නව ආණ්ඩුවේ රාජ්‍ය හා නියෝජ්‍ය ඇමතිවරු ලෙස තවත් 38ක් දිවුරයි

Spread the love

නව ආණ්ඩුවේ රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම්දීමේ උත්සවය මේ වනවිට ආරම්භ කර ඇත.

ඒ අනුව, ආණ්ඩුවේ රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් මීට සුළුවේලාවකට පෙර දිවුරුම් දීම ආරම්භ කළේය.

ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේ දීය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දිවුරුම් දීමේ උත්සවයට සහභාගී වී ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ නව රාජ්‍ය හා නියෝජ්‍ය ඇමතිවරු දිවුරුම් දෙනු ලැබීය.

ඒ අනුව පළමුව රාජ්‍ය අමාත්‍යවරුන් ජනපති ඉදිරියේ දිවුරුම් දෙනු ලැබීය.

ඒ අනුව දිවුරුම් දෙනු ලැබු රාජ්‍ය අමාත්‍යවරුන් මෙසේය,

  1. චමල් රාජපක්ෂ මහතා – ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය 
  2. වාසුදේව නානායක්කාර මහතා – ජල සම්පාදන පහසුකම් රාජ්‍ය අමාත්‍ය 
  3. ගාමිණී ලොකුගේ මහතා – නාගරික සංවර්ධන රාජ්‍ය අමාත්‍ය 
  4. මහින්ද යාපා අබේවර්ධන මහතා- වාරි මාර්ග හා ග්‍රාමීය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය 
  5. එස්.බී. දිසානායක මහතා – ඉඩම් හා ඉඩම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය 
  6. ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා – ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය 
  7. මහින්ද සමරසිංහ මහතා – රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය 
  8. සී.බී. රත්නායක මහතා – දුම්රිය සේවා රාජ්‍ය අමාත්‍ය 
  9. ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා – තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය 
  10. සුසන්ත පුංචිනිලමේ මහතා – කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය 
  11. අනුර ප්‍රියදර්ශන යාපා මහතා – අභ්‍යන්තර වෙළඳ සහ පාරිභෝගික සුබ සාධන රාජ්‍ය අමාත්‍ය 
  12. සුසිල් ප්‍රේමජයන්ත් මහතා – ජාත්‍යන්තර සහයෝගීතා රාජ්‍ය අමාත්‍ය 
  13. ප්‍රියංකර ජයරත්න මහතා – දේශීය වෛද්‍ය සේවා රාජ්‍ය අමාත්‍ය 
  14. රංජිත් සියඹලාපිටිය මහතා – අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය 
  15. මහින්දානන්ද අලුත්ගමගේ මහතා – විදුලිබල රාජ්‍ය අමාත්‍ය 
  16. දුමින්ද දිසානායක මහතා – තරුණ කටයුතු රාජ්‍ය අමාත්‍ය 
  17. රෝහිත අබේගුණවර්ධන මහතා – බලශක්ති රාජ්‍ය අමාත්‍ය 
  18. දයාසිරි ජයසේකර මහතා – කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය 
  19. ලසන්ත අලගියවන්න මහතා – රාජ්‍ය කළමනාකරණ සහ ගිණුම් කටයුතු රාජ්‍ය අමාත්‍ය 
  20. කෙහෙළිය රඹුක්වැල්ල මහතා – ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය 
  21. අරුන්දික ප්‍රනාන්දු මහතා – සංචාරක ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය 
  22. තිලංග සුමතිපාල මහතා – තාක්ෂණික හා නවෝත්පාදන රාජ්‍ය අමාත්‍ය 
  23. මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහතා- මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය 
  24. විජිත බේරුගොඩ මහතා – කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය 
  25. රොෂාන් රණසිංහ මහතා – මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය 
  26. ජානක වක්කුඹුර මහතා – අපනයන කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය 
  27. විදුර වික්‍රමනායක මහතා – කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය 
  28. ෂෙහාන් සේමසිංහ මහතා – සංවර්ධන බැංකු සහ ණය යෝජනා රාජ්‍ය අමාත්‍ය 
  29. කනක හේරත් මහතා – වරාය සංවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය 
  30. දිලුම් අමුණුගම මහතා – ප්‍රවාහන සේවා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය 
  31. ලොහාන් රත්වත්තේ මහතා  – මහාමාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය 
  32. විමලවීර දිසානායක මහතා – වනජීවි සම්පත් රාජ්‍ය අමාත්‍ය 
  33. ජයන්ත සමරවීර මහතා – පරිසර රාජ්‍ය අමාත්‍ය 
  34. සනත් නිශාන්ත පෙරේරා මහතා – ධීවර සහ මිරිදිය මත්ස්‍ය කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය 
  35. තාරක බාලසූරිය මහතා – සමාජ ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය 

    ඒ අනුව නියෝජ්‍ය අමාත්‍යවරුන් තිදෙනෙකුද ජනපති ඉදිරියේ දිවුරුම් දෙනු ලැබීය.
  36. නිමල් ලාන්සා මහතා – ප්‍රජා සවිබලගැන්වීම් සහ වතුයටිතල පහසුකම් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය 
  37. කංචන විජේසේකර මහතා  – ධීවර හා ජලජ සම්පත් නියෝජ්‍ය අමාත්‍ය 
  38. ඉන්දික අනුරුද්ධ මහතා – රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය 

මීට පෙර අමාත්‍යවරුන් ලෙස 15 දෙනෙකු පසුගිය සතියේ දිවුරුම් දුන්හ. ඒ අනුව සමස්ත අමාත්‍යවරුන් සංඛ්‍යාව 53 දක්වා ඉහළ යනු ඇත.

RSL

Related Posts