බිහි වූ අග්‍රගණ්‍ය සිනමා රචකයගෙන් කෙනෙක්. ස්පාර්ටකස්, එක්සොඩස්, බ්‍රේව් වන් සහ රෝමන් හොලිඩේ ආදී අදටත් ජනකාන්ත හොලිවුඩ් සිනමා නිර්මාණ රැසක් ඔහුගේ සිනමා රචනා අතරේ වනවා. ඩෝලටන් ට්‍රම්බෝ හොඳට හම්බකරන්න රැකියාවක් ඕනෑ වූ නිසා …

Continue Reading

මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිස ශ්‍රී.ල.නි.ප.යෙන් නෙරපා හැරෙයි ද?

පසුගිය 17 වැනි දා කොළඹ හයිඩ් පිටියේ පැවැත්වූ ඒකාබද්ධ විපක්ෂය නමින් හඳුන්වාගන්නා කණ්ඩායමේ ජන සටන නම් රැළියට සහභාගි වූ ශ්‍රී.ල.නි.ප. මන්ත්‍රීන් 37 දෙනාට එරෙහිව විනය පරික්ෂණ පැවැත්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇතැයි වාර්තා වෙයි. එම පක්ෂයේ උත්තරීතර ආයතනය වන මධ්‍යම කාරක සභාව විසින් එම රැස්වීමට සහභාගි නොවිය යුතු බවට ගෙන තිබූ තීරණය උල්ලංඝනය කිරීම මෙයට හේතුව ලෙස දැනගන්නට …

Continue Reading

බරපතළ වංචා දූෂණ සෙවීමේ කොමිසම පැමිණිලි භාර ගැනීම නවත්වයි!

බරපතළ වංචා දූෂණ සෙවීම පිළිබඳ ජනාධිපති කොමිසම පැමිණිලි භාරගැනීම මේ මස 24 වැනි දා අවසන් කිරීමට තීරණය කර ඇතැ යි රීඩ් ශ්‍රී ලංකා වෙත වාර්තා වෙයි. ඒ අනුව මහජන මුදල් අයථා පරිහරණය, කොමිස් අල්ලස් ගැනීම ආදිය සම්බන්ධයෙන් වන පැමිණිලි හා තොරතුරු 24 වැනි දා තෙක් පමණක් බාරගන්නට නියමිත ව තිබේ. මෙය යම් කුහුල දනවන තත්වයකි. මෙම කොමිසම තාවකාලික ආයතනයක් බව …

Continue Reading

විමල්ට තුම්මුල්ලෙන් ප්‍රශ්නයක්!

හිටපු අමාත්‍ය ජා.නි.පෙ. නායක විමල් වීරවංශ ඇතුළු පිරිසක් අද අලුත් කඩේ අධිකරණය වෙත කැඳවා තිබේ. එයට හේතුව තුම්මුල්ල හංදියේ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වීම බව වාර්තා වෙයි. ජිනීවාහි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළිබඳව මහ කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු මෙරටට පැමිණි අවස්ථාවේ එකී කාර්යාලය ඉදිරිපිට මෙම විරෝධතාවය පැවැත්වීයැ යි පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර ඇත. විමල් වීරවංශ, …

Continue Reading

මහීපාල හේරත් ඒකාබද්ධ රැළියට සෙනග අැද්දේ ජනතා මුදලින්!

මහින්ද රාජපක්ෂ රජය සමයේ ඔවුන්ගේ රැස්වීම් සඳහා සෙනඟ ඇදීමට භාවිතා කරනු ලැබුවේ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් රථ ය. විවිධ උපක්‍රම මගින් මුදල් නොගෙවා මෙලෙස ලබා ගත් බස්රථවලට අරක්කු සහ බත් පැකට් ද දවසේ වැටුපට සමාන මුදලක් ද ගෙවා ගම්වල මිනිසුන් උක්ත රැළිවලට ගෙන්වා ගත් බව ප්‍රකට තොරතුරකි. එවන් ජනතා මුදල් පහත් ලෙස කාබාසිනියා කරන පන්නයේ වැඩ තවමත් නතර …

Continue Reading

නාමල්ගෙන් ප්‍රශ්න කළේ කෝටි 7ක කොමිස් කතාවක්!

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගෙන් ඊයේ (17) දින පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය ප්‍රශ්න කරනු ලැබුවේ, කෝටි 7ක කොමිස් මුදලක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බව රීඩ් ශ්‍රී ලංකා වෙත වාර්තා වෙයි. ලොව ප්‍රකට ඉන්දියානු සමාගමක් විසින් කොළඹ කොටුවේ ඉදිකරන සුපිරි හෝටලයක් සඳහා ලබා දී ඇත්තේ රජයේ ඉඩමකි. මේ ඉඩම ලබා දීමේ දී එවක රජයේ විවිධ පාර්ශ්වයන් විසින් මෙම සමාගමෙන් අල්ලස් ලබා ගෙන …

Continue Reading

බැසිල්ගේ කොමිස් සල්ලි වැඩ කරයි!

මේ වන විට හයිඩ් පිටියේ ඒකාබද්ධ විපක්ෂයේ රැස්වීම පැවැත්වෙයි. එයට සහභාගි වූ ජනතාවගේ ඡායාරූප සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කරමින් මහින්දවාදීහු වින්දනයේ යෙදන අයුරු අපිට දකින්නට ලැබේ. සුදුවෑන්වලට හයර් නැති වීමත්, මිනීමරුවන්ට, ස්ත්‍රී දූෂකයන්ට වැඩ අඩු වීමත්, ගසාකන්නවුන්ට ඒවා නැතිවීමත් හේතුභූත කරගෙන මහින්ද රැළියට ජනතාව ගෙන ඒමට ජීවය ලැබී ඇත. නව ලිබරල්වාදයේ ප්‍රතිරූපය මෙන් පෙනී සිටි අගමැති රනිල් වික්‍රමසිංහගේ ගෝත්‍රික හැසිරීම …

Continue Reading

ජාතික සේවක සංගමයට සිපෙට්කෝ කප්පම්?

එක්සත් ජාතික පක්ෂයේ වෘත්තීය සමිතියේ නායක කාරකාදීන් විසින් තම වෘත්තීය සමිති ව්‍යාපාරය වන ජාතික සේවක සංගමය හරහා ලංකා ඛනිජ තෙල් සංස්ථාවට අයත් පිරවුම්හල්වලින් මුදල් ලබා ගැනීමේ ක්‍රමවේදයක් පවත්වාගෙන යනු ලබන බව රීඩ් ශ්‍රී ලංකා වෙත වාර්තා වෙයි. තමන්ට හිතවත්, තම සංගමයේ සාමාජිකයන් සිටිනා පිරවුම්හල් මේ කප්පම් ක්‍රියාවලියට නතු කරගන්නා බව වැඩිදුර තොරතුරු දැනගන්නට ඇත. මේ මුදල් ලබා ගැනීම සඳහා ඉන්ධන …

Continue Reading

චීන නගරයක් මැද්දේ සමාන්තර විශ්වයක් මතුවෙයි?

ගිය අවුරුද්දෙ ඔක්තෝම්බර් මාසෙ හත්වැනිදා චීනයේ ෆෝෂාන් නගරට ඉහළින් අහසේ වළාකුළු මත මහා නගරයක් මතුවෙන හැටි දහස්ගණනක් දෙනා ඇස්දෙකෙන් දැක්කා. ඒ අහසේ පාවෙන නගරය විනාඩි කිහිපයයි තිබුණේ. ඊටපස්සේ අතුරුදහන්වුණා. එයින් දවස් කිහිපයකට පස්සේ ජියෑංෂී පළාතෙනුත් ඊට සමාන සිද්ධියක් වාර්තාවුණා. අහසේ වළාකුළු මත පාවෙන මහා නගරයක්. මේ අද්භූත අහසෙ පාවෙන නගර ගැන ලෝකේ පුරාම මාධ්‍ය ආයතන වාර්තා කළා. මේ නම් සමාන්තර …

Continue Reading