පූර්ණ එකඟතාවයෙන් කරු අග්‍රාමාත්‍යධුරයට! පක්ෂ දෙකේම දැවැන්ත වෙනසක්! (Exclusive)

එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යේෂ්ඨ නායකයෙකු වන කරු ජයසුරිය මහතා වත්මන් යහපාලන රජයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස පත්කිරීම එක්සත් ජාතික පක්ෂයේ වත්මන් නායක සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ එකඟතාව හිමිව ඇති බවට වාර්තාවේ. මේ සමබන්ධයෙන් ඊයේ රාත්‍රීයේ සිට අද අලුයම දක්වා සාකච්ඡා පැවති අතර අවසානයේ වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තම ධුරයෙන් ඉවත්ව එය කරු ජයසුරිය මහතා අගමැතිවරයා ලෙස පත්කිරීමටත් සම්මුති වාදී …

Continue Reading

ඡන්දයෙන් පසු ආණ්ඩුවේ දැවැන්ත වෙනසක් ස්ථිරයි; සියලු සැලැසුම් සුදානම්..! (Exclusive)

මෙම පෙබරවාරී 10 වනදා පැවැත්වෙන පලාත් පාලන මැතිවරණයෙන් අනතුරුව ආණ්ඩුව තුළ දැවැන්ත වෙනස් කම් රාශියක් සිදු වීමට නියමිත බව අභ්‍යන්තර ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ. සිදුකළ යුතු වෙනස්කම් රැසක් පිළිබඳව මේ වන විට තමා තීන්දු කර තිබෙන බවත් එම සැලසුම් ක්‍රියාත්මක කිරීමට තමා පසුබට නොවන බවටත් ඒ සඳහා අවශ්‍ය කටයුතු තමා සුදානම් කොට ඇති බවත් පසුගියදා බණ්ඩාරගම පැවති ජනහමුවක් අමතමින් ජනාධිපතිවරයා …

Continue Reading

පක්‍ෂය කුමක්‌ වුවත් දූෂණයට, වංචාවට මම විරුද්ධයි – ජනාධිපති

ඉදිරියේදී පවත්වන පළාත් පාලන මැතිවරණයට පසු තේ සහ ගම්මිරිස්‌ ප්‍රති අපනයනය සම්පූර්ණයෙන්ම නවත්වා බීජ අර්තාපල් සඳහා 100% බදු සහනයක්‌ නියත ලෙස ලබා දීමට තමන් පියවර ගන්නා බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉකුත් 28 දා බදුල්ලේ පැවැති එජානි සන්ධානයේ පළාත් පාලන මැතිවරණ ජනතා රැලියක්‌ අමතා පවසා සිටියේය. බදුල්ල සේනානායක පිටියේ පැවැති එම ජනතා රැලියට එක්‌ව සිටි විශාල පිරිස අමතා ජනාධිපති මෛත්‍රිපාල …

Continue Reading

මට එදත්, අදත් න්‍යාය පත්‍ර නැහැ; චෞර ප්‍රභූ සන්ධාන වෙනුවට ශුද්ධ සන්ධානයක්‌ හදමු – ජනපති

මේ ආණ්‌ඩුව තුළ තමා යන්නේ අසීරු ගමනක්‌ බවත් දූෂණයට එරෙහිව කුමන අභියෝග පැමිණියත් ඊට මුහුණ දෙන බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවැසීය. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (26 දා) ජනාධිපති මන්දිරයේදී මාධ්‍ය ප්‍රධානීන් හා කර්තෘවරුන් හමුවූ අවස්‌ථාවේදීය. මාධ්‍ය ප්‍රධානීන් හා කර්තෘවරුන් හමුවේ වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ ජනාධිපතිවරයා මෙසේද පැවැසීය. පසුගිය අවුරුදු දහයේදී ශ්‍රී ලංකාව රුපියල් ට්‍රිලියන දහයක විදේශ ණය අරන් …

Continue Reading

බලකඳවුරු දෙදරවමින් ජනපති මෛත්‍රී සිය දෙවන මෙහෙයුම අරඹයි (Exclusive)

ශ්‍රී ලංකා දේශපාලනයේ ඓතිහාසික හැරවුම් ලක්ෂයක් වූ ජනවාරි 08 ප්‍රජාත්‍රන්තවාදී අරගලයේ නව හැරවුමක් සිදුකිරීමට සැලසුම් කරන බවට ඉතා විශ්වාසවන්ත කටයුතු අභ්‍යන්තර ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ. ඊට අදාළ මූලික ප්‍රවේශය ජනාධිපතිවරයා ගෙන ඇති බවට ඔහුගේ වත්මන් දේශපාලනය භාවිතාව තුලින් පිළිබිඹුවන අතර එය මෙරට දේශපාලන උඩු යටිකුරු කරන දේශපාලන මෙහෙයුමක් වනු ඇතිබවට දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ. වත්මන් ආණ්ඩුවේම ඇතැම් පාර්ශවයන් සහ …

Continue Reading

අගමැති, ජනපතිට එරෙහිව ගොස් යළි ඇනගනී! (විශේෂ)

මීට සති කිහිපයකට පෙර ජනාධිපතිවරයා ප්‍රසිද්ධියේ දැඩි අවවාදයක් සිදුකළේය. එනම් ‘කොළේ ඉරාගෙන, ඇඟේ හළාගෙන, අඬාගෙන තමා ළඟට නො එන ලෙසයි’. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මහබැංකු බැඳුම්කර කොල්ලයෙන් තම කොළේ ඉරාගෙන ඇඟේ හලාගෙන නොනැවතී තම මුළු ආත්මයම ඉවර කරගෙන අවසන්ය. එහෙත් අගමැතිවරයා ඉන් නොනැවතී ඊයේ යළිත් වරක් ගල උඩ පහරමින් හත් පළේ ගා ගත්තේය. රනිල් වික්‍රමසිංහ යනු මහත්මා දේශපාලනයේ සංකේතයක් බවට …

Continue Reading

ජනපති මෛත්‍රී තම ධුරකාලය විමසුවේ ඇයි..?

ජනතාවගේ ඡන්දයෙන් තේරී පත්වන ජනාධිපතිවරයකුට එම ධුරය දැරිය හැකි කාලසීමාව පිළිබඳව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට අනුව අර්ථ නිරූපනයක්‌ කරන්නැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක්‌ කර ඇත. ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 32 (2) ව්‍යවස්‌ථාවට අනුව 2015 ජනවාරි 09 දා ශ්‍රී ලංකාවේ ජනාධිපති වශයෙන් තේරීපත්ව එම ධුරයේ කටයුතු කරන තමාට ඉදිරියට වසර 06 ක්‌ එම ධුරය දැරීමට යම් බාධාවක්‌ තිබේ ද යන්න ජනාධිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට …

Continue Reading

ජවිපෙ අයත් ශ්‍රීලනිපයට

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත‍්‍රීවරුන් ඇතුළු සාමාජිකයින් 31 දෙනෙකු ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සහය පළකිරීමට එක්වූහ. ඒ අනුව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීන් 04 දෙනෙකු, පළාත් සභා මන්ත‍්‍රීන් 07 දෙනෙකු, ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීන් දෙදෙනෙකු හා ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයින් 18 දෙනෙකු ඊයේ (21) පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපතිතුමා හමුවී මෙලෙස සහය පළකරනු ලැබූහ. ජනාධිපතිතුමා විසින් ගෙන යන වැඩපිළිවෙළට …

Continue Reading

දීපු එක මහින්ද යළි ඉල්ලමින් යයි

පසුගිය ජනාධිපතිවරණයෙන් පරාජය වීමත් සමඟ මහින්ද රාජපක්ෂ අකමැත්තෙන් වුවත් තම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපතිකමින් ඉවත් වී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සභාපතිකම පවසා ඉවත්ව ගියේය. එහෙත් ඉන් පසු අවස්ථා ගණනාවකදී වේදිකා තුළ මහින්ද රාජපක්ෂ කියවන්නට ගත්තේ තමාගෙන් මෛත්‍රී ශ්‍රීලනිප සභාපතිකම උදුරාගත් බවයි. එහෙත් සත්‍යය නම් මහින්ද කරකියා ගන්නට යමක් නොමැතිව ශ්‍රීලනිප සභාපතිකම පිරිනමා යන්නට යෑමයි. එහෙව් මහින්ද යළි මැතිවරණය පැමිණි …

Continue Reading

විශ්‍රාමික රාජ්‍ය සේවකයන්ගේ දීමනා හා වරප්‍රසාද දිනා දීමට ජනපති සැරසෙයි

රාජ්‍ය සේවයේ සියලු විශ්‍රාමිකයන්ගේ ගැටලු නිරාකරණය කර දී ඔවුන්ගේ දීමනා හා වරප්‍රසාද දිනා දීමට ඉදිරි සතිය තුළ අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි ජනාධිපතිවරයා එ බව පැවසූවේ ඊයේ (17) හපුතලේ නගරයේ පැවැති පළාත් පාලන මැතිවරණයේ පළමු ජන හමුව අමතමිනි. මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පළමු ජන හමුව ලෙස ලංකා …

Continue Reading