මෛත්‍රී, හේමා ප්‍රේමදාසටත් සළකයි

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ බිරිය වන හේමා ප්‍රේමදාස මහත්මියට ලබා දීම සඳහා කොළඹ 7 නිවසක අලුත්වැඩියාවට ආණ්ඩුව රුපියල් මිලියන 400ක් වෙන් කර තිබේ. පැජට් පාරේ පිහිටා ඇති මෙම නිවස සම්පූර්ණයෙන් අලුත්වැඩියා කිරීමට නියමිත අතර අලුත්වැඩියා කටයුතු නාවික හමුදාවට පැවරී තිබේ. ජනාධිපතිවරයාගේ නිවාසවල අලුත්වැඩියා සහ ඉදිකිරීම් කටයුතු භාරව සිටින නාවික හමුදා අනුඛණ්ඩය මෙම නිවසේ ද ඉදිකිරීම් භාරව සිටී. ඒ අනුව …

Continue Reading

රණවිරු රියල් ස්ටාර් සිහිනය ජනපති රියලිටියක් කරයි

රණවිරු රියල් ස්ටාර් තරගාවලියේ අවසන් වටය සඳහා තේරුණු 35 දෙනා වෙත නව නිවාස හිමිකම් පත් ලබාදීම ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් පෙරේදා (13) පස්වරුවේ හොරණ මදුරාවල ප‍්‍රබුද්ධගම රණවිරු ගම්මානයේ දී සිදුවිය. අදියර පහක් යටතේ ක‍්‍රියාත්මක වූ රණවිරු රියල් ස්ටාර් තරගාවලියේ පස්වන මෙහෙයුමේ ජයග‍්‍රාහක ජයග‍්‍රාහිකාවන්ට ත්‍යාග ප‍්‍රදානය කළ උළෙලේ දී අවසන් වටය සඳහා තේරුණු 35 දෙනා වෙත නව නිවාස ලබාදෙන බවට …

Continue Reading

කථානායක කම කරේ තියන් ‘කරු’ මේ කඩේ යන්නේ කාටද..?

මේ වන වත්මන් පාර්ලිමේන්තුවේ විපක්ෂයට අදාළ පැහැදිලි බහුතරය තිබෙන්නේ හිටපු ජනාධිපති සහ වත්මන් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පුමුඛ ඒකාබද්ධ විපක්ෂයට බව ඉතා පැහැදිලි සත්‍යයකි. ආණ්ඩුවේ දේශපාලනික උවමනාවන් මත පාර්ලිමේන්තුවේ ආසන 16ක් හිමි දෙමළ සන්ධානය විපක්ෂය කොට දෙමළ සන්ධාන නායක ආර්. සම්බන්ධන්ට විපක්ෂනායක දුන්නද ඇසට පෙනෙන සත්‍ය නම් රටේ ජනමතයට සහ පාර්ලිමේන්තුවේ ආසන ගණන ගත්තද විපක්ෂය තිබෙන්නේ ඔවුන්ට …

Continue Reading

ජනපතිගේ සමීපතමයෙකු වන ඉසුරගේ සැප පුටු ගැහිල්ල ජවිපෙන් නතර කරයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අතිශය සමීපතම දේශපාලන සඟයෙකු ලෙස ප්‍රකට බස්නාහිර පළාත් මහ ඇමතිවරයා ලෙස ජනාධිපතිවරයා විසින්ම පත්කළ ඉසුර දේවප්‍රියගේ සෘජු මැදිහත් වීම සහ අවශ්‍යතාවය මත බස්නාහිර පළාත් සභාවට අට කෝටි දොලොස් ලක්ෂ පනස් දහසක් (රු. 81,250,000) මුදල් වැය කර පුටු 125ක් ගෙන්වීමට ඇති සූදානමක් පිළිබඳව, ජනතා විමුක්ති පෙරමුණේ පළාත් සභා මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණ ආරච්චි මහතා සිදු කළ අනාවරණයෙන් පසුව …

Continue Reading

ජනපති කැබිනට්ටුවට තඟ දමයි..?

කැබිනට් රැස්වීමේදී ගන්නා තීන්දු තීරණ ඉන් පිටතට පැමිණ මාධ්‍ය හරහා විවේචනය නොකරන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සියලු ඇමැතිවරුන්ට තරයේ නියෝග කර තිබේ. එවැනි සාමූහික තීන්දු පිටතට පැමිණ විවේචනය කිරීම නිසා රජයේ විවිධ කටයුතු ක්‍රියාත්මක කිරීමේදී දැඩි බලපෑමක් එල්ල වී ඇති අතර ඒ තුළින් රජයේ කටයුතු ගැන වැරැදි අවබෝධයක් ජනනය වන බවද ජනාධිපතිවරයා පවසා ඇත. කැබිනට් හමුව තුළ කිසිදු අදහස් දැක්වීමක් …

Continue Reading

දහම් පුතාගේ තවත් එක් සිහිනයක් ජනාධිපති තාත්තා සැබෑ කරයි..

ජනාධිපති පුත් දහම් සිරිසේන මහතා සදහා සුපිරි පහසුකම්වලින් සමන්විත සුඛෝපභෝගී කාර්යාලයක් කොළඹ මහවැලි කේන්ද්‍රයේ සකස් කර තිබේ. මහවැලි කේන්ද්‍රයේ හෝ වෙනත් ආයතනයක කිසිම තනතුරක් නොදරන දහම් සිරිසේන මහතා වෙනුවෙන් රජයේ මුදලින් කාර්යාලයක් තනා දීම සේවකයන්ගේ මවිතයට හේතු වී තිබේ. මහවැලි කේන්ද්‍රයේ තෙවැනි මහලේ පිහිටා තිබෙන මෙම කාර්යාලය සම්පූර්ණයෙන් නවීකරණය කර තිබෙන අතර ලී බඩු පවා අලුතෙන් මිල දී ගෙන ඇත. …

Continue Reading

මේ රටේ බත් කන ජනතාව නොදන්න සිරිසේනලාගේ සහල් මාෆියාව

වැසි වසින කළ පසුගිය කාලය පුරාවට ආණ්ඩුව කීවේ වැස්සයි, ගංවතුරයි නිසා සහල් මිල ඉහළ යන බව ය. පායන කළ කිවේ ඉඩෝරය නිසා සහල් මිල ඉහළ යන බවය. කෙසේ හෝ මේ සියලු කාලවලදී නිරන්තරයෙන් එළවළු මිල ඉහළ ගොස් පහළ වැටුනි. එහෙත් පසුගිය වසර තුනහමාර පුරාවට කෙදිනකවත් සහල් මිල නම් කිසි ලෙසකින්වත් පහළ වැටුණේ නැත. පෙරදිග ධාන්‍යාගාරය ලෙස අතීතයේ හැඳින් වූ අප …

Continue Reading

වර්ජනවලින් අපිට රිදෙන්නේ නෑ; තැලෙන්නේ දුප්පත් ජනතාව – ජනපති

වැඩ වර්ජනවලින් ආණ්ඩුවට රිදෙනවා යැයි කවුරු හරි හිතනවා නම් එය මිථ්‍යාවක් බවත්, රිදෙන්නේ අහිංසක දුප්පත් පොදු මහජනතාව බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. විභාගය අවසන්ව ගෙදර යන පුංචි දරුවන් ගැන විතරක් දුම්රිය වැඩ වර්ජනය සිදු කරන අපේ හිතවත් මිත්‍රයන් සිතන්නේ නම් මෙවැනි වැඩ වර්ජනයක් ක්‍රියාවට නැංවීමට තරම් ඔවුන්ගේ හෘද සාක්ෂිය ඉඩ නොදෙනු ඇති බවත් එසේ වන්නේ නම් මනුෂ්‍යත්වයේ සැබෑ යථාර්ථය …

Continue Reading

ගැටුම එළිපිට; අගමැති රනිල්, ජනපති මෛත්‍රීගේ ඉදිරි වැඩසටහන් මඟ අරී.. (විශේෂ)

අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඉදිරි දේශපාලන ගමනට අදාළ වන වැඩ සටහන් වලට සහභාගී වීම මඟ අරින බවට දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ. ජනාධිපතිවරයා ප්‍රමුඛ වත්මන් යහපාලන රජයේ 2030 ඉලක්ක කරගත් “තිරසර දැක්ම එළිදැක්වීම සහ තිරසර කතිකාව ජනගත කිරීම” මැයෙන් ඊයේ(06) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර ශාලාවේදී පැවති උත්සවය සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ආරාධනා කොට තිබුණද …

Continue Reading

පත්තරේ දැක්ක ජනපති හද ගැස්සෙයි! සත පහකින් වත් පඩි වැඩි කරන්න නොදෙන බව තරයේ කියයි (වීඩියෝ)

මැති ඇමතිවරුන්ගේ පඩි වැඩි කරගැනීමට යෝජනා වී ඇතිබව තමා මේ ඉරිදා එන පත්තරයෙන් දුටු බවත්, එම පඩි වැඩි කිරීමේ යෝජනාවට තමා කැබිනට් මණ්ඩලයේදී ඉඩ නොදෙන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද(04) පොලොන්නරුවේ පැවති ජනහමුවක් අමතමින් කියා සිටියේය. වැඩි දුරටත් අදහස් දැක්වු ජනාධිපතිවරයා පැවසුවේ සත පහකින්වත් වැටුප් වැඩි කිරිමට කිසිදු අනුමතියක් ලබා නෙදෙන බවත්, කැබිනට් මණ්ඩලය තුළදී එම යෝජනාව සම්මත කිරීමට …

Continue Reading