ජාතික සේවක සංගමයට සිපෙට්කෝ කප්පම්?

Spread the love

ceypetco 2

එක්සත් ජාතික පක්ෂයේ වෘත්තීය සමිතියේ නායක කාරකාදීන් විසින් තම වෘත්තීය සමිති ව්‍යාපාරය වන ජාතික සේවක සංගමය හරහා ලංකා ඛනිජ තෙල් සංස්ථාවට අයත් පිරවුම්හල්වලින් මුදල් ලබා ගැනීමේ ක්‍රමවේදයක් පවත්වාගෙන යනු ලබන බව රීඩ් ශ්‍රී ලංකා වෙත වාර්තා වෙයි.

තමන්ට හිතවත්, තම සංගමයේ සාමාජිකයන් සිටිනා පිරවුම්හල් මේ කප්පම් ක්‍රියාවලියට නතු කරගන්නා බව වැඩිදුර තොරතුරු දැනගන්නට ඇත. මේ මුදල් ලබා ගැනීම සඳහා ඉන්ධන යන්ත්‍රවල මීටර සූක්ෂ්මව වෙනස් කර ඉතිරි වන ඉන්ධන මුදල් කරගන්නා බවට ද අප ආරංචි මාර්ග සඳහන් කර සිටියි. ජාතික සේවක සංගමයේ සාමාජික පිරවුම්හල් පරික්ෂකවරුන් හරහා මේ කටයුත්ත සාර්ථකව කරගන්නා බව දැනගන්නට ඇත.

වගකිවයුතු අංශවල අවධානය මේ ගැන නොපමාව යොමු විය යුතු වන්නේ, විමල් වීරවංශලාගේ පක්ෂ ජනතා මුදලින් නඩත්තු කළා වැනි දේවල් මේ පාලනය යටතේ ද සිදුවන්නේ නම් සිදුව ඇති වෙනසක් නැති නිසා ය.

RSL

Related Posts