දීපු එක මහින්ද යළි ඉල්ලමින් යයි

Spread the love

පසුගිය ජනාධිපතිවරණයෙන් පරාජය වීමත් සමඟ මහින්ද රාජපක්ෂ අකමැත්තෙන් වුවත් තම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපතිකමින් ඉවත් වී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සභාපතිකම පවසා ඉවත්ව ගියේය. එහෙත් ඉන් පසු අවස්ථා ගණනාවකදී වේදිකා තුළ මහින්ද රාජපක්ෂ කියවන්නට ගත්තේ තමාගෙන් මෛත්‍රී ශ්‍රීලනිප සභාපතිකම උදුරාගත් බවයි.

එහෙත් සත්‍යය නම් මහින්ද කරකියා ගන්නට යමක් නොමැතිව ශ්‍රීලනිප සභාපතිකම පිරිනමා යන්නට යෑමයි. එහෙව් මහින්ද යළි මැතිවරණය පැමිණි කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිකම ඉල්ලමින් වේදිකා ගානේ සහ මයික්‍රෆෝන් ඉදිරියේ කියවන්නට පටන්ගෙන ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරය බාරගන්නා ලෙස ආරාධනා කළහොත් එය ප්‍රතික්ෂේප කිරීමට අවශ්‍යතාවක් නොමැති බවත්, ඒ සඳහා යම් සාකච්ඡාවක් සඳහා ආරාධනාවක් ලදහොත් ඊට තමන් කිසිඳු පැකිලීමකින් තොරව සහභාගී වන බවයි.

RSL

Related Posts