අගමැති, ජනපතිට එරෙහිව ගොස් යළි ඇනගනී! (විශේෂ)

Spread the love

මීට සති කිහිපයකට පෙර ජනාධිපතිවරයා ප්‍රසිද්ධියේ දැඩි අවවාදයක් සිදුකළේය.

එනම් ‘කොළේ ඉරාගෙන, ඇඟේ හළාගෙන, අඬාගෙන තමා ළඟට නො එන ලෙසයි’. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මහබැංකු බැඳුම්කර කොල්ලයෙන් තම කොළේ ඉරාගෙන ඇඟේ හලාගෙන නොනැවතී තම මුළු ආත්මයම ඉවර කරගෙන අවසන්ය. එහෙත් අගමැතිවරයා ඉන් නොනැවතී ඊයේ යළිත් වරක් ගල උඩ පහරමින් හත් පළේ ගා ගත්තේය.

රනිල් වික්‍රමසිංහ යනු මහත්මා දේශපාලනයේ සංකේතයක් බවට පත් වූ චරිතයක් බව බොහෝ දෙනා පිළිගන්නා කරුණකි. එහෙත් එම මහත්මා චරිතයේ සැබෑ නිරුවත ඊයේ රටක් නොව ලොවක් ඉදිරියේ ප්‍රදර්ශනය විය.

මහා ප්‍රජාතන්ත්‍රවාදී නායකයාණන් යැයි පාක්ෂියකින් වන්දනාමාන කළ තම නායකයා ප්‍රතිවිරුද්ධ මතවාදයක් දරාගත නොහැකිව, මෙසේ හැසිරෙතැයි කිසිවෙකු සිතුවේ නැත. එහෙත් රනිල් වික්‍රමසිංහ තමාට අන් ප්‍රතිවිරුද්ධ ඉවසා දරා ගත නොහැකිව වියරු වැටෙන අයෙකු බව ඊයේ(10) ඔප්පු කළේය.

ඊයේ දිනයේ අගමැති රනිල් වික්‍රමසිංහ තම කොළේ ඉරාගෙන ඇඟේ හලා ගත්තේය. රනිල් ඔහුගේ හැසිරීම තුළින් කොළය ඉරාගත් අතර, ‘කවුද හොරා, කවුද හොරා’ කියා වියරුවෙන් කෑ ගසමින් ඔහු එය තම ඇඟේ හලා ගත්තේය. රනිල් වික්‍රමසිංහට මෙතෙක් ගරු කළ අය සහ ඔහුගේ අනුගාමිකයින් පවා ඔහුගේ මෙම පහත් හැසිරීම හෙළාදැක විවේචනය කර තිබෙනු දක්නට ලැබිණ.

RSL

Related Posts