බරපතළ වංචා දූෂණ සෙවීම පිළිබඳ ජනාධිපති කොමිසම පැමිණිලි භාරගැනීම මේ මස 24 වැනි දා අවසන් කිරීමට තීරණය කර ඇතැ යි රීඩ් ශ්‍රී ලංකා වෙත වාර්තා වෙයි. ඒ අනුව මහජන මුදල් අයථා පරිහරණය, කොමිස් අල්ලස් ගැනීම ආදිය සම්බන්ධයෙන් වන පැමිණිලි හා තොරතුරු 24 වැනි දා තෙක් පමණක් බාරගන්නට නියමිත ව තිබේ.
මෙය යම් කුහුල දනවන තත්වයකි. මෙම කොමිසම තාවකාලික ආයතනයක් බව මේ තීරණය සමඟ පෙනී යන්නකි. අනෙක් අතට මේ කොමිසම හරහා සත්‍ය වශයෙන් ම නම් සිදු වුණු වංචා දූෂණ කෙරෙහි සැලකිය යුතු පියවර ගැනීමක් දකින්නට නොලැබුණු බව කිව යුතු ය. කුමන හේතුවක් නිසා හෝ පරික්ෂණ මන්දගාමී ය.
අනෙක් අතට දැන් සියලු වංචා දූෂණ මෙරට අවසන් වී ද? එසේත් නැත්නම් මෙරට බොහෝ අවස්ථාවල සිදු වූ පරිදි ආණ්ඩුව අලුත් පිට කරන සෙප්පඩ විජ්ජාවක් පමණ ද?
ඉතිහාසය විසින් මේවාට පිළිතුරු ලබා දෙන්නට නියමිත ය.
Loading...