ඡන්දයෙන් පසු ආණ්ඩුවේ දැවැන්ත වෙනසක් ස්ථිරයි; සියලු සැලැසුම් සුදානම්..! (Exclusive)

Spread the love

මෙම පෙබරවාරී 10 වනදා පැවැත්වෙන පලාත් පාලන මැතිවරණයෙන් අනතුරුව ආණ්ඩුව තුළ දැවැන්ත වෙනස් කම් රාශියක් සිදු වීමට නියමිත බව අභ්‍යන්තර ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ. සිදුකළ යුතු වෙනස්කම් රැසක් පිළිබඳව මේ වන විට තමා තීන්දු කර තිබෙන බවත් එම සැලසුම් ක්‍රියාත්මක කිරීමට තමා පසුබට නොවන බවටත් ඒ සඳහා අවශ්‍ය කටයුතු තමා සුදානම් කොට ඇති බවත් පසුගියදා බණ්ඩාරගම පැවති ජනහමුවක් අමතමින් ජනාධිපතිවරයා විසින්ද අනාවරණය කර සිටියේය.

රටේ ආර්ථික කළමනාකරණයට ඝෘජුව මැදිහත්වෙමින් ජනතාවගේ ජීවන වියදම් පිළිබඳ ගැටලුවට විසඳුම් ලබාදී ඔවුන්ට සහන සැලසීමේ වැඩපිළිවෙළ ද, දේශීය කර්මාන්තයේ මෙන්ම කෘෂිකර්මාන්තයේ ඉදිරිගමන වෙනුවෙන් ගතයුතු තීන්දු තීරණ ද මෙම පෙබරවාරි 10 වනදායින් පසුව කි‍්‍රයාවට නංවන බව ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.

අප රටක් ලෙස ඉදිරියට ගමන් කිරීම මිස පසුපසට යාම සුදුසු නොවන බව පැවසු ජනාධිපතිවරයා පසුගිය සමයේ ඇතිවූ මහා ණය බරත් සමග මුහුණදීමට සිදුවූ ආර්ථික ගැටලුවලට විසඳුම් සොයමින් රට ඉදිරියට ගෙන යා යුතු බව ද කියා සිටියේය.

බලයේ සිටීමට වසර දෙකක් තිබියදී රට හමුවේ තිබූ ආර්ථික අර්බුදයට සහ ජාත්‍යන්තර ගැටලුවලට මුහුණදීමට නොහැකිව මැතිවරණයකට ගොස් පරාජය වූ හිටපු නායකයා නැවත ජනතාවගෙන් ආණ්ඩුවක් සෑදීමට බලය ඉල්ලන්නේ ශ‍්‍රී ලංකා මාතෘ භූමිය රටක් ලෙස යළි ආපස්සට ඇද දමමින් තනි පවුලක් විසින් රට පාලනය කරන යුගය නැවත නිර්මාණය කිරීමට නොවන්නේ දැයි මෙහිදී ප‍්‍රශ්න කළ ජනාධිපතිතුමා එම අවස්ථාවාදී දේශපාලන උත්සාහයන් පිළිබඳව රටේ ජනතාව අවබෝධයෙන් කටයුතු කළයුතු බව ද කියා සිටියේය.

කෙතරම් පක්ෂ බිහි වුවත් රටේ ජනතාවගේ පක්ෂය වූ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය මරා දැමීමට කිසිවෙකුට නොහැකි බව ද මෙහිදී අවධාරණය කළ ජනාධිපතිවරයා මෙම පෙබරවාරි 10 වනදා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ලබන ජයග‍්‍රහණයත් සමග යහපත් රාජ්‍ය පාලනයක් තුළ රටේ සංවර්ධන වැඩපිළිවෙළ කඩිනම් කරන බව ද සඳහන් කළේය.

මේ සඳහා අවශ්‍ය දේශපාලන පසුබිම දැනටමත් සැකසී අවසන් අතර සිදුවීමට යන දේශපාලන වෙනස මෙරට දේශපාලනයේ තවත් හැරවුම් ලක්ෂයක් නිර්මාණය කිරීමේ ඉඩකඩ නැතුවාම නොවන බවටද අභ්‍යන්තර තොරතුරු වාර්තා කරයි.

RSL

Related Posts