මේක ඉවර වෙන්නේ නිව්යෝක්වල එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් – රනිල්

“මේක ඉවර වෙන්නේ, නිව්කෝර්ක්වල එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් කියලා මම මතක් කරන්න කැමතියි“ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ පැවසුවේ ඊයේ(10) සරත් ෆොන්සේකා මහතාගේ මානව හිමිකම් උල්ලංඝනය කිරීමට එරෙහිව එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඉදිරිපත් කිරීමට අත්සන් දස ලක්ෂයක් ලබා ගැනීමේ වැඩසටහන ආරම්භ වූ අවස්ථාවේදීය. එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පළාත් සභා මන්ත්‍රීවරුන් සෙසු පක්ෂ නායකයින් පිරිසක් සහ සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් …

Continue Reading

බන්ධනාගාර නිලධාරීනුත් මර්වින් සිල්වට බයයි – සරත් ෆොන්සේකා

“බන්ධනාගාර නිලධාරීනුත් මර්වින් සිල්වට බයේ කැමරා අරන් විසි කරන්න හදනවා“ සරත් ෆොන්සේකා මහතා මෙසේ පැවසුවේ අද කොළඹ පුද්ගලික රෝහලකට වෛද්‍ය ප්‍රතිකාර සඳහා රැගෙන ආ අවස්ථාවේදීය. එහිදී අදහස් දැක්වූ සරත් ෆොන්සේකා මහතා මෙසේද පැවසීය. “ලෝකය පුරා ඒකාධිපතියෝ ජාත්‍යන්තරය එකතුවෙලා එලෙව්වා. ලංකාවෙත් ඒකාධිපතිව එලවන්න අපි ජාත්‍යන්තරයේ පිහිට ගන්නවා. ජයවේවා. මර්වින් සිල්වාට බයේ දැන් බන්ධනාගාරේ අය කැමරා ඔක්කෝම විසි කරන්න හදනවා. ඒකත් දාන්න”

Continue Reading

කුකුළුවෝ හරහට යන ගමන් පැටවුන්ට කෙලින් යන්න කියනවා – සරත් ෆොන්සේකා

“මාව හිර කරලා තියන්න දඟලන දේශපාලඥයා කියනවා ජනතාවට වෛරය, ක්‍රෝධය ඉවත දාලා එකමුතු වෙන්නලු. කකුළුවෝ හරහට යනවා පැටවුන්ට කෙලින් යන්න කියනවා. කුඩු විකුණන මන්ත්‍රී කියනවලු මට කතා කරන්න බැහැ කියා. එයාට කුඩු විකුණන්න පුළුවන් නම් අපිට කතා කරන්න බැරි ඇයි? ජයවේවා” යැයි සරත් ෆොන්සේකා මහතා පැවසුවේ උරහිසේ ආබාධයට ප්‍රතිකාර ගැනීමට ඊයේ(07) කොළඹ පෞද්ගලික රෝහලකට ගෙන ආ අවස්ථාවේ මාධ්‍යයට අදහස් දක්වමිනි. …

Continue Reading

ජෙනරාල් මහින්දගෙන් සමාව ගනීවිද ? – පාඨක ලිපියකි –

ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට සමාව ලබාදිය හැක්කේ මහින්ද රාජපක්ෂ මහතාට පමණක් බවත් ඔබාමාටවත් ඒ සඳහා මැදිහත් වීමට කිසිදු අයිතියක් නැති බවත් පවසමින් අමාත්‍ය මර්වින් සිල්වා මහතා කල කතාවක් මාධ්‍ය මගින් ප්‍රචාරය විය. ජනමාධ්‍ය ඔස්සේ එවැනි කතාවක් ප්‍රචාරය වීම හා එයට මහත් ඉඩ කඩක් ලබාදීමට රජයේ මාධ්‍ය ක්‍රියාකිරීමද අතිශය කණගාටුදායක කරුණකි. මන්ද යත් එමගින් රටේ පාලනය හොබවන රාජපක්ෂ වරුන්ගේත්, ඔවුන්ට ආවඩන …

Continue Reading

ආණ්ඩුවේ ‘අවනීතියට‘ එරෙහිව බහුජන විරෝධතා ව්‍යාපාරයක් අරඹනවා – එජාපය

ආණ්ඩුවේ ‘අවනීතියට’ එරෙහිව ලබන වසරේ ජනවාරියේ බහුජන විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කරන බව එක්සත් ජාතික පක්ෂය පවසයි. ඒ අනුව ජනතාව මහපාරට කැඳවන දීපව්‍යාප්ත මට්ටමේ උද්ඝෝෂණ මාලාවක් සංවිධානය කිරීමට තීරණය කර ඇති බව කුණ්ඩසාලේ ප‍්‍රදේශයේ ඊයේ(03) පැවති උත්සවයකට එක්වෙමින් එම පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර තිස්ස අත්තනායකමහතා කියා සිටියේය. තවද, හිටපු යුධ හමුදාපති සරත් ෆොන්සේකා මහතා නිදහස් කරන ලෙස ආණ්ඩුවට බල කරමින් …

Continue Reading

සදාචාරාත්මක ජනහිතවාදී දේශපාලන සංස්කෘතියක් අපි ගේනවා – සරත් ෆොන්සේකා

“ සදාචාරාත්මක ජනහිතවාදී දේශපාලන සංස්කෘතියක් අපි කවදා හරි ගේනවා “ යැයි සරත් ෆොන්සේකා මහතා පවසයි. ඒ මහතා මෙසේ පැවසුවේ කොළඹ මහාධිකරණයේ විභාග වන හයිකෝප් නඩුවට ඊයේ(02) පැමිණ අධිකරණයෙන් පිටවෙද්දි මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. “ අර මට ඉඩිඅමින්, හිට්ලර් කිව්ව බෝධිසත්ත්වයා දැන් මමයි මගේ පවුලෙනුයි පලිගන්නවා. මේ දූෂිත දේශපාලන සංස්කෘතිය ඉවර කරලා සදාචාරාත්මක ජනහිතවාදී සංස්කෘතියක් අපි කවදා හරි ගේනවා ජනතාව ඒ …

Continue Reading

සංශෝධන සහිතව ප්‍රකාශය කරන්නේ නෑ – රනිල්

තම විශේෂ ප‍්‍රකාශය පාර්ලිමේන්තු මහලේකම් විසින් කපාකොටන ලදැයි චෝදනා කරමින් විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා එම ප‍්‍රකාශය අද (01)  නොකළේය. මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයට ශ්‍රී ලංකාව අත්සන් තබා තිබීමත්, සරත් ෆොන්සේකා මහතාට ලබා දී ඇති අධිකරණ තීන්දුවටත් අදාලව විශේෂ ප්‍රකාශයක් කිරීමට රනිල් වික්‍රමසිංහ මහතා විසින් 29 වන දින සූදානම් වුවද ඊට ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් විරෝධය පෑම නිසා පාර්ලිමේන්තු …

Continue Reading

එජාපයේ විරෝධතාවට සහභාගීවූවන්ට ගෞරවය පුද කරනවා – සරත් ෆොන්සේකා

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ විරෝධතාවට තමාගේ ප්‍රශංසාව හිමි වන බව හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා පැවසූවේය. ඊට සහභාගී වූ සියල්ලන්ටම තමාගේ ගෞරවය හා ප්‍රණාමය හිමිවන බවද ඒ මහතා පැවසීය. ඒ මහතා මේ බව පැවසූයේ හයිකෝප් නඩු විභාගය අවසන්වීමෙන් පසු අධිකරණ භූමියෙන් පිටව යද්දී මාධ්‍යය අමතමිනි. එමෙන්ම ඒ මහතා  පැවසූයේ මට ආණ්ඩුවෙන් දීපු පර්චස් 35 ත් පොලීසිය යොදවා බලෙන් …

Continue Reading

සරත් ෆොන්සේකාට නිදහස පතා මහා ජනගඟක්

හිටපු යුද  හමුදාපති සරත් ෆොන්සේකා ඇතුළු දේශපාලන සිරකරුවන් වහා නිදහස් කිරිමට රජයට බල කිරිම ඇතුළු අරමුණු කිහිපයක් මුල් කර ගනිමින් එක්සත් ජාතික පක්ෂය සංවිධානය කල විරෝධතා පාගමනට සහ හයිඩ් පිටියේ පැවති ජනරැලියට අද (29) පස්වරුවේ දහස් ගණනක ජනතාවක් සහභාගිවී සිටියහ. එ.ජා.ප. නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, විහාර මහාදේවී උද්‍යානය අසලින් පාගමන ඇරඹිණි. බන්ධනාගාරගතව සිටින හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා …

Continue Reading

ෆොන්සේකා ගැන කතා කරන්න ගිය රනිල්ට වාරණයක්

සරත් ෆොන්සේකා මහතාගේ මානව හිමිකම් කඩවීම් පිළිබදව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග යටතේ විශේෂ ප්‍රකාශයක් කිරීමට අද (29) උත්සාහ කළ අවස්ථාවේදී ආණ්ඩු පක්ෂය ඊට දැඩි ලෙස විරෝධය දැක්වීය. එම ප‍්‍රශ්නය ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ මන්තී‍්‍රවරුන් දැක්වූ විරෝධතා හමුවේ සභාව තුළ උණුසුම්කාරී තත්වයක් මතුවිය. එහිදී මහාචාර්ය ජී.එල්. පීරිස්, දිනේෂ් ගුණවර්ධන, නිමල් සිරිපාල ද සිල්වා යන ඇමැතිවරු විරෝධය …

Continue Reading