සමාජ ජාලා සහ වෙබ් අඩවි ඉලක්ක කර ජනාධිපතිවරයා සිදුකරන ප්‍රකාශ මාධ්‍ය නිදහසට තර්ජනයක්!
පසුගිය කාලසිමාව පුරාම රටේ සමාජ ජාලා සහ වෙබ් අඩවි ඉලක්ක කරගනිමින් ජනාධිපතිවරයා විවිධ ස්ථානවල කල ප්‍රසිද්ධ ප්‍රකාශයන් හරහා මැනවින් තහවුරු වෙමින් ඇත්තේ ආණ්ඩුවේ නොහැකියාවන් වසා ගැනිමේ අසමත් කම මාධ්‍ය මර්දනය හරහා නතරකර ගැනිමෙ අවශ්‍යතාවය බව වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරයේ අදහස වන බව එම ව්‍යාපාරය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් මෙසේ …
Continue Reading
මම එදා වගේම අදත් වංචාවට දූෂණයට නාස්තියට විරුද්ධයි – ජනපති
තමන් ඇමැතිවරයකුගේ කාලයේත් වර්තමාන ජනාධිපති කාලයේත් අනාගතයේත් වංචාවට, දූෂණයට, නාස්තියට, හොරකමට එරෙහිව කටයුතු කරන බවත් ඒ සඳහා කැපවී කටයුතු කරන බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පළමු වැනිදා මැදිරිගිරිය හා හිඟුරක්ගොඩ පැවැති ජන හමු කිහිපයකදී පැවැසීය. ජනාධිපතිවරයා මේ බව පැවැසුවේ ‘යළි පිබිදෙමු පොළොන්නරුව’ ව්‍යාපෘතියේ රුපියල් කෝටි 6000ක ආයෝජනයකින් ආරම්භ කොට නිම කළ ව්‍යාපෘති 60ක් ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට සහභාගි වෙමිනි. මැදිගිරිය …
Continue Reading
පොළොන්නරුව වගේ රටත් සංවර්ධනය කරනවා – ජනපති
පොළොන්නරුවේ පමණක් නොව දිවයිනේ සෑම පළාතකම යෝධ සංවර්ධන සංග්‍රාමයක් අරඹන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කරයි. ජනාධිපති සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේ පිබිදෙමු පොළොන්නරුව ව්‍යාපෘතිය යටතේ දිවුලන්කඩවල මධ්‍ය මහා විද්‍යාලයේ දෙමහල් ගොඩනැඟිල්ල සිසු අයිතියට පවරා දීමේ උත්සවයට ඊයේ (01දා) එක්වෙමිනි. එම අවස්ථාව ඇමතූ ජනාධිපතිවරයා මෙසේද පැවැසීය. ඔබේ අතට පත්වී තිබෙන පොළොන්නරුව පිළිබඳ ප්‍රකාශනයේ ඉහළින්ම තිබෙන ශීර්ෂය වන්නේ රු. …
Continue Reading
යුද හමුදාවෙන් අලුත් මෙහෙයුමක්
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ උපදෙස් මත ජනාධිපති ලේකම් කාර්යාලයේ අධීක්ෂණය මත ක්‍රියාත්මක වන පැරණි වාරි තාක්ෂණයද භාවිත කරමින් මධ්‍යම ප්‍රමාණයේ වැව් 500ක් ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩපිළිවෙළක් රජය ආරම්භ කළේ ශක්තිමත් කෘෂි ආර්ථිකයක් ගොඩනැංවීමේ අරමුණ ඇතිවයි. සිරිසර පිවිසුම ව්‍යාපෘතිය නම් වන මේ සඳහා ශ්‍රම දායකත්වය සපයන්නේ යුද්ධය නිමාකිරීමට උරදුන් ශ්‍රී ලංකා යුද හමුදාවයි. ව්‍යෘපෘතිය සවිබලගන්වන ශ්‍රී ලංකා යුධ හමුදාව මේ ව්‍යාපෘතියට සක්‍රිය …
Continue Reading
අකිලගේ කුප්‍රකට සැලැස්ම ජනපති නියමයෙන් නවතී
දේශපාලන පළිගැනීම්වලට ලක් වූ බව කියමින් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නුසුදුස්‌සන්ට ලබා දීමට සැලසුම් කරන ලද උසස්‌වීම් 1014 ම අත්හිටුවීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (25) තීරණය කළේය. මෙම තීරණයත් සමගම වෘත්තීය සංගම් දොළහක් ඒකාබද්ධව අද (26) පැවැත්වීමට සැලසුම් කළ අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ අසනීප නිවාඩු දැමීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවීමට ද එම වෘත්තීය සංගම් නායකයෝ තීරණය කළහ. උසස්‌වීම් ලබා දීමට නිර්දේශ කරන ලද …
Continue Reading
ගොවිජන දුක නිවන්න, රජ දවසින් පසු ඇරඹුණු මහා වික්‍රමය මොරගහකන්ද ව්‍යාපෘතියයි – ජනපති
මේ යුගයේ පමණක් නොව රජ දවසින් පසුව රටේ ජාතියේ අනාගතය සඳහා ක්‍රියාත්මක වන ජාතික ආර්ථිකය ශක්‌තිමත් වන ගොවිදුක නිවන මහා වික්‍රමය මොරගහකන්ද කළුගඟ ව්‍යාපෘතිය බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය. මොරගහකන්ද කළුගඟ රන්දියවර මංගල්‍යයෙන් පසුව පැමිණ සිටි පිරිස අමතමින් ජනාධිපතිවරයා එසේ ප්‍රකාශ කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්‌වූ ජනාධිපතිවරයා මෙසේද කීය. අද දවස මම ඉතාම සතුටු වෙන දවසක්. මෙතන ඉන්න …
Continue Reading
කළුගඟෙන් රජරටට ගලන දෙවන පැරකුම් යුගය
මාතලේ දිස්ත්‍රික්කයට අයත් දුම්බර මිටියාවතේ සුන්දර නකල්ස් කඳුවැටියෙන් උපත ලැබූ අඹන්ගංගා කොමළියත්, කළු ගංගා කොමලියත් හැඩ වැඩ දමමින් රිසි සේ ගලා යයි. තමාගේ සුන්දර දිය කොමළියන් දෙදෙන හිතුමතේ ගමන් ගන්නා අයුරු දුම්බර මිටියාවත් මාතාව කනස්සල්ලෙන් බලා සිටියේය. ඒ ඇය තම දියණියන් දෙදෙන මෙලොවට දායාද කළ අරමුණ ඉටු නොවනා බව පෙනෙන නිසා විය හැක. උතුරුමැද හා වයඹ ප්‍රදේශයන්හි වෙසෙන ගොවි දරුවෝ …
Continue Reading
‘එල්ලා මරණ’ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම අනිවාර්යයි – ජනපති යළි අවධාරණය කරයි
මොන විදියේ විරෝධතා ආවත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව මරණීය දණ්‌ඩනය ක්‍රියාත්මක කිරීමට ගත් තීන්දුව කිසි ලෙසකින්වත් වෙනස් නොකරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පොලොන්නරුවේදී අවධාරණය කළේය.යහපත් සමාජයක් සෑදීම හොඳින් කියලා බැරිනම් සමහර විට ලෝකයේ බොහෝ රටවල් වගේ නරකින් කරන්නට සිද්ධ වෙනවා යෑයි ද ජනාධිපතිවරයා කීවේය. චීන – ශ්‍රී ලංකා මිත්රත්ව ජාතික වෘක්කවේද විශේෂිත රෝහලේ ඉදිකිරීම් ආරම්භ කිරීමෙන් අනතුරුව පෙරේදා (21 දා) …
Continue Reading
චීන – ශී‍්‍ර ලංකා මිත්රත්ව ජාතික වෘක්කවේද රෝහලේ ඉදිකිරීම් අද (21) ජනපති ප‍්‍රධානත්වයෙන් ඇරඹේ
ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ඉල්ලීමක් අනුව චීන රජයෙන් ලැබුණු පූර්ණ පරිත්‍යාගයක් ලෙස පොළොන්නරුවේ ඉදිකෙරෙන චීන – ශී‍්‍ර ලංකා මිත්රත්ව ජාතික වෘක්කවේද විශේෂිත රෝහලේ ඉදිකිරීම් අද (21) පෙරවරුවේ යෙදෙන සුබ මොහොතින් ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ආරම්භ කෙරේ. වකුගඩු රෝගයෙන් පීඩාවිදින ජනතාව වෙනුවෙන් ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා තුළ තිබූ දිගුකාලීන අපේක්ෂාවක් ඉටුකරමින් දකුණු ආසියාවේ විශාලතම වකුගඩු රෝහල ලෙස මෙම …
Continue Reading
‘නිව්යෝර්ක් ටයිම්ස්’ පුවත්පතේ පළවූ පුවත සම්බන්ධයෙන් පැවැති විවාදයේදී මැති ඇමැතිවරු දැක්වූ අදහස්..
ගනුදෙනු චෝදනාවට පිළිතුරු දිය යුත්තේ චෝදනාව එල්ල වූ කෙනා මිස එයාගේ ගෝල බාලයන් නොවේ – ජ.වි.පෙ. නායක අනුර කුමාර දිසානායක රටේ මහජන ධනය සොරාකෑම ගැන ඉතිහාසය පුරාම කතාකර තිබෙනවා. අද හොරකමට සම්බන්ධකම් දක්වන්නේ රජ ගෙදරින් බවට ඔප්පු වෙමින් තිබෙනවා. බැඳුම්කර ගනුදෙනුව ගැන කතා කරද්දී රනිල් වික්‍රමසිංහ නම නොකියා බැහැ. ඒ වගේම නිව්යෝර්ක් ටයිම්ස් පුවතේදී මහින්ද රාජපක්ෂ නම නොකියා බැහැ. රටේ …
Continue Reading