බලකඳවුරු දෙදරවමින් ජනපති මෛත්‍රී සිය දෙවන මෙහෙයුම අරඹයි (Exclusive)

Spread the love

ශ්‍රී ලංකා දේශපාලනයේ ඓතිහාසික හැරවුම් ලක්ෂයක් වූ ජනවාරි 08 ප්‍රජාත්‍රන්තවාදී අරගලයේ නව හැරවුමක් සිදුකිරීමට සැලසුම් කරන බවට ඉතා විශ්වාසවන්ත කටයුතු අභ්‍යන්තර ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ.

ඊට අදාළ මූලික ප්‍රවේශය ජනාධිපතිවරයා ගෙන ඇති බවට ඔහුගේ වත්මන් දේශපාලනය භාවිතාව තුලින් පිළිබිඹුවන අතර එය මෙරට දේශපාලන උඩු යටිකුරු කරන දේශපාලන මෙහෙයුමක් වනු ඇතිබවට දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ.

වත්මන් ආණ්ඩුවේම ඇතැම් පාර්ශවයන් සහ ප.ප.වි.ජ.කු.පා.ම. මහින්ද රාජපක්ෂ මහතාගේ ඒකාබද්ධයේ පිරිස් එක්ව වංචා – දූෂණ යටගසමින් මෙම දූෂිත දේශපාලන ගමන ඉදිරියට ගෙන යෑමට සැලසුම් සකස් කරමින් සිටින බවට මේ වන විට අනාවරණය වෙමින් පවතී.

බැඳුම්කර කොල්ලයත්, රාජපක්ෂ රෙජීමයේ අයවලුන් සහ ඔවුන්ගේ සහචරයින් සිදුකළ දූෂණ සහ වංචාත් එකම කණ්ඩායමක් ලෙස එක්ව යටගසා ගැනීම සඳහා වන සැලැස්මක් වෙනුවෙන් මෙම දෙපාර්ශවයම එකඟ වී ඇත. එයට හොඳම උදාහරණය නම් ඒකාබද්ධය පුන පුනා ඉල්ලීම් කළ “බැඳුම්කර ජනාධිපති කොමිසම” සම්බන්ධයෙන් වන පාර්ලිමේන්තු විවාදය මෙම දෙපිරිසම එක්ව මැතිවරණයෙන් පසු විවාදයට ගැනීමට කල් දා ගැනීමයි.

මෙම තත්වය යටතේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තම අසිපත ගෙන එකවර සතුරු කඳවුරු දෙකක් සමඟ සටන් වැඳීමේ අති භයානක සටනකට මුලපුරා ඇති බව සඳහන්. එය ඔහු ඊයේ නිලවශයෙන් ජනතාවට හෙළිකර සිටියේය. මේ වන විට තත්වය පැහැදිලිය. හොරු සංවිධාත්මකව එක කඳවුරකය. ඔවුන් තම දූෂිත දේශපාලන අනාගතය පමණක් බාධාවකින් තොරව ඉදිරියට ගෙනයෑම වෙනුවෙන් සටන් වදී. සිරිසේන ජනාධිපතිවරයා එම දූෂිත දේශපාලන කඳවුරට එරෙහිව තමා ජනවාරි 08 වනදා ජනතාව ඉදිරියේ පොරොන්දු වූ “දූෂණයෙන්, පවුල්වාදයෙන් තොර යහපත් රටක් වෙනුවෙන්” සටන් වදින බව පවසයි.

ජනපති මෛත්‍රී කියන දෙය කෙතරම් ප්‍රායෝගික මෙන්ම, ගත වූ වසර 03 ක කාලය තුල ඔහු සිදුකළ ඇති දේ මොනවාද යන්න අප මෛත්‍රීගේ මෙම දෙවන මෙහෙයුම ගැන සිතීමට ප්‍රථම විමසා බැලිය යුතු යැයි හැඟේ.

මෛත්‍රී සිය පළමු මෙහෙයුම යටතේ, ඒකාධිපතිවාදයට පාර කපා තිබූ විධායක ජනාධිපතිධුරයේ අසීමිත බලතල කප්පාදු කරමින් 18 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරමින් 19 වන ව්‍යවස්ථා සංශෝධනය සිදුකළේය. ඒකාධිපති රාජපක්ෂ පාලනය යටතේ කලු පැල්ලම් එල්ල වී හුදකලා ව තිබූ ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයේ යළි ඔසවා තැබීය. රණවිරු දඩයම වෙනුවෙන් වූ ජාත්‍යන්තර යුදාධිකරණ, මහින්ද වාඩි වීමට දැගලු විදුලි පුටු ඉවත් කරවීය. ප්‍රජාත්‍රන්තවාදය ස්ථාපිත වී මාධ්‍ය නිදහස උදාවිය. ඒ ලද නිදහස කොතරම් අසීමිතය ද යත්, මෛත්‍රී ජනාධිපතිවරයාට සහ ඔහුගේම පවුලේ අය අද ඉන් අසීමිතව බැට කමින් සිටී. මේ මෛත්‍රීගේ පළමු මෙහෙයුමේ මේ වසර 03 ලද සුවිශේෂී දේවල් කිහිපයක් පමණකි.

කෙසේ හෝ දැන් ජනපති මෛත්‍රී සිය දෙවන මෙහෙයුම ඇරඹු බව සංඥා කොට අවසන්ය. ඔහුට එරෙහි ඇතැම් සතුරන් ඔහුගේ ආණ්ඩුවේම සිටින බවද පැහැදිලිය. මේ නිසාම මෛත්‍රීට පෙර සඳහන් කළ පරිදි එකවර සතුරු කඳවුරු දෙකක් සමඟ සටන් කිරීමට සිදුව ඇත. ඊට ඔහුට අවශ්‍ය අවංක දේශපාලන සහයක් කිසිඳු පාර්ශවයකින් ලැබෙන බවක් පෙනෙන්නට නම් නැත. එහෙත් මේ වන විට ඔහු වටා ජනතාව නම් රොඳ බඳිමින් සිටින බව නම් පෙනෙන්නට තිබේ. ඒ මෛත්‍රී මේ සටන් කරන්නේත්, සටන අරඹා ඇත්තේත් නිදහසින් පසු ජනතාව පැතූ දූෂණයෙන් දේශපාලනයෙන් තොර, වංචා-දූෂණවලින් තොර සමෘද්ධි දේශයක් ගොඩනැඟීම වෙනුවෙන් වූ සටනේ අවසන් මෙහෙයුම වෙනුවෙනි.

එම නිසා මෙවර පළාත් පාලන මැතිවරණය මීට පෙර බලාපොරොත්තු වූවාට වඩා අතිශය තීරණාත්මක මැතිවරණයක් වන බවට ඉතා පැහැදිලිය.

RSL

Related Posts