රුසියානු ගොඩබිම් හමුදා ප්‍රධානී සහ ජනපති අතර හමුවක්
රුසියානු ෆෙඩරේෂනයේ ගොඩබිම් හමුදාවන්හි සේනාධිනායක සල්යුකොව් ඔලෙග් මහතා (Sඅලිඋකොව් Oලෙග්) අද (05) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවිය. පසුගිය 03 වනදා දිවයිනට පැමිණි ඔහු 72 වන ජාතික නිදහස් දින උළෙලේ විශේෂ ආරාධිත අමුත්තෙකු ලෙස ද සහභාගී විය. ජෙනරාල් ඔලෙග් මහතා සමග දිවයිනට පැමිණි රුසියානු හමුදාවන්හි ඉහළ පෙළේ නියෝජිත පිරිස ද අද පැවති හමුවට එක්ව සිටියහ.
Continue Reading
කන්න දුන් අත ගෝඨා හපා කයි! මහින්දට සහ බැසිල්ට එරෙහිව ගෝඨාගෙන් බර අවි ප්‍රහාර..! කොන්ත්‍රාත්තුව අබේතිස්ස හිමිට..!
හිටපු ජනාධිපති සහ වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ නොමැති නම් ගෝඨාභය රාජපක්ෂ කෙනෙකු ලොවෙත්, ලොවි ගහෙත් නැති බව අමුතුවෙන් කිව යුතු නොවේ. එසේම ජනාධිපතිවරණයට බැසිල් රාජපක්ෂගේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත්, සහයට පැමිණි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් නොතිබුණි නම් ගෝඨාභයට ජනාධිපතිවරණ ජයග්‍රහණය සිහිනයක්ම පමණක් වන පක්ෂ, විපක්ෂ සියල්ලන් දන්නා සත්‍යයයි. එහෙත් සියලු පාර්ශවයන්ගේ උර මතින් බලයට පැමිණි ජනපති ගෝඨා දැන් එම පක්ෂවල …
Continue Reading
ගෝඨාගේ ආණ්ඩුවේ දේශපාලන දඩයම දිගටම සහ සැරටම.. අලුත් නොකළ ගිනි අවි බලපත්‍රයකට මුවා වී එදා ගෝඨාට බැට දුන් රන්ජන් අත්අඩංගුවට..!
රට වැසියන්ගේ අතමිට සරු රටක්, විනය ගරුක රටක්, සුරක්ෂිත සංවර්ධිත දේශයක් හදන බවට වැල් බයිලා ගසමින් බලයට පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මේ වන විට සිදුකරමින් සිටින්නේ තමාට එරෙහිව එදා දේශපාලන වේදිකාවේ සටන් කළ දේශපාලඥයින් සහ මාධ්‍යවේදීන් දඩයම් කිරීම බව මේ වන විට ගෝඨාට ඡන්දය දුන් සහ නොදුන් ජනතාවට ඔහුගේ ක්‍රියාකලාපය තුලින්ම ඔහු ඇස් පනා පිට ඔප්පු කරමින් සිටින බවක් පෙනීයයි. …
Continue Reading
ගෝඨාගේ වියත්මඟට පොහොට්ටුවේ විරෝධය!
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට හිතවත් වියත් මග සංවිධානයේ සාමාජිකයන් ලෙස සිටි පිරිසක් ශ‍්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ සාමාජිකත්වය දරන කිසිදු පක්ෂයක සාමාජිකත්වය නොගෙන ඉදිරි මහමැතිවරණයට අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් වීමට බලාපොරොත්තුවෙන් සිටීම පිළිබඳව එම සන්ධානයේ පක්ෂ නායකයන් අතර විරෝධයක් මතුවී තිබේ. විශ්වවිද්‍යාල ආචාර්යවරු, වෘත්තිකයෝ හා හිටපු හමුදා නිලධාරීහු පිරිසක් මෙලෙස ඉදිරි මහමැතිවරණයට ඉදිරිපත් වීමට බලාපොරොත්තු වෙති. සෑම දිස්ත‍්‍රික්කයකින්ම අපේක්ෂකයන් දෙදෙනා බැගින් …
Continue Reading
නව ආණ්ඩුවේ රාජ්‍ය හා නියෝජ්‍ය ඇමතිවරු ලෙස තවත් 38ක් දිවුරයි
නව ආණ්ඩුවේ රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම්දීමේ උත්සවය මේ වනවිට ආරම්භ කර ඇත. ඒ අනුව, ආණ්ඩුවේ රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් මීට සුළුවේලාවකට පෙර දිවුරුම් දීම ආරම්භ කළේය. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේ දීය. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දිවුරුම් දීමේ උත්සවයට සහභාගී වී ඇත. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ නව රාජ්‍ය හා නියෝජ්‍ය ඇමතිවරු දිවුරුම් දෙනු ලැබීය. …
Continue Reading
කොහෙවත් සිටි අය ඇමතිවරු වෙද්දී ගෝඨාභය ජනපති කරන්න රෙදි නැතිව කඩේ ගිය ගම්මන්පිලට මුකුත් නැති තැන හිතේ දුකට රාජපක්ෂවරු දෙපල වෙත ලියූ කතාන්දරය
ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂකයෙකු කිරීම සඳහා 2016 වසරේදී ඇරඹි ව්‍යාපෘතියේ සිටි කිහිපදෙනා අතරේ ප්‍රධාන සාමාජිකයෙකු වූ පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා ඇමතිකමක් ලබාගැනීම වෙනුවෙන් සිදුකළ සටන අද(22) හිමිදිරි පාන්දර පරාජිතව අත්හැර දැමීමට ඔහුට සිදු වූ බව දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි. ජනපති ගෝඨාභය, අගමැති මහින්ද, සංවිධායක බැසිල් යන තුන් බෑ රාජපක්ෂවරුන් ඉදිරියේ දැඩි ඇවටිලි කිරීම් කළද එම …
Continue Reading
මහ මැතිවරණයෙන් පසු ලොකු වන දැනට පුංචියට මවා පෙන්වන ජනපති ගෝඨාභයගේ වියපත් කැබිනට්ටුව..(වීඩියෝ)
මහ මැතිවරණයට යන තෙක් ජනතාවට සියල්ලටම වඩා පරමාදර්ශී ලෙස කටයුතු කිරීමට උත්සහ ගන්නා වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ මහින්ද රාජපක්ෂගේ ප්‍රමුඛ රාජපක්ෂවරුන්ගේ ආණ්ඩුවේ පළමු කැබිනට්ටුව අද(22) 16 දෙනෙකුට සීමා කරමින් පත්කළ ද මහ මැතිවරණයෙන් පසු එහි ඇමතිවරු, නියෝජ්‍ය ඇමතිවරු සහ රාජ්‍ය ඇමතිවරු සංඛ්‍යාව 80 ත් 110 ත් අතර ප්‍රමාණයකින් ඉහළ යනු ඇති බවට වාර්තාවේ. පළමු කැබිනට්ටුව දස දෙනෙකුට සීමා කිරීමට …
Continue Reading
“සිංහල ඡන්දයෙන් පමණක් ජයගත හැකි යයි මා කල් තියා දැන සිටියා..! – සිංහල බෞද්ධ ඡන්දයෙන් ජයගත් ගෝඨාභය, දුටුගැමුණු රජ පහස ලද රුවන්මැලි සෑ රජුන් අහියස දී කියයි
ගෝඨාභය රාජපක්ෂ රටේ 7 වන ජනාධිපතිවරයා ලෙස අද රුවන්වැලි සෑ සලපතල මළුවේ දී අගවිනිසුරු ජයන්ත ජයසූරිය ඉදිරියේ දිව්රුම් දුන්නේ ය. ඒ අවස්ථාවට වත්මන් ජනාධිපති ලේකම් උදය ආර් සෙනෙවිරත්න ද සහභාගී විය. දිව්රුම් දීමෙන් අනතුරුව ගෝඨාභය කළ මංගල ජාතිය ඇමතීමේ දී සිංහල ඡන්ද වලින් පමණක් ජනාධිපතිවරණයක් ජයග්‍රහණය කළ හැකි යයි තමන් කල් තියා දැන සිටි බව පැවසීය. ඉන් ඔහු නොකියා කීවේ …
Continue Reading
ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සියලු කරුණු එලෙසින්ම ඉටු කරනවා – ජනපති සටන ජයගත් ගෝඨාභය කියයි
මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කළ සියලු කරුණු තම ධූර කාලය තුළ ඒ අයුරින් ම ඉටු කරන බව මෙරට හත් වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත් වු ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය. 2019 ජනාධිපතිවරණයේ අවසන් ප්‍රතිඵල නිකුත් කිරීම සඳහා මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ දී පැවැති මාධ්‍ය හමුවෙන් අනතුරුව ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (17) මේ බව පැවසීය. මෙරට ජනතාව තමන් කෙරෙහි තැබූ විශ්වාසය …
Continue Reading
ගෝඨාභයගේ ජයග්‍රහණයට අමෙරිකාවෙන් සුභ පැතුම්..!
ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ජනාධිපතිවරයකු තෝරා පත් කරගත් ශ්‍රී ලාංකික ජනතාවට සුබ පැතුම් එක් කරන බවත් තේරී පත්වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවත් ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ඇලෙයිනා බී. ටෙප්ලිට්ස් මහත්මිය ප්‍රකාශ කරයි. ශ්‍රී ලංකාවේ හත්වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ ගෝඨාභය රාජපක්ෂ මහතාට සුබ පැතුම් එක්කරමින් ඇමෙරිකානු තානාපතිවරයා ඒ බව සඳහන් කර ඇත. ඇමෙරිකානු තානාපතිවරිය ට්විටර් පණිවුඩයක් …
Continue Reading