බැසිල්ගේ බිරිඳ රට පනී!

හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතාගේ බිරිය පුෂ්පා රාජපක්ෂ මහත්මිය වසර 2015 ජනවාරි 11දා අමෙරිකාවට ගොස් තිබෙන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව ජනාධිපති පරීක්ෂණ කොමිසම වෙත දැනුම්දී ඇත. ඇය නැවත මෙරටට පැමිණි බවට වාර්තා වී නැති බවත්, එම දෙපාර්තමේන්තුව කොමිසමට වැඩිදුරටත් දන්වා ඇත. ඇගේ දියණිය තේජානි රාජපක්ෂ මහත්මිය පිළිබඳවත් කොමිසම විමර්ශන සිදු කරගෙන යයි. ගුවන් හමුදාවේ ගුවන් යානා අවභාවිතය පිළිබඳ සිදුකෙරෙන විමර්ශනයකට …

Continue Reading

‘ROANU’ සුළි කුණාටුව – සුළගේ වේගය ක්ෂණිකව වැඩිවීමේ හැකියාව තවදුරටත්

බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින‘ROANU’ සුළි කුණාටුව මේ වනවිට කන්කසන්තුරය ප්‍රදේශයට ආසන්න වශයෙන් කි.මී.1100 ක් ඊසාන දෙසින් පිහිටා ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. එය තවදුරටත් දිවයිනෙන් ඈතට ගමන් කරමින් පවතී. පද්ධතිය දෙසට ඇදී යන සුළං ප්‍රවාහයේ අභිසාරීබව හේතුවෙන් දිවයිනේ සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය ක්ෂණිකව වැඩිවීමේ හැකියාව තවදුරටත් පවතී.

Continue Reading

රාජපක්ෂ රෙජීමයේ 16 කට නොවරදින නඩු

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය සිදු කරන ලද විමර්ශනවල ප්‍රතිඵලයන් ලෙස ‍හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ, හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු දේශපාලනඥයන් සහ නිලධාරින් දහසය දෙනකුට එරෙහිව මහාධිකරණය හමුවේ නඩු පවරා අධිචෝදනා භාරදුන් බව නීතිපති ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය මහතා පවසයි. නඩු පැවරූ සෙසු පිරිස අතර විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් අනූෂ පැල්පිට, විනිමය සුරැකුම් …

Continue Reading

පානීය ජල සැපයුම මුළුමනින්ම ඇණහිටීමේ අවදානමක්! (විශේෂ)

කැළණි ගඟ පිටාර ගැලීමත් සමග අඹතලේ ජල පවිත්‍රාගාරය ගංවතුරට හසු වීමෙන් ජල සැපයුම සම්පුර්ණයෙන්ම ඇණහිටීමේ දැවැන්ත අර්බුදයකට මුහුණ දී සිටින බව අඹතලේ ජල පවිත්‍රාගාරය පවසයි. කැළණි ගඟේ ජල මට්ටම අඩි 20 අගල් 5ක් දක්වා ඉහල ගොස් ඇති බැවින් තවත් අඩි දෙකක් ජල මට්ටම ඉහළ ගියහොත් ජලය බෙදා හැරීම ඇණහිටින අතර ඒ අනුව අඹතලෙන් ජලය සැපයෙන සියලුම ප්‍රදේශයන්ට (කොළඹ සහ ගම්පහ …

Continue Reading

ජනපති ජන දුක සොයා බලයි

අරණායක, එළගපිටිය ප්‍රදේශයේ සිදු වූ නාය යාමෙන් විපතට පත් ජනතාව පිළිබද සොයා බැලීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (18) දහවල් එම ප්‍රදේශයේ හදිසි නිරික්ෂණ චාරිකාවක නිරත විය. නාය යාම සිදුවූ සාමසර කන්ද ප්‍රදේශය වෙත ගිය ජනාධිපතිතුමා එය නිරීක්ෂණය කළ අතර විපතට පත් ජනතාව ගලවා ගැනීමේ කටයුතුවල නිරතව සිටින ආරක්ෂක අංශ සාමාජිකයින් ද හමුවී එම කටයුතු කඩිනම් කරන ලෙස උපදෙස් දුන්නේය. …

Continue Reading

කු.පා.ම.මහින්දගේ රණවිරු සමරුව කොට උඩ

කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ හෙට (19) දිනයේදී කුරුණෑගලදී පැවැත්වීමට සූදානම් වූ රණවිරු සමරුව අවලංගු කර ඇති බව වාර්තා වේ. මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයා පැවැත්වීමට සූදානම් වූ රණවිරු සැමරුමට කිසිදු හමුදා සාමාජිකයකුට සහභාගී විය නොහැකි බවට ආරක්ෂක ලේකම්වරයා විසින් දැනුවත් කරන ලද අතර මෙම සැමරුම අයහපත් කාළගුණය නිසා අවලංගු කිරීමට සිදු වූ බව සඳහන් කර ඇත. එහෙත් සත්‍ය සිදුවීම නම් …

Continue Reading

රුපියල් කෝටි 1260ක චෙක්පත් ගනුදෙනුවේ සැඟැවුණු කතාව

මැයි මස 9 වැනි දා රජයේ ප්‍රවෘත්ති අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවැති මාධ්‍ය හමුව උණුසුම් පුවතක් මාධ්‍යයට ලබා දුන්නේය. මාධ්‍ය හමුව පැවැත්වුණේ රාජිත සේනාරත්න හා පාඨලී චම්පික රණවක යන ඇමැතිවරුන්ගේ ප්‍රධානත්වයෙනි. රාජිත සේනාරත්න ඇමැතිවරයා මෙම හෙළිදරව්ව කළේය. එනම් හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත්ගේ රියැදුරකු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට ඉදිරිපත් කළ පැමිණිල්ලකි. ඒ පැමිණිල්ලට අනුව ලංකා බැංකුවේ නගර ශාඛාවෙන් …

Continue Reading

සියලු අංශ සීරුවෙන් තබන්න – ජනපතිගෙන් නියෝගයක්

පවතින අයහපත් කාළගුණ තත්ත්වය හමුවේ ඇතිවිය හැකි ඕනෑම හදිසි ආපදා තත්ත්වයකට මුහුණදීමට හැකිවන පරිදි සියලු අංශ සූදානමින් තබන ලෙස ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා නිලධාරින්ට උපදෙස් ලබා දී ඇත. එමෙන්ම ගංවතුරෙන් හා නායයාම් හේතුවෙන් අවතැන්වන එක් පුද්ගලයෙකුගේ ආහාර පාන ඇතුළු අවශ්‍යතා වෙනුවෙන් දිනකට වෙන් කරන රුපියල් 150 ක මුදල රුපියල් 225 දක්වා වැඩිකිරීමටද ජනාධිපතිතුමා උපදෙස් ලබා දී ඇති අතර ජනාධිපති මෛතී‍්‍රපාල …

Continue Reading

සපුගස්කන්ද තෙල් පිරිපහදුව පිපිරෙයි..? (විශේෂ)

වසර හතළිහකට වඩා පැරණි සපුගස්කන්ද තෙල් පිරිපහදුව නව රජය පත්වීමත් සමග ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකුලව නවීකරණය කිරීමට අවධානය යොමුකර ඇති අතර එහෙත් එය කඩාකප්පල් කොට සපුගස්කන්ද තෙල් පිරිපහදුව පුපුරුවා හැරීමේ අභ්‍යන්තර සැලැස්මක් ක්‍රියාත්මක බවට වාර්තාවේ. ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සේවකයින් පවසන පරිදදි මුල්‍ය කළමනාකරු දාබරේ සහ වාණිජ කළමනාකරු ගුණවර්ධන ඇතුළු පිරිසක් විසින් ඉන්දීය සමාගමකින් අල්ලස් ලබාගෙන ඉතා බාල තත්වයේ අලුත් …

Continue Reading

විමල්ට අමතක වුණු ඒ සොඳුරු අතීතයෙන් බිඳක්..

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පසුගිය දා ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොනුකරමින් සඳහන් කර සිටියේ වත්මන් රජයේ වැට් බදු වැඩිකිරීම අසාධාරණ බවත් එම බදුවැඩි කිරීම තහනම් කරමින් නියෝගයක් නිකුත් කරන ලෙසත්ය. මෙය කෙතරම් හාස්‍යජනකද යත් විමල් වීරවංශවලාට ඔවුන් ආණ්ඩුකළ සමයේ මෙරට සමස්ත ජනතාවගෙන් බදු පිට බදු ගැසූ හැටි අමතක වීමයි. සෑම භාණ්ඩ හා සේවාවකටම එදා විමල් ලා පණ පෙවූ රාජපක්ෂ …

Continue Reading